වත්කම් හෙළි නොකළැයි ශිරානි බණ්ඩාරනායක විශ්‍රාමික අග විනිසුරුවරියට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිල්ල කැමතිවූවත් විත්තිය අකමැති විය.
බණ්ඩාරනායක මහත්මියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කියා සිටියේ නඩුව අවසන් කිරීමට තමා විරුද්ධ බවයි.
බණ්ඩාරනායක මහත්මිය ඇගේ ගිණුම් පවත්වාගෙන යන එන්ඩීබී බැංකුවෙන් ඉල්ලූ විස්තර දෙන ලෙස අධිකරණය කලින් කළ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය. එම බැංකුවේ ඇතැම් නිලධරයන් ශ්‍රී ලංකා මහ බැංකුවද සමග එක්වී බණ්ඩාරනායක මහත්මියගේ අනුදැනුමකින් තොරව බැංකු ගිණුම්වල මුදල් එහාට මෙහාට කර ඇතැයිද ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් කළ යුතු යැයිද පැවසූ ලද්දුහෙට්ටි මහතා මේ ගැන අල්ලස් කොමිසමටද පැමිණිලි කර ඇති බවත් කීවේය.
මහේස්ත්‍රාත්වරයා නඩුව අප්‍රේල් 28 වැනිදාට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd