ප්‍රවීණ නාට්‍යවේදියකු, කවියකු හා අධ්‍යපනඥයකු වශයෙන් ප්‍රකටව සිටි රෝහණ දන්දෙණිය මහතා අභවප්‍රාප්තවිය.
ගුරු වෘත්තිකයකු ලෙස සිය රාජකාරි ජීවිතය ආරම්භ කොට පසුව ජාතික අධ්‍යාපන ආයතනයේ සිංහල භාෂා දෙපාර්තමේන්තුවට බැඳුණු රෝහණ දන්දෙණිය මහතා විශ්‍රාම ගත්තේ සිංහල භාෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියදීය. සම්මානලාභී නාට්‍ය වන දූන්‍යාගේ ගීතය සහ පරාස්ස ඔහුගේ ප්‍රකට වේදිකා නාට්‍ය වේ. අනුරාධපුරයේ නාට්‍යවේදීන් විශාල පිරිසක් බිහිකළ නිර්මාණ සේනා සංවිධාන පුරෝගාමියකු වන දන්දෙණිය මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙකි. එසේම සම්මානලාභි යොවුන් නාට්‍ය කරුවකු වූ තරංග දන්දෙණිය ඔහුගේ පුත්‍රයාය.
COMMENTS
එතුමාට නිවන් සුව පතමි. (අ)
ගුරුතුමනි, ඔබතුමාට නිවන් සුවය පතමි! (නි)
රෝහණ දන්දෙනිය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබෙත්වා ! (ර)