ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් අවසන් කිරීම හා නඩු ප‍්‍රමාදයන් වැළැක්වීම සඳහා නව විනිසුරු මණ්ඩල තුනක් ලබන ජනවාරියේ සිට පත් කරන බව අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සතියකට දින හතරක් රැස් වන බව කී අගවිනිසුරු ඊට අමතරව මෙම විනිසුරු මඩුලු තුන පත්කරන බව සඳහන් කළේය.මේ ක්‍රමය දැන් අත්හදා බැලෙමින් තිබෙන බව ද අගවිනිසුරු කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණයට පහළ මට්ටමේ අධිකරණ සහ අභියාචනාධිකරණයද ඉදිරියේ දී මෙම ක්‍රමය අනුගමනය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද අගවිනිසුරුවරයා පැවසීය.
අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා මේ බව පැවසුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේ දී අද (18) පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුවේ ආරම්භක සැසිය අමතමිනි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ආරම්භක සැසිය පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නඩු ගොඩ ඉවර කරන්න විනිසුරු මණ්ඩල තුනක්
ලලිත් Friday, 18 December 2015 11:23 PM
ගොඩක් පින්! (නි)
ප්‍රනාන්දු Saturday, 19 December 2015 02:15 PM
ගොඩක් හොඳ වැඩක් (නි)
උපේන්ද්‍ර Saturday, 19 December 2015 02:54 AM
ඉතාමත් හොඳ වැඩක්. මිනිසුන්ගේ කාලය, මුදල් දෙකම ඉතුරුකරගන්න පුළුවන්. (නි)
ගාමිණී Saturday, 19 December 2015 03:01 AM
රස පරීක්‍ෂණ වාර්තා ප්‍රමාදයටත් මොකක්හරි කරන්න. මගේ බිරිඳ මියගොස් වසරක් ගතවී ඇතත් ඇයගේ මරණ පරීක්‍ෂණ වාර්තාව තවමත් නිකුත්කර නැත්තේ රස පරීක්‍ෂණ වාර්තාව ප්‍රමාද නිසාය. (නි)
අභය Saturday, 19 December 2015 06:10 AM
මේක නම් ඇත්තටම අගය කළයුතු වටිනා කටයුත්තක් (නි)
වසන්ත Saturday, 19 December 2015 07:06 AM
ඇත්තටම අගය කළයුතු කාර්යයක් (නි)
අමල් Friday, 18 December 2015 01:25 PM
හොඳ වැඩක්. (ර)
සුමිත්‍ර Friday, 18 December 2015 02:10 PM
මේ අදහසට නම් ඔබතුමාට ගොඩක් පින්. මේක මීට වසර 20 කට පෙර වුණා නම් මොනතරම් හොඳද? (නි)
ඇසළ Friday, 18 December 2015 02:43 PM
ඊළගට පෙරකදෝරුවෝ පාරට බහියිද දන්නෙ නැහැ (නි)
ජයාත් Friday, 18 December 2015 05:01 PM
අගය කළයුතු කටයුත්තක් (නි)