නඩු කටයුතු අවසන්වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැර කිරීමේ විධි විධාන සලසමින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 431 සහ 432 යන වගන්ති සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.
අධිකරණයන් තුළ නඩු භාණ්ඩ විශාල වශයෙන් එක්රැස්වීම වර්තමානයේ දී බරපතල ගැටලූවක් වී ඇති බැවින් නඩු කටයුතු අවසන් වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැරකිරීමේ විධිවිධාන සැලසීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2025 දෙසැම්බර් මස 18
599
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩුව අවසන් වන්නට පෙර නඩු භාණ්ඩ බැහැරට
නන්දලාල් - ප්‍රංශය Friday, 05 February 2016 08:49 PM
දැනටත් ඕක අපේ උසාවි පද්ධතිය තුළ බොහෝවිට සිදුවෙනවා නේද? (නි)
සුමාල් පෙරේරා Friday, 05 February 2016 09:40 PM
ඉක්මනට නඩු ඇහුවොත් හොඳයි. නඩුව ඉවර වෙනකොට නඩුව දැම්ම කෙනාගේ දරුවන්ගේ දරුවොත් වයසට ගිහින්. (නි)
ලලිත් Friday, 05 February 2016 09:49 PM
ඒක නම් ඉතාම වටිනා වැඩක්. නැත්නම් අපිට හැමදාමත් පසුගිය කාලේ වගේ වැලිගොඩ දාපු බැකෝ එක කූඩුවට දාලා වැලි මුදලාලි ගදර යවනවා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. අවුරුදු ගානක් ඇමතිවරු හිටියත් විජයදාස රාජපක්‍ෂ මැතිතුමාට ඒ වරද පෙනුණු එක ලොකු දෙයක්. (නි)
ජයන්ත Friday, 05 February 2016 02:20 PM
නඩු අවසින වනවිට සමහර වටිනා නඩු භාණ්ඩ විනාශ වෙලා ඉවරවෙනවා. ඉතින් හොඳ වැඩක් (කෞ)
නන්දපාල Saturday, 06 February 2016 04:00 PM
වලස්මුල්ලේ ඉඳල ආපු මේ මනුස්සය අද මහා කෝටිපතියෙක් . කොහොම හම්බුකාරද කියල හෙව්වොත් නරකද. (බ)
ජයරත්න Saturday, 06 February 2016 08:52 AM
පහුගිය දවස් වල වෙච්ච දේවල් අපිට මතකයි (නි)
හෆීල් Saturday, 06 February 2016 03:09 AM
අර ඇවන්ගාඩ්, රක්නා ලංකා භාණ්ඩ නිසා දැන් ගබඩාව පිරිලා ඇති. (නි)
මිනිරාජ් Friday, 05 February 2016 04:38 PM
හොඳ තීරණයක් (නි)
ලංකාසිරි Friday, 05 February 2016 04:49 PM
අනේ අල්ලපු කසිප්පු ටිකත් එළියට දානවා නම්... (නි)
සුසන්ත Friday, 05 February 2016 05:07 PM
අවසාන වූ නඩු වල නඩු භාණ්ඩ නම් ඉවත් කළාට කමක් නැහැ. ඒත් පවතින නඩුවල සාක්කි ඉවත්කළාම කොහොමද ආපසු ඒවා ඕනෑ වුණොත් ගන්නේ? (නි)
චානක Friday, 05 February 2016 05:07 PM
බොහොම හොඳයි (නි)
ලංකාසිරි Saturday, 06 February 2016 10:05 AM
අපේ ඉඩම් නඩුවක් අවුරුදු 26ක් තාමත් අහනවා. දැන් මගේ පියාත් නැතිවෙලා. ඇපෑල තව ඉදිරියේදී. ලංකාව නොදියුණු මෙන්න මේ නිසයි. (නි)
ලක්ෂ්මන් Saturday, 06 February 2016 05:13 AM
හෆිල් ඔබ හරි. මහා නඩුවක් තවමත් තිබියදී 2015.11.13 දින රටම හෙල්ලූ ඇවන්ට් ගාර්ඩ් නැව සහ නැවේ තිබුන බඩු නාවික හමුදාව බලහත්කාරකමින් ඔවුන්ගේ බාරයට ගත්ත වරද වහගන්නද මේ නීති ගෙනෙන්නේ. (බ)