නඩු කටයුතු අවසන්වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැර කිරීමේ විධි විධාන සලසමින් අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 431 සහ 432 යන වගන්ති සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව ඇත.
අධිකරණයන් තුළ නඩු භාණ්ඩ විශාල වශයෙන් එක්රැස්වීම වර්තමානයේ දී බරපතල ගැටලූවක් වී ඇති බැවින් නඩු කටයුතු අවසන් වීමට පෙර අදාළ නඩු භාණ්ඩ බැහැරකිරීමේ විධිවිධාන සැලසීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටත් ඕක අපේ උසාවි පද්ධතිය තුළ බොහෝවිට සිදුවෙනවා නේද? (නි)
ඉක්මනට නඩු ඇහුවොත් හොඳයි. නඩුව ඉවර වෙනකොට නඩුව දැම්ම කෙනාගේ දරුවන්ගේ දරුවොත් වයසට ගිහින්. (නි)
ඒක නම් ඉතාම වටිනා වැඩක්. නැත්නම් අපිට හැමදාමත් පසුගිය කාලේ වගේ වැලිගොඩ දාපු බැකෝ එක කූඩුවට දාලා වැලි මුදලාලි ගදර යවනවා බලාගෙන ඉන්න තමයි වෙන්නේ. අවුරුදු ගානක් ඇමතිවරු හිටියත් විජයදාස රාජපක්‍ෂ මැතිතුමාට ඒ වරද පෙනුණු එක ලොකු දෙයක්. (නි)
නඩු අවසින වනවිට සමහර වටිනා නඩු භාණ්ඩ විනාශ වෙලා ඉවරවෙනවා. ඉතින් හොඳ වැඩක් (කෞ)
වලස්මුල්ලේ ඉඳල ආපු මේ මනුස්සය අද මහා කෝටිපතියෙක් . කොහොම හම්බුකාරද කියල හෙව්වොත් නරකද. (බ)
පහුගිය දවස් වල වෙච්ච දේවල් අපිට මතකයි (නි)
අර ඇවන්ගාඩ්, රක්නා ලංකා භාණ්ඩ නිසා දැන් ගබඩාව පිරිලා ඇති. (නි)
හොඳ තීරණයක් (නි)
අනේ අල්ලපු කසිප්පු ටිකත් එළියට දානවා නම්... (නි)
අවසාන වූ නඩු වල නඩු භාණ්ඩ නම් ඉවත් කළාට කමක් නැහැ. ඒත් පවතින නඩුවල සාක්කි ඉවත්කළාම කොහොමද ආපසු ඒවා ඕනෑ වුණොත් ගන්නේ? (නි)
බොහොම හොඳයි (නි)
අපේ ඉඩම් නඩුවක් අවුරුදු 26ක් තාමත් අහනවා. දැන් මගේ පියාත් නැතිවෙලා. ඇපෑල තව ඉදිරියේදී. ලංකාව නොදියුණු මෙන්න මේ නිසයි. (නි)
හෆිල් ඔබ හරි. මහා නඩුවක් තවමත් තිබියදී 2015.11.13 දින රටම හෙල්ලූ ඇවන්ට් ගාර්ඩ් නැව සහ නැවේ තිබුන බඩු නාවික හමුදාව බලහත්කාරකමින් ඔවුන්ගේ බාරයට ගත්ත වරද වහගන්නද මේ නීති ගෙනෙන්නේ. (බ)