ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් අවසන් කිරීම හා නඩු ප‍්‍රමාදයන් වැළැක්වීම සඳහා නව විනිසුරු මණ්ඩල තුනක් ලබන ජනවාරියේ සිට පත් කරන බව අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සතියකට දින හතරක් රැස් වන බව කී අගවිනිසුරු ඊට අමතරව මෙම විනිසුරු මඩුලු තුන පත්කරන බව සඳහන් කළේය.මේ ක්‍රමය දැන් අත්හදා බැලෙමින් තිබෙන බව ද අගවිනිසුරු කීවේය.
ශ්‍රේෂ්ඨාධිකරණයට පහළ මට්ටමේ අධිකරණ සහ අභියාචනාධිකරණයද ඉදිරියේ දී මෙම ක්‍රමය අනුගමනය කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද අගවිනිසුරුවරයා පැවසීය.
අගවිනිසුරු කේ. ශ්‍රීපවන් මහතා මේ බව පැවසුවේ කොළඹ ගාලූ මුවදොර හෝටලයේ දී අද (18) පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුවේ ආරම්භක සැසිය අමතමිනි.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ආරම්භක සැසිය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් පින්! (නි)
ගොඩක් හොඳ වැඩක් (නි)
ඉතාමත් හොඳ වැඩක්. මිනිසුන්ගේ කාලය, මුදල් දෙකම ඉතුරුකරගන්න පුළුවන්. (නි)
රස පරීක්‍ෂණ වාර්තා ප්‍රමාදයටත් මොකක්හරි කරන්න. මගේ බිරිඳ මියගොස් වසරක් ගතවී ඇතත් ඇයගේ මරණ පරීක්‍ෂණ වාර්තාව තවමත් නිකුත්කර නැත්තේ රස පරීක්‍ෂණ වාර්තාව ප්‍රමාද නිසාය. (නි)
මේක නම් ඇත්තටම අගය කළයුතු වටිනා කටයුත්තක් (නි)
ඇත්තටම අගය කළයුතු කාර්යයක් (නි)
හොඳ වැඩක්. (ර)
මේ අදහසට නම් ඔබතුමාට ගොඩක් පින්. මේක මීට වසර 20 කට පෙර වුණා නම් මොනතරම් හොඳද? (නි)
ඊළගට පෙරකදෝරුවෝ පාරට බහියිද දන්නෙ නැහැ (නි)
අගය කළයුතු කටයුත්තක් (නි)