ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර දඹුලු ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවසන් එක්දින තරඟය බැලීමට ටිකට් නැතැයි කියමින් පිරිසක් කුරුනෑගල - කොළඹ පාර හරස් කරගෙන විරෝධතාවක් ආරම්භ කළහ.
දඹුලු ක්‍රීඩාංගනයේ ආසන විසි දහස සඳහා ටිකට් විකිණී අවසන් බව පෙර දින රාත්‍රී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කෙළ්ය. මීට පෙර පැවැති තරඟය බැලීමට ද මහ පිරිස් ඇතුළු වීම නිසා ක්‍රීඩාංගනයේ ප්‍රශ්න ඇති විය.
ගියවර තරඟයට පිරිසක් බලෙන් ගේට්ටුවලින් ඇතුළු වූ බවත්, හතලිස් දහසක් පමණ සෙනඟ එහි සිටි බවත් වාර්තා වේ.
පාරේ විරෝධය පාන පිරිස කියා සිටිනුයේ තරගය නැරඹීමට ඇතුළට යෑමට ඉඩ දෙන තෙක් නොනැගිටින බවයි.
මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇති වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කොඩිය බිම දමා ඒ මත සැතපීම අගෞරවනීය දෙයක්. ජාතික කොඩියට ගෞරව කළයුතු ආකාරය රූපවාහිනී වලින් හෝ පෙන්වාදිය යුතුයි. (නි)
මෙතන අදහස් දාලා තියෙන හැම කෙනාම එකම පැත්තක් විතරයි බලලා තියෙන්නේ. හොඳට හිතලා බලන්න දඹුල්ල වගේ පළාතක ඉන්න ක්‍රීඩාලෝලීන්ට ක්‍රිකට් බලන්න කොළඹ එන්න බැහැනේ. ඉතින් මෙතැනදී ඔක්කොම ටිකට් අන්තර්ජාලයෙන් විකුණුවම දඹුල්ලේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ට කොහෙන්ද ටිකට්. ඒ අහිංසක මිනිසුන්ට අන්තර්ජාලයෙන් ටිකට් ගන්න බැහැ. අඩුම ගණනේ ඇයි ටිකට් වලින් බාගයක්වත් ගේට්ටුවේදී විකුණන්න ඉතුරු කරගත්තේ නැත්තේ. එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් ඔක්කොම විකුණන්නේ නැතුව බාගයක් හරි දින කීපයකට කලින්හරි දඹුල්ලේම තියාගෙන විකුණන්න තිබුනා නේද. එහෙම වුණා නම් තත්වය ටිකක් හරි හොඳවෙනවා නේද. (නි)
බොරු වැඩ කරන්න එපා.(හේ)
තමන්ගේ යථා ස්වරූපය විදෙස් රටවලට ප්‍රදර්ශනය කළ තවත් අවස්ථාවක්. වැදගත් ක්‍රීඩාලෝලීන් මෙහෙම හැසිරෙන්නේ නැහැ. (නි)
යන්නකෝ කිලිනොච්චියට, බොරු දේවල් වලට උද්ඝෝෂණ කරන්නේ නැතුව. (නි)
ඔන්න ඔය වගේ වෙලාවකට තමයි පොලිසියට අලුතින් ගෙනාපු බැටන්පොලු ,කඳුළු ගෑස් හොඳද කියල පරීක්ෂා කරලා බලන්න ඕනේ (බ)
රටේ නම කන මෝඩයෝ ටිකක්. (බ)
පිස්සු යක්කු බලපියව්කෝ ගිහිල්ල ටීවී එකෙන් වදයක් නොවී (බ)
උපාධි ලබන රටක දියුණුයි කියන පුද්ගලයින් කරන්නේ මෙවැනි වැඩ නම්, ඊට පහළ අධ්‍යාපනයක් සහිත පිරිස් මෙවැනි වැඩ කිරීම පුදුමයක් නොවෙයි. නීතියක් නැති රටකට කිසි දිනෙක අධාත්මික හෝ සමාජීය දිවුනුවක් ඇත කර ගැනීමට නොහැක. මෙය මුළු මහත් සමාජයේම කඩා වැටීම පිළිබිඹු කරන්නක් මිස මෙතන පවතින වැරද්දක් නොවේ. (බ)
ඉන්දියාවේ ජරා පුරුදු මෙහෙ ගෙන්න එපා.(අ)
ටිකට් දුන්නා නම් හරි ඔක්කොටොම දවස් 2-3 කට පස්සේ ගෙදර යනකොට කපාගන්න (බ)
ඉස්කෝලයකට වැස්සකටවත් නොගිය පිරිසකගේ නොමනා හැසිරීමක් (බ)
මාරාන්තික උපවාසයක් කරන්න ඕන වැඩක්නේ.(බ)