විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය නොමැතිව මෙරටට රැගෙන ඒමට උත්සහ කළ චන්ද්‍රිකා සන්නිවේදන උපකරණ 335 සහ දුරස්ථ පාලක 81 ක් සමග දඹදිව වන්දනා නඩයක නඩේ ගුරෙක් බව කියන පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලේදී අද රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරු වරකාපොල ප්‍රදේශයේ දඹදිව වන්දනා චාරිකා සංවිධානය කරන්නෙකි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ගේ පහසුව හා ඔවුන්ට කරන ගෞරවයක් ලෙස සාමාන්‍යයෙන් ඔවුන්ගේ ගමන් මළු රේගුව විසින් පරීක්ෂා නොකරණ බවයි.
නමුත් දඹදිව වන්දනාවේ යන බැතිමතුන්ව අනිසි ලෙස යොදාගනිමින් කරනු ලබන චන්ද්‍රකා සන්නවේදන උපකරණ මෙරටට ගෙන ඒමේ ජාවාරමක් පිළිබඳ රේගුවට තොරුතුරු ලැබී තිබුන බැවින් මෙම වැටලීම සිදු කල බවයි.
චන්ද්‍රකා සන්නිවේදන උපකරණ මෙරටට ආනයනය කිරීමේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අවසරය මෙන්ම ආනයන පාලන දෙපාර්තමේන්තුවේ බලපත්‍රය තිබිය යුතු බවත් ඔහු කීවේය.
සැකකරු තම නඩයද සමග ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 122 දරන ගුවන්යානයෙන් ඊයේ දහවල් මෙරටට පැමිණ ඇත. ඔහු සමග බැතිමතුන් 80 ක් පමණ මෙරටට පැමිණ සිටි බව රේගුව කියයි.
නඩයේ සාමාජිකයින් අත තිබු එකම වර්ගයේ ගමන් මළු කිහිපයක් පිළිබඳ ඇති වු සැකයක් මත එම ගමන් මළු ස්කෑන් යන්ත්‍රය තුළට දමා පරීක්ෂා කරද්දී මෙම උපකරණ අඩංගු පෙට්ටි 11 ක් සොයා ගත් බව රේගුව කියයි.
පසුව කරන ලද විමර්ශණ වලදී හෙළිවී ඇත්තේ නඩේ ගුරා විසින් අදාල උපකරණ සහිත ගමන් මළු බැතිමතුන් කිහිපදෙනෙකුට චෙන්නායි වලදී ලබා දී ඇති බවයි.
වන්දනා නඩ සඳහා දී ඇති සහනය අනිසි ලෙස යොදාගනිමින් විවිද ජාවාරම් කරන බවට රේගුවට පැමිණිලි ලැබී ඇති බැවින් අනුන්ගේ භාණ්ඩ හෝ ගමන් මළු තමා සන්තනකෙයේ තබා නොගන්නා ලෙස රේගුව අවධාරණය කරයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන නිමල් තිලක, එච්.පී.එස් නුගවෙල සහ කේ.පියතිස්ස යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍යපාල මේ උපකරණ දැක්කද ? මේවා රුපවාහිනි බලන "ධිකොධර" ද දන්නේ නැහැ ? අර ට්‍රැක්ටර (ගියර් නැති) ගෙන්වපු බව සත්‍යපාල දන්නවාද දන්නේ නැහැ . මේවගේ හොරබඩු ගෙන්වන අයගේ ගමන් බලපත්‍ර තහනම් කල යුතුයි . හොරකම් කරන අයට පාටක් නැහැ. (නදී)
දමුළු ගිහින් තලගොයොත් ගෙනල්ලා වගෙයි (නදී)
කවදාවත් නැවත සිදු නොවෙයි කියලා හිතපු දේවල් නැවත සිදුවෙමින් පවතිනවා.නැවත පඹයෝ ගිනි තියමින්,රටට එරෙහිව බෙදුම්වාදී යෝජනා සම්මත කරමින් ත්‍රස්තවාදීන් නැවත පණ ලබමින් අළු ගසා නැගිටින සියලුම ලකුණු පහළවෙමින් පවතිනවා."නිවට අම්බැට්ටයට එළුවාත් නිකට පානවා" කියන පැරණි කියමන මතක්වෙනවා.(දිල් )
සත්‍යපාල දකින්නේ නරක පැත්ත විතරමයි (දිල්)
නම සත්‍යපාල උනාට දිනපතා බේගල් හලන කෙනෙකු වාගේ (නදී)
සත්‍යපාල කියන දේවල් ඉතාම නිවැරදියි. ඔහුට හොඳ දුර දැක්මේ ගුණාංගයක් තිබේ. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ කියන්නේ ඕකට. කුහක නොවී ඇත්ත කතා කරන්න. (නදී)