උඩරට කොහොඹ කංකාරිය, ඊසාන දිග කූත්තු දෙමළ සම්ප්‍රදායික නැටුම, මඩකලපු හා පොළොන්නරු ආදිවාසි පුජා නැටුම්, මාතර කෝලම් සම්ප්‍රදායේ නැටුම් සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලය පේරාදෙණි සරසවියට රුපියල් එක්කෝටි හැත්තෑ හත් ලක්ෂයක් පරිත්‍යාග කළේය.
දැනට අභාවයට යන මෙම නැටුම් හතර සංරක්ෂණය කිරිමට මෙම මුදල් යොදා ගනු ඇත.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නැටුම් සංරක්ෂනයට නොවේ ඒවා කොපි කරන්න දාපු උප්පරවැට්ටියක් මම නොදන් ඇමරිකාවා මම ඉන්නෙත් ඇමරිකාවේ (අ)
මම කියන්නම් හොඳ දෙයක්. ඔය අගයකරන අය ඇමෙරිකාවේ තියන එක කෞතුකාගරයකට හරි පුලුවන්නම් ගිහින් බලන්න ඇමෙරිකාවේ කෞතුක වස්තු කොච්චර තියනවද කියලා. (නි)
නාමල්ට, අංජනට පාර වැරදිලා. මංමුලා වෙන්න එපා. ඒ රටේ හුඟක් නිකන් දෙන ඒවා අරගත්තම, මාසෙකට පස්සේ තමයි බිල එන්නේ. (නි)
කොහොමහරි අනාගතයේ නැටුම් විතරක් නොවෙයි, සිංහල ජාතියත් ඒගොල්ලෝ සංරක්ෂණය කරාවි. (නි)
ඇමෙරිකාව අප නියමෙට නටවන්නයි යන්නේ. ජයවේවා. (අ)
ඇමෙරිකාව මව්කිරිත්, මේ පොළවත් හෙට අනිද්දාට අපේම හොඳටයි කියලා සංරක්ෂණය කරාවි. වැඩි ඈතක් නැතිවෙයි ඒකට (නි)
ඇමරිකාව මොකටද අපේ නැටුම් සංරක්ෂණය කරන්නේ . හරි නම් ඒගොල්ලන්ගේ නැටුම් අපට උගන්වන්නැයි තියෙන්නේ දන්නවානේ ලෝකයම නටවන හැටි (අ)
අපේ කලාව රැකෙනවානම් කරන වැඩේට අපි ස්තුති කරනවා (රේ)
කොහොමත් දැන් ඇමරිකාව ගහන ගහන පදේට නටන්න තමයි අපිට වෙලා තියෙන්නේ (නි)
හිටපු සමහර කලාකරුවන්ගේ දරුවන් දැන් ඒ කලාව ලාච්චු වල, අල්මාරිවල දාලා, එහෙම නැත්තන් ඇන්ටික් කඩ වලට විකුණලා ටියුෂන් යනවා අධ්‍යාපනය කරලා රැකියාවක් හොයාගන්න. නැතිවී යන මේ වටිනා කලාවට ඔය දුන් මුදල පාවිච්චි කරන්න, අවශ්‍ය පදනම හදන්න. (නි)
ඇමෙරිකන්විරෝධී පැරණි මෝස්තරය මිස කිසිවක් ඉගෙනගෙන නැති අය තාමත් ඉන්න බැව් සමහර අදහස් වලින් පෙනේ. පැරණි නර්තන අංග සංරක්ෂණය කරන එක කොච්චර හොඳ දෙයක්ද? මුල් ස්වරූපය පසුව විකෘති වන නිසයි සංරක්ෂණය කර තිබෙන්නේ. (නි)
කසුන්, ඇමෙරිකාවේ කට්ටිය වැදි නැටුම් කොපිකරලා නටනකොට ඔයාව වැදි නායකයෙකුටවත් ගනියි. ඇමෙරිකාවේ ඉන්නවා නම් පොඩ්ඩක් පරිණාමය වෙන්න බලන්න. ඇමෙරිකාව කියලා ඔයා ලතින් ඇමෙරිකාවේ කැලේකද ඉන්නේ? (නි)
කොහොමහරි කමක් නැහැ මේවා ආරක්ෂා වෙනවා නම් (නි)
ඇමරිකාවේ ආදරය ගැන අපි නොදන්නවායැ (නි)
මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා? මේ අපේ මුතුන්මිත්තෝ වසර දහස් ගානක් තිස්සේ දිවිහිමියෙන් රැකගත්ත මේ උතුම් කලා ශිල්ප. අද ඇමරිකාවෙන් විත් අපට අතදෙනවා තවදුරටත් ආරක්ෂා කරගන්න. අනේ අපට ගිය කලක්! (නි)
අපේ සංස්කෘතික අමාත්‍යංශය ගැන ඇත්තටම ලැජ්ජයි අපිට (නි)
පරිස්සමින්! නිකන් දෙන්නේ ඇයි? අපිට හරි ආදරේට වෙන්න ඇති නේද? (නි)
කසුන්, ඔය ඇමෙරිකාවේ ඉන්නවා කියලා අපිට මොකද (නි)
සමහරු වලිගය පාගාගෙන. කසුන් කියන්නේ ඇත්ත. ඇමරිකන්කාරයා වැදි නැටුම් නටවන්න නෙමෙයි හදන්නේ. නමුත් අපිට ආදරේට නම් ඔවුන් මොකුත් කරන්නේ නැහැ. අපි ඇමරිකාවේ හිටියත් රටට ආදරේ හින්දා ලියන්නේ (නි)
කසුන්, මෝඩ කතා කියන්න එපා. ඇමරිකාවට කොහෙවත් තියෙන නැටුම් කොපිකරලා මොකටද? ඇමරිකාවේ ලෝකේ ඕනෑම රටක සංස්කෘතිය අගයන මිනිස්සු ඉන්නවා. ඔබ ඇමරිකාවේ හොරෙන් පැනලා ඉන්න කෙනෙක්ද? (නි)
දැන් ඉතින් ඉස්සරහට සිංහලයේ හැමදේම සංරක්ෂණය කරන්න වෙයි මේ යන විදිහට (නි)