බිරියට නඩත්තු ගෙවීම සඳහා සම්මාදමේ ගිය පුද්ගලයකු අද සපුගස්කන්දේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විහාරයක චෛතයක් ඉදිකිරීම සඳහා යැයි කියමින් මුදල් එකතු කළ මොහු රුපියල් හය දහසක් එකතු වූ පස එම මුදල් නඩත්තු වශයෙන් උසාවියට බැද යළි මුදල් එකතු කරයි. නඩත්තු මුදල සෙවීම සැමදාම මෙය කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැකල මට මතක් වුණේ අන්තරේ මල්ලිලා ටික. එයාලා කරන දේම තමයි මේ මනුස්සයත් කරලා තියෙන්නේ.. (නි)
ගොඩක් අවස්ථා වල කාන්තාවන්ගේ වැරදි නිසාත් පවුල් ජීවිත විනාශ වෙනවා. ඒත් අන්තිමට ඒ හැම දෙයකටම වන්දි ගෙවන්න වෙන්නේ පුරුෂයාට. දික්කසාද වුණත් මේ මනුස්සයාගේ ජීවිතයම විනාශයි. කාන්තාවට නීතිය ඉදිරියේ තියන ලිහිල්බව නිසාත් රටේ දික්කසාද වෙන කාන්තා ප්‍රතිශතය වැඩිවෙලා දැන්.. (නි)
බිරියට චෛත්‍යට වගේ වැඳ පුදාගෙන හිටියනම් අද නඩත්තු ගෙවන්න වෙන් නෑනේ.(නදී)
මෙය පවුකාර වැඩකි. (නදී)
තමුන්ගේ මායියා එක්ක ඉන්නවට වඩා හිගා කන එක හොදය කියල හිතෙන්න ඇති.(නදී)
මේවා එච්චර වැරදී දේවල් නොවේ!(නදී)
මේ වගේ අයට මුදල් දෙන අය කරන්නෙත් ලොකු වරදක්.(නදී)
සම්මාදම් එකතු කරන්න වෙන්නේ නැහැනේ දෙන්න සමාදාන උනානම්.(නදී)
පව් .. ගෙවන්න ක්‍රමයක් නැති නිසා එහෙම එකතු කරන්න ඇති. සොයා බලා දඩුවමින් නිදහස් කරන්න. (නදී)
පන්සල් හදනවා කියල හරි, ලෙඩුන් බේර ගන්න කියල හරි අපේ ගම්වලත් පිටගම්වලින් ඇවිත් සල්ලි සම්මාදම් කරනවා. හොර සම්මාදම් කාරයෝ අහිංසකයන් රවට්ටන්න හරි දක්ෂයි. මේ ගැන අදාළ බලධාරීන් නිසි පියවර ගන්න ඕනා. පොදු ජනතාව මෙවැනි කපටින් ගැන හරි අවබෝධයෙන් ඉන්න ඕනා.(නදී)
පවුල් අවුල් වුනාහ පවුල් පන්සල් හදන්න කටයුතු කරන්නෙක්.(නදී)
වංචාවෙන් හෝ නීතියට ගරු කරපු නියම පිරිමියෙක් !!! එම බිරිය ගැන මගේ බලවත් අප්‍රසාදය !!!
බන්දුල පෙරේරා කියන්න හදන්නේ මොකක්ද? (නි)
හිඟා කාල හරි නඩත්තු ගෙවල ඔය ගෑනිගෙන් බේරුනා එක හොදයි රාලහාමි (අ)
සම්මාදමේ යෙදෙන්නෝ අද රටේ ඉතා බහුල වෙති. එයින් පෙන්නුම් කරන්නේ රටේ අදායම් බෙදී යාමේ විෂමතාවයයි. මෙය ව්‍යාපාරයක් ලෙස කරන අයද ඇත. රටක ආර්ථිකය ශක්තිමත් නම් , අදායම් සමසේ බෙදී යන්නේ නම් මෙම තත්වය වෙනස් වනු ඇත.(නදී) .
ආගම්වල නම් කියා ගසා කන අයට නම් කිසිම බුරුලක් දීම සාදාරන නැහැ.(නදී)
දාගැබ් වගේ ඒවා හැදෙයිද?(නදී)
ඒ මිනිහ සාදාරන මින්හෙක්,ඒත් වැරදි චේතනාවක්. අනුකම්පා කරමු. (අ)
අධිකරණයෙන් සාදාරන විමසීමකින් තොරව නඩත්තු මුදල් නියම කිරීම පිරිමියා වරදකරුවකු ලෙසත් ගැහනිය රකියාවක් කල නොහකි අයෙක් ලෙස පූර්ව නිගමන වලට එලබ නඩත්තු නියම කිරීම මෙයට හේතුවයි. (දී)
අපි කොයිතරම් එවැනි මිනිසුන්ට අහු වෙනවා ඇතිද
මේ මිනිහා මේ ගෙවන වන්දිය හොදටාම ඇති (දී)
චෛත්‍ය වගේ හැඩේ තියෙන නෝනලා තමා ලංකාවේ ඉන්න තරමක්.ඉතින් ඔහොම හරි නඩත්තු ගෙවල අයින් වුන එක හොද ඇති. (දී)