ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ කොමිසමට අධිකරණ බලයක් නැතැයි ඔහුගේ නීතීඥ සාලිය පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ අද කුරුණු දැක්වීය.
ද ෆිනෑන්ස් සමාගමේ කොටස් නීති විරෝධී ලෙස මිලට ගැනීම සඳහා රුපියල් කෝටි 39ක් වැය කිරිමෙන් රජයට පාඩු කළැයි කාරියවසම්ට එරෙහිව නඩු පවරා ඇත.
උසාවිය ආරම්භයේදීම කොමිසම තුන්වැනි සංශෝධිත චෝදනා පත්‍රය ද ඉදිරිපත් කළේය.
සාලිය පීරිස් මහතා ඊට විරෝධය දැක්වීය.
2025 දෙසැම්බර් මස 18
302
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
'නඩු දාන්න අල්ලස් කොමිසමට බලයක් නෑ'
රන් Friday, 05 July 2013 06:50 PM
නියම හොරා කොහෙද ඉන්නේ.(නදී)
චාන් Saturday, 06 July 2013 08:33 PM
මොකද මේකට අදහස් අඩු? (නි)
සිල්වා පී Friday, 05 July 2013 04:18 PM
වරදකරන්න බලපෑම් කල උදවිය යෙහෙන් වැජඹෙනවා.(නදී)
වරුණ Friday, 05 July 2013 04:23 PM
බලය නැතිවුනත් බලය මවලා හරි නඩු දාවි. එකට හිටිය වගේ තමා තරහා උනාමත්. අන්තිමට වැලිකඩ පැත්තෙන් ඉරණම විසදේවි වගේ?(නදී)
උදය Friday, 05 July 2013 10:55 PM
ඔහොම ප්‍රශ්න එන කොට අස්මි මා ට වගේ පොලිසියෙන් පැනලා දුවන්න සැලැස්සුවා නම් හරි.(නදී)
ටිකිරි Saturday, 06 July 2013 12:36 PM
ළමයිනේ ඔවා පෙරකදෝරුවන්ගේ කතා , උසාවියේ ඔහොම කතා නිතර ඇහෙනවා , අපි කලබල වෙන්න නරකයි . නඩුකාර හාමුදුරුවෝ ඒ ගැන බලාගනියි.(නදී)
විදානගේ Friday, 05 July 2013 04:40 PM
අනේ දෙයියනේ! (දී)
චානක. Saturday, 06 July 2013 12:22 AM
මොහු සල්ලි වලට නඩුව කණපිට පෙරලන්න හැදුවට කර තිබෙන්නේ මහා වංචාවක්. යමක් කමක් ඉගෙනගන ඉහල පුටුවලට යන හුඟක් පුද්ගලයයෝ නිතර බලන්නේ ඒ ඉගෙනගත් මොලේ යොදවලා කොහොම හරි වංචාවක් කරලා මඩිය තර කරගන්න තමා.(නදී)
අසාද් Friday, 05 July 2013 05:41 PM
නීතියත් හොරුන්ගෙ පැත්තේ.(නදී)
සම්පත් Friday, 05 July 2013 05:44 PM
දැන් හොරුන්ට විරුද්ධවත් නඩු දාන්න බැරිද?(නදී)
පිටබෙද්දර ජයා Friday, 05 July 2013 06:09 PM
ඇත්තටම , ආයුබෝවන් කාටද එහෙනම් පුළුවන් නඩු දාන්න ? (දී)
පෙරේරා Friday, 05 July 2013 06:28 PM
මෙයා හිටපු අගවිනිසුරුවරියගේ හස්බන්ඩ් නිසා වෙන්න ඇති.(නදී)
අසාද් Friday, 05 July 2013 06:48 PM
පිටබෙද්දර ජයා පෙරකදෝරුවන්ට නඩුදාන්න පුලුවන්.(නදී)