කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පදික මංතීරුවල දෘශ්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් වෙන් කළ තීරුවක් කහ වර්ණයෙන් සාදා ඇත.
මේ පිළිබඳව බොහෝ දෘශ්‍යාබාධිත පිරිස් නොදනී. ඒ සම්න්ධයෙන් දැනුම්වත් කිරීමක් සිදුකර නැතැයි ඔවුහු කියති. ඔවුන් පවසන්නේ මෙවැනි මංතීරු හඳුනාගැනීමට අපහසු බවත් ඒවා හඳුනාගැනීමටනම් පාවහන් නොමැතිව ගමන් කළ යුතු බවත්ය.
එම මංතීරුවල නෙරා සිටින සේ සකස්කළ කොටස්වලින් නැවතිය යුතු තැන්, පාර මාරුවන තැන් සම්බන්ධයෙන් දැනුම්වත් කෙරේ. නමුත් මේ සම්බන්ධයෙන් දෘශ්‍යාබාධිත පිරිස් දැනුම්වත් කර නැති බව කියති.
මේ හේතුවෙන් එම මාර්ගවල ගමන් කිරීමේදී තමන් දැඩි දුෂ්කරතාවයට පත්වන බවත් ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ ඉතා අගය කරනවා. මේ තීරුව නිදහස්ව තැබීමේ අවශ්‍යතාවත්, සපත්තු දාගෙන මේ තීරුවේ යන හැටිත් දැනුවත් කළ යුතුයි. (ම)
ඒක නේන්නම් කහ ගල් අල්ලල විතරක් මදි අඩු ගානේ බෝඩ් දෙකතුනක් වත් දාන්න ඕනෑ "කහ පටිය ඔබ සඳහාය" කියල කලින් මෙව්ව මොකුත් තිබ්බෙ නෑනේ. (ස)
අර අනාවැකි කාරයට නම් හොදයි ,,(බ)
කොහොම නමුත් මේ වගේ දියුනු රටවල් වල ඇති දේවල් ක්‍රම ක්‍රමයෙන් හරි ගෙන ඒමට ක්‍රියා කිරීම පැසසිය යුතුය. තවත් කල යුතු කාරණයක් වන්නේ මේ සඳහා සරල ප්‍රමිතීන් අඩංගු පොත් පිංචක් සෑම නගර සභාවකට ම නිකුත් කිරීමයි. ඒ වගේම නගර සභා වල ඉන්න තාක්ෂණික නිලධාරි මහත්වරුන්ට මේ ගැන අවබෝධයක් ලබා දිය යුතුයි. මෙවැනි මංතීරු ඉදි කිරීමේදී ප්‍රමිතිය ඉතාම වැදගත්. මොකද මේවා ඇස නොපෙනෙන අයට පමණක් නොව, ඇවිදීමට බැරි රෝද පුටු වලින් ගමන් ගන්න අයට සහ තවත් විවිධ ආබාධ ඇති අයට සරිලන ලෙස සකස් කල යුතු නිසා. මේ පිලිබඳ ඔස්ට්‍රේලියානු ප්‍රමිති පොත් කට්ටලය මෙයට හොඳ අත්වැලක් වේවි. (බ)
වෙන දියුණු රටවල පවා තියෙන්නෙත් මේ විදිහටම තමයි( - පාවහන් රහිතව යන්න ඕනේ නැතිව ඇති මම දන්නා තරමින් දෘශ්‍ය ආබාදිත අයගේ ස්පර්ශ සහ හැඩතල හැදිනීමෙ හැකියාව බොහොම ඉහලයි ඇස් පේන අයට වඩා). ඒ අතින් මේ කරලා තියෙන වැඩේ අඩුපාඩුවක්නම් මම දකින්නේ නෑ- හොද වැඩක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම. එකම ප්‍රශ්නය මේ පිලිබදව මේ සහෝදරයන්ව දැනුවත් කරලා නැති එකයි මට හිතෙන විදිහට. ඒ දේ කළා නම් මේ වැඩේ ගොඩක් අපූරු වේවි! (බ)