නිතී විද්‍යාලයයේ අවසන් නීතීඥ විභාගයේ ප්‍රශ්න පත්‍ර සිංහල දෙමළ භාෂාවලින් ලබා දීම නතර කැර ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් නිකුත් කිරීමට විරෝධය දක්වමින් සමස්ත ලංකා නීතී ශිෂ්‍ය ව්‍යාපාර කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (09) පැවැත්විණි.
ඔවුන් කොල්ලුපිටියේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කැර ඇති නමුත් ඕල්කට් මාවතේ ටෙලිකොම් ආයතන ආසන්නයේදී පොලීසිය ඔවුන්ගෙන් ගමන නතර කළහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම කළත් අවසානයේ ඉංග්‍රීසියෙන් වැඩ කරන්න වෙනවා. ලෝකයත් එක්ක වැඩකරන්න නම් ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම ඕනෑ (නි)
කෝ මේ වාසු! (ස)
රාජ්‍ය බාෂාව සිංහල උනාට පර ගැතියන්ගේ භාෂාවට මුල් තැන දුන්නේ රට ජාතියේ පිරිහීමේ ලක්ෂණ ඉස්මතු කරවීමට ද (නදී)
රෝම ලන්දේසි නීතිය මේ රටේ තියෙනතාක් කල් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න දරුවනේ. අපේ නීතියක් ආ දාට අපි දේශීය භාෂාවලින් ඉගෙන ගනිමු.(දිල්)
ඔකේ ඉතින් ඇත්ත කතාව වනම් මේකයි. ඔය විභාගෙ ඉංග්‍රිසි බාසාවෙන් ලියන්නෙ මොන ජාතියෙ අයද කියලා පොඩ්ඩක් හොයලා බලන්නකෝ. නීතිය භාර ඇමතිතුමා කාලෙක ඉදන් ගොඩක් අමුතු වැඩ කරනවනෙ නීති විද්යාලෙට.. සිංහල අය බහුතරය ඔය විභාගෙ ලියන්නෙ සිංහලෙන්. දෙමල අය දෙමලෙන් ඉංග්‍රිසි බාසාවෙන් ලියන්නෙ බහුතරය ඇමතිතුමාගෙ කට්ටිය. (නදී)
වෘත්තීමය වශයෙන් තම තමන්ගේ තත්වය හදාගැනීමට ඉංග්‍රීසි භාෂාව වැදගත් වූව ද නීතීඥයකු වීමේ අයිතිය ඉංග්‍රීසි පිට දාලා කප්පාදු කිරීම උගත් මෝඩයින්ගේ තවත් වෑයමක් ගමෙන් එන අහිංසක දක්ෂ උගත් දරුවන් නීතී ක්ෂේත්‍රයෙන් ඉවත් කර ධනපති පැලැන්තියේ ඉංග්‍රීසි පුළුවන් අධ්‍යාපනික දැනුම අඩු සුළුතරයක් මෙම නීති පද්ධතිය තමා සතු කරගැනීමේ වෑයමක්. ප්‍රශ්න පත්‍රය දෙන මාධ්‍යයෙන් පුළුවන්ද කෙනෙකුගේ අධ්‍යාපන දැනුම මනින්න.ඇතැම් අය විදුහල්පතිගේ කාමරයේ සිට විභාගය ලියා සමත් වූ බව ඇත්ත උසස්පෙළ සාමාර්ත නීතිය හැදෑරීමට ප්‍රමාණවත් නොවූවද පාර්ලිමේන්තු වරප්‍රසාද මත නීතිඥයකු වූ බවත් ඇත්ත (ස)
අපට ජාතිභේද නැහැ.මේ රට ඕනෑම ජාතියක් ආගමක් ඇදහීමේ අයිතිය ආරක්ෂා කරල තියෙනව.රාජය භාෂාව සිංහල හා දමිළ.අධිකරණයේ භෂාවත් මේ සිංහල හා දෙමළ. ඉතින් ඉංග්‍රීසි අත්‍යවශ්‍යයි කියන්නේ තවමත් පරගැති සුද්දට ආවඩන බව පෙන්වීමටද. චීනය කොරියාව ඉංග්‍රීසි බල්ලට ගණන් ගන්නේ අපේ කලු සුද්දන්ට මොලයක් නෑ. ඉංග්‍රීසි අවශ්‍යයි.නමුත් අමු අමුවේ භාෂා අයිතිවාසිකම කඩකරන බවක් පෙනෙන්නේ නැද්ද.අනෙක නීතී සිසුන් ඉංග්‍රීසි බැරි අය නෑහැනේ නීතී පීඨයට ලංකාවේ හොදම 250 ඉහළම ලකුණු ගත් අයත් නීතී විද්‍යාලය හා විවෘත විශ්ව විද්‍යාලයට වෙනම විභාගයකින් ළමයි ඇතුළත් කරන්නේ උගත්ම පිරිස මේතැන ඉන්නේ. මුදල්වලට දෙන ඉංග්‍රීසි පුළුවන් උන් තත්වයෙන් උසස් යැයි කිව නොහැකි අයට දෙන නීති උපාධි මෙන් නොව දක්ෂයින් සිටින්නේ කොතැන ද බව අමතක කරන්න එපා (ස)
අපි ලංකාවේ විශ්ව විද්‍යාලේ උපාදිය අවරුදු හතරම කරේ ඉංග්‍රීසි භාෂාවෙන්නේ. මේගොල්ලන්ට බැරි මොකද? දමිත්, ඉංග්‍රීසි බැරිව කොහොමද ලෝකයත් එක්ක ගනදෙනු කරන්නේ, ලෝක දැනුම ලබාගන්නේ? (නදී)
සරසවියේදී කොළඹ පාසල් වලින් පැමිණි ඉංග්‍රීසි දැනුම ඇති සිසුන් ව ඇහැට පේන්න බැරි කට්ටියක් එතන හිටියා .ඔවුන්ව නවක වදයට පවා ලක් වුනේ ඉහත හේතු නිසා. මම මේ අත්දැකීමෙන් කියන්නේ, . සමහරුන්ට ලොකු හීන මානයක් මේ ගැන තිබුනා. ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමේ වැරද්දක් මම දකින්නේ නැහැ. අපි කොච්චර ලොකු භුමි පුත්‍රයන් වුනත් අපිට ජාත්‍යන්තරය සමග කටයුතු කරන්න වෙනවා. ඒ නිසා තමන්ගේ මව් භාෂාවට අමතරව යම් කිසි ජාත්‍යන්තර භාෂාවක් ඉගෙනීම වටිනවා. නමුත් මෙතන එ්ක සිදු වුන හැටි ක්‍රමානුකුල නැති නම් සිසුන් ගැන සලකා එය නිවැරදි කල යුතුයි. (ස)
ඉංග්‍රිසියෙන් තියෙන එක හොඳයිනේ. ඒක සිංහලත් නෙමෙයි, දෙමළත් නෙමෙයි. ඉංග්‍රිසියෙන් ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න නොහැකිව නීතිඥයෙක් වෙන්නේ කොහොමද? (නි)
බ්‍රිතාන්‍ය කාලේ ඉංග්‍රීසියෙන් අතින් ලියපු ඔප්පුවක් අරගෙන මේ වගේ නීතීඥයකු ගාවට ගියොත් අපිට දෙයියන්ගේම පිහිටයි.සඳරුවන් චීනය, කොරියාව, ජපානය වගේ රටක අඩුගානේ එක සතියක් හිටියොත් දැනගන්න පුළුවන් ඒ මිනිස්සු ඉංග්‍රීසි භෂාව බැරි එක ගැන කොච්චර දුක්වෙනවද කියලා. (නි)
ලංකාව් ගොඩක් පාසල් වල ඉංග්‍රීසි හොඳට උගන්වන්නේ නැහැ.විශ්ව විද්‍යාල වුණත් එහෙමයි.නීතිය වැනි විෂයක් ඉංග්‍රීසියෙන් ලිවීමට ඉංග්‍රීසි පිළිබඳ හසල දැනුමක් අවශ්‍යයි.නීතිය කියන්නේ එක වචනයක වෙනසකින් අර්ථයක් වෙනස් කළ හැකි විෂයක් .මේ ළමයින්ට සාධාරණයක් විය යුතුයි. (නි)
ඉතින් සඳරුවන්, ඔච්චර දක්ෂ අය නම් ඔතන ඉන්නේ ඇයි? ඉංග්‍රිසියෙන් ප්‍රශ්නයක් කියවලා තේරුම් ගන්න බැරිද? උසාවියට ගිහින් නඩු කතා කරන්නේ කොහොමද ඉංග්‍රිසි බැරුව. (නි)
මම දන්නා තරමට, අදටත් අපේ රටේ ඉහළ උසාවි වල නඩු කතා කරන්නේ ඉංග්‍රිසියෙන්. සිංහල, මුස්ලිම්, දෙමළ තුන් ගොල්ලොම ඉංග්‍රිසියෙන් වැඩ කරන්න පුරුදු වෙන එක හොඳයිනේ. (නි)
නීතිය විතරක් මොකටද ඉංග්‍රීසියෙන් කියලා හිතනවා ඇති. ඒ වුණාට වෘත්තිකයෙක් වුණාම ඉංග්‍රීසියෙන් තියෙන ඔප්පු තර්ක කියවලා තේරුම්ගන්න පුලුවන් වෙන්න ඕනෑනේ (නි)
බටහරි ඉන්දියාව, දකුණු අප්‍රිකාව වගේ රටවල් කතා කරන්නේ ඉංග්‍රීසි. නමුත් ඔවුන් සුද්දො නෙමෙයි.නමුත් ඔවුන් ලෝකයත් සමඟ කොන්ද කෙළින් තබාගෙන කොච්චර ලස්සනට කතා කරනවද? අපිට ලෝකයට සිංහල උගන්වන්න බැහැ. අපිත් ඉංග්‍රීසි ඉගෙනගනිමු භාෂාවක් විදියට. (නි)
මේ ළමයි පව්. නමුත් නිතිඥයෙක් වෙන්න නම් ඉංග්‍රීසි චතුර ගළපාගත හැකිවිය යුතුයි. රජය කළ යුත්තේ පාසල් අධ්‍යාපනය ඉංග්‍රිසියෙන් ඉගැන්වීමට ක්‍රම ක්‍රමයෙන් පටන්ගැනීමයි. සමහරුන්ගේ වැරදි මතයක් තිබෙනවා ඉංග්‍රිසි පුළුවන් කියන්නේ සුද්දෝ වගේ වෙනවා කියන එක. එහෙම නැහැ. (නි)
නීතිය ඉංග්‍රීසි භාෂවෙන්ම හදාරන්න ඕනෑ. සිංහල හෝ දෙමල තමන්ගේම භාෂාවේ ප්‍රවීණත්වය රැකගැනීම තමාගේ වැඩක්. ඉංග්‍රීසි භාෂාවෙන් විභාගයට ලියනකොට ජාති ප්‍රශ්නත් නැහැ. ඉංග්‍රීසිත් හොඳට ඉගෙනගන්න ඕනෑ. ඉතින් ඒක ආශිර්වාදයක් විදියට සළකන්න තිබියදී මේ මෝඩ තර්ක දාලා ළමයි තමාගේම රැවටීම ලෝකයටම පෙන්වනවා. (නි)
මට නම් හිතෙන විදියට මේ ඉල්ලීම සාධාරණයි (නි)
සේකර, ඔයාගේ මතයයි මටත් තියන්නේ (නි)
මෙයාලා කියන දේ සාධාරණයි (නි)
උපුල්, මෙතන තියෙන්නේ වසර තුනක් හෝ හතරක් සිංහලෙන් ඉගෙනගෙන මාස 6 ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද කියන ප්‍රශ්නයයි.සරසවියක එක්ක හිටිය කෙනෙක්ට නම් ඕක තේරෙනවා. (නි)
ඇත්තනේ කතාව ඉතින්. මොකද වෙන්නේ ඉංග්‍රීසි බැරි අයට? (නි)
ඕක තමා කියන්නේ තමන්ට දෙයක් වෙනකොට තමයි ඇස් ඇරෙන්නෙ කියලා... (නි)
මම හිතන්නේ අජන්ත ප්‍රශ්නය හරියට දන්නෙ නැහැ. මොකද අපි මොනම වෙලාවකවත් කියන්නෙ නැහැ නීති සිසුන්ටවත් නීතීඥයින්ටවත් ඉංග්‍රීසි බැහැ කියලා. (නි)
වයස ප්‍රශ්නය නිසා වඩාත් අපහසුතාවයට පත්වන්නේ විවෘත විශ්ව විද්‍යාල සිසුන්ය. එහි අධ්‍යාපනය හදාරන වැඩිහිටි සිසුන් මෙම අනුවණ ක්‍රියාමාර්ග නිසා බලවත් අපහසුතාවයට පත්ව ඇත. (නි)
කොහොම වුණත් නීතිවේදියෙකුට ඉංග්‍රීසි භාෂා දැනුම තිබෙන එක හොඳයි නේද? අදාළ පොත්පත් වුණත් ඔක්කොම සිංහල දෙමල භාෂා වලින් නෙමෙයිනේ ඇත්තේ. (නි)
ඉංග්‍රීසි අත්‍යවශ්‍යම භාෂාවක්. මෙය කරන්නේ දෙපාර්තමේන්තු වියදම් අඩුකර ගැනීමට කියනවා නම් එය විහිළුවක්. ඔවුන්ගේ ඉල්ලීම සාධාරණයි (නි)
ගිහාන් විදේශීය හා වෙළද ව්‍යාපාරවලදී උපෙදස් ගන්න අාව අයට උපෙදස් දෙන්න බැරි තරම් නූගතුන් නීති පීඨෙයන්වත් නීති විද්‍යාලෙයන්වත් විවෘත විශ්ව විද්‍යාලෙයන්වත් එන්නේ නැහැ. නීතිය හොඳට දන්නවා. අනාගෙත් සිදුවෙන්න යන විනාශය බලන්න. එදාට තේරේවි විශ්ව විදයාලයක හෝ උගත් පිරිසක් දෙයකට විරුද්ද වෙන්නේ නිකම්ම නොවන බව. (නදී)
මේ අය නීතිය හැදෑරුවේ ඉංග්‍රීසියෙන් නම් පිළිතුරු ලියන්න බැරි මොකද? (නි)
තම මව්බස සුරැකීම මේ සැමගේ වගකීමයි. (නි)
ලංකා අාන්ඩුක්‍රම ව්‍යවස්ථාව දැකල හරි තියනවා නම් ලසන්ත මහත්තෙයා් ඒකේ පැහැදිළිවම තියනවා අදිකරණයේ භාෂාව මොකක්ද කියලා. වැස්සට හරි උසාවියකට ගියානම් එ්කත් තේරෙනවා. (නදී)
නීතිය සිංහලෙන් ඉගෙන ගන්න පොත් කීයක් තිබෙනවද? ඉංග්‍රීසි පොත් දහස් ගණන් තිබෙනවා. (නදී)
නීති විද්‍යාලය තුළ පවත්වන විභාග ඉංග්‍රිසි මාධ්‍යයෙන් වීම ඔය හැටි දෙයක් නෙමෙයි නේද? (නි)
මේ ළමයි තවම කාරණා හරියට දන්නේ නැති නිසයි මෙහෙම කෑගහන්නේ. මේ අයට හොඳින් කාරනා පැහැදිලි කරලා දෙන්න. ඉංග්‍රීසි නැතුව, ඉංග්‍රීසියෙන් ඉගෙනගන්නේ නැතුව අපිට කිසිම රටක වැඩ කරන්න බැහැ. (නි)
රටට සාධාරණ නීතිය ලබා දෙන්න. රටට ජයම වේවා! (නි)
වණේ අමාරුව දන්නේ වණය ඇති මිනිස්සුයි. අවු 4 ක් සිංහලෙන් ඉගෙනගෙන එක අවුරුද්දකින් විභාගය ඉංග්‍රීසියෙන් ලියන්න දෙන එක හරිද ? (නි)
ඉංග්‍රීසි බැරි කෙනෙක් කළු කෝට් දාගන්න සුදුසු නැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
කාගේ හරි කුලප්පුකිරීමක් මේක. තමන්ගේ ඉංග්‍රීසියෙන් වැඩ කිරීමට තිබෙන හැකියාව ඔප්නැංවීමට මෙය මහඟු දායාදයක්. ඇයි ඒකට විරුද්ධව හඩ නඟන්නේ. (නි)
අනාගත කළු කෝට් කට්ටිය කියන එකෙත් ඇත්තක් තිබෙනවා බලාගෙන ගිහාම. ලංකාවේ අපි ඇයි වෙනත් භාෂාවකින් වැඩ කරන්නේ. ඉංග්‍රීසි අවශ්‍ය තමයි ජාත්‍යන්තර වැඩ වලදී. නමුත් සිංහල අපි අපේ භාෂාව රැකගත යුතුයි.චීනය ජපානය වැනි රටවල මුල් තැන දී තියෙන්නේ ඒ රටේ භාෂාවට. (නි)
තමන්ගේ ජාතික භාෂාවට තැනක් නොදී පර ජාතික භාෂාවකට මුල් තැනක් දෙන්න තරම් මෙයාලගේ මොලවල මැටිද තියෙන්නේ? තවමත් තමන්ගේ දේවල් අගය කරන්න බැරි පර ජාතිකයන්ටම හිස නමන අපි කවද්ද අපේම දෙපතුලෙන් නැගී සිටින්නේ මේවගේ දේවල් සිද්ධ වෙනකොට...! (ස)
ඉංග්‍රීසි දන්නේ නැත්නම් නීතිය කරන්න එන්න එපා. කරුණාකර වෘත්තියක් බාල්දු කරන්න එපා. (නි)
මට හිතෙන්නේ මේ ළමයින්ගේ ඉල්ලීම් සාධාරණයි. නීතිවේදියාගේ ඉංග්‍රීසි දැනුම මෙතනට අදාළ නැහැ. මෙතන ප්‍රශ්නය තියෙන්නේ සිංහලෙන් සහ දෙමලෙන් ඉගෙනගත් ළමයින්ට අසාධාරනයක් වීම. (නි)
ටිකක් තේරුම් ගන්නකෝ.අවුරුදු 13ක්ම සිංහලෙන් ඉගෙන ගෙන ,සරසවියේදීත් තවත් වසර 4ක් පමණ සිංහලෙන් ඉගෙනගෙන එක පාරම ඉංග්‍රීසිවලින් පේපර් 1ක් දුන්නම කොහොමද එයාල ලියන්නේ .අපිටත් එහෙම වුනොත් අපිත් එයාල වගේම අසරණ වේයි නේද .නැත්තම් ගන්නකොටම විදිවිධාන දාන්න ඕනි ඉංග්‍රීසි හොදටම පුළුවන් වෙන්න ඕනි කියල .නැත්තම් මේක ඉංග්‍රීසිවලින් විතරක් තියන්න ඕනි (අ)
ලෝකයේ ඕනෑම රටක ප්‍රධාන විභාග තම මව් භාෂාව හා ජාත්‍යන්තර භාෂා දෙකෙන්ම පවත්වනවා. (නි)
හරි දැන් අපේ රටේ විදේශීය ආයෝජන වෙළඳ ව්‍යාපාරය , සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කරන්න නේ යන්නේ. ඒ පිලිබඳ යම් කිසි නීතිමය උපදෙසක් ලංකාවේ පවතින වාණිජ නීතිය, හෝ කම්කරු නීතිය පිලිබඳ අදහසක් ගන්න විදේශීය කෙනෙකුට අවශ්‍ය වුනොත් සඳරුවන් ල හෙළ බසින් වෙන්න ඇති ඒවා පැහැදිලි කරන්න යන්නේ. විදේශීය කෙනෙක් සම්බන්ධ නඩුවකට මොකද කරන්නේ ? අඩු ගානේ තමන්ගේ නඩු ගාස්තුව මෙච්චරයි කියලාවත් ඉංග්‍රීසියෙන් කියා ගන්න දැන ගන්න ඕන නේද ? (ස)
නීති වෘත්තිය කියන්නේ තනිකරම භාෂාව මත රඳා පවතින වෘත්තියක්. මෙතන ප්‍රශ්නය තියෙන්නේ සිංහලෙන් සහ දෙමලෙන් ඉගෙනගත් සිසු සිසුවියන්ට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න පත්තර දීලා ඒ අය විභාගය අසමත්වීමේ සම්භාවිතාවය වැඩිවීමයි (නි)
නීති විද්‍යාලයේ අවසාන විභාගය ලීවීම සඳහා වයස් සීමාවක් නියමකරන්නට යනබවක් දැනගන්නට ලැබුණි. මෙවැනි තීරණ මඟින් ලංකාවේ නීති අධ්‍යාපනය ගෙනයන්නේ කොයිබටද? රජය දැන්වත් මෙම ප්‍රශ්නයට මැදිහත් විය යුතුය. (නි)
ලංකාවේ නීතියයි ඉංග්‍රීසියි හරියට ගහයි පොත්තයි වගෙයි. බලධාරීන් නීතිය සිංහලෙන් සහ දෙමළෙන් හදාරන්න පුළුවන් වන විධියට අවශ්‍ය කරන නිසි වටාපිටාවක් පසුබිමක් මේ දක්වා සකස්කර නොතිබීම මීට හේතුවයි. බහු වාර්ගික රටකට ගැලපෙන පරිදි අධ්‍යාපන ක්‍රම වේද සැකසීම රජයක වගකීම. අවම වශයෙන් ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් හෝ දෙමළින් නීතිය හැසිරවීමේ කුසලතාවය ලබා ඇත්නම් එය තමන්ගේ අනාගත වෘත්තීය දක්ෂතාවයට අගන පිටිවහලක් වනු ඇත. (ස)
මේ සිංහල අපගේ රටයි! ලෝකෙට පරකාස රටයි. මව් බස මැරු එකම රටයි. මේ සිංහල අපගේ රටයි! (ස)
තනුජා දැන් හර්තාල් කරලා සිංහලෙන් ලියන්න ඉල්ල ගත්තොත්, ඔයා නිතිඥවරියක් උනදාට අදට වඩා දැඩි අපහසුතාවයකට පත්වෙනවා. අත්දැකීම් ඇති අයයි කියන්නේ. තරහකට නෙමෙයි. (නදී)
ලංකාවේ රජයේ පාසල් වල ඉංග්‍රීසි උගන්නන්නේ නැද්ද එතකොට ? අපිත් ගියේ රජයේ පාසලකට. පන්තියේ ඉගෙන්නු ඉංග්‍රීසි උවමනාවෙන් ඉගෙන ගත්තා. වැඩිපුර පොත පත් බැලුවා. ඉංග්‍රීසියෙන් කතා කරන්න අවස්තාවක් ලැබුනොත් කතා කළා. දැනුම දියුණු කර ගත්තා. අන්තිමේ කැම්පස් එකේදී ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්න සිද්ධ වුනාට මහා ප්‍රශ්නයක් වුනේ නැහැ. (නදී)
මෙතන ප්‍රශ්නය ඉංග්‍රීසි කොච්චර වැදගත්ද කියන එක නෙවේ. සරසවියේ අවුරුදු හතරක් සිංහලෙන් නීතිය ඉගෙනගෙන මාස කිහිපයකින් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන්ද කියන එක. (නි)