ජනප්‍රිය යොවුන් ගායකයෙකු වන ලකිත ෂෙමන්ගේ අලුත්ම ගීතය වූ 'නෙතු අග රැඳි' මියුසික් විඩියෝව පසුගියදා රූපගත කෙරුණි. ලකිතගේ පද රචනයකට හා චන්දන වල්පොළගේ සංගීතය නිර්මාණය වුණ මෙම 'නෙතු අග රැඳී' ගීතයට රූප රචනය සිදු කොට ඇත්තේ ජනප්‍රිය ගීත කිහිපයක්ම රූප රචනයෙන් හැඩ කළ අජන්ත ඒකනායක විසිනි.
'නෙතු අග රැඳී' මියුසික් විඩියෝ විඩියෝව සඳහා රංගනයෙන් දායක වී ඇත්තේ ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුනිළියන් කිහිප දෙනෙකු වූ ධනුක ඩිල්ශාන්, මොරීන් චාරුණි හා සෙව්වන්දි ගුණසිංහය. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රවිණ රංගන ශිල්පි මොරින් චාරුණි පළමු වතාවකට මියුසික් විඩියෝවක් සඳහා මෙහි එක්ව තිබීමය. එමෙන්ම ලකිත දැනට ඉතාලියේ වෙසෙන අතර, ඔහු මියුසික් විඩියෝවේ පෙනී සිටින දර්ශන ඉතාලියේ සිට රූපගත කර ඇති අතර, අනෙකුත් දර්ශන කැළණිය ප්‍රදේශයේ රූපගත කොට තිබේ.
බුද්ධික සේනාධීර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd