කැකිරාව මහේස්ත්‍රාත් උසාවියේ නඩු ඇසෙමින් තිබියදී නඩු භාණ්ඩ ගබඩාවේ ගින්නක් හටගත් බව පොලිසිය කියයි.

නඩු භාණ්ඩයක් වශයෙන් ඉදිරිපත් කිරීමට නියමිත ඇසිඩ් බෝතලයක්ද ගින්නට අසුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ගින්න හටගැනීමට හේතුව නොදන්නා බවත් නඩු භාණ්ඩ කිහිපයක් දැනටමත් ඉවත් කරගැනීමට කටයුතු කළ බවත් පොලිසිය පවසයි.