IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නීති උල්ලංඝනය කළ වෙළෙඳසැල් 16 ක් තාවකාලිකව වසා දැමීමට පියවර

දෝහා නගර සභාව මෙම මාසයේ ආරම්භයේ සිට ආහාර වෙළෙඳසැල් සහ සැලෝන් 803 ක් නිරීක්ෂණයට ලක්කර අදාළ නීතියට අනුකූල නොවන ආයතන 119 ක් අනාවරණය කරගෙන තිබේ. එසේම ඉහත වෙළෙඳසැල් සහ සැලෝන්වලින් 684 ක් අදාළ නීතිමය අවශ්‍යතාවලට අනුකූලව ක්‍රියාත්මක වන බවද සොයාගෙන ඇත.

outlets
මෙම වැටලීම්වලදී යම් යම් නීති රීති උල්ලංඝනය කළ ආයතන 14 ක් තාවකාලිකව වසා දැමීමටද දෝහා නගර සභාව කටයුතු කර තිබේ. මෙම ආයතන අතර අවන්හල් සහ ආහාර අළෙවිසැල්ද වෙයි. දින 10 සිට 20 දක්වා කාලයකට එම ආයතන  වසා දමා ඇත.


මෙලෙස වසා දමන ලද වෙළෙඳසැල් සිදුකළ වැරැදි අතර මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ප්‍රදර්ශන කිරීම, ආහාර දුර්වල තත්ත්වයන් යටතේ පිළියෙල කිරීම, නියමිත ප්‍රමිතියට සහ කල් ඉකුත් වීමේ බලපත්‍රයට අනුකූල නොවීම වෙයි.


එසේම මෙම වැටලීම් අතරතුරේදී එළවළු ටොන් 26 ක්, පළතුරු ටොන් 30 ක්, මාළු ටොන් 2.5 ක් සහ මස් ටොන් 6  ක් ඇතුළු ආහාර ටොන් 64.5 ක් විනාශ කිරීමටද නගර පරීක්ෂකයන් කටයුතු කර තිබේ.


මේ අතර බේකරියක් සහ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් වසා දැමීමට අල් දායෙන් නගර සභාව පියවර ගෙන ඇත. බේකරිය දින 14 ක කාලයකට වසා දමා ඇති අතර සුපිරි වෙළෙඳ සංකීර්ණය වසා දමා ඇත්තේ දින 30 ක කාලයක් සඳහාය. මෙම වසා දැමීමට හේතුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අළෙවි කිරීමයි.



අදහස් (0)

නීති උල්ලංඝනය කළ වෙළෙඳසැල් 16 ක් තාවකාලිකව වසා දැමීමට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site