
(කේ. බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පැලවත්ත ප්‍රදේශයේ රජයේ ආයතනයක කාමරයක් තුල දී තම16 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නර්තන ගුරුවරයෙකු අද (23) දින සැකපිට අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ප්‍රකාශයක් ලබා දීම සදහා සැකකරු පැමිණි අවස්ථාවේදී මූලික විමර්ශණයකින් අනතුරුව මෙලෙස සැකකරු සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකාර නර්තන ගුරුවරයා විසින් තවත් බාලවයස්කාර දැරියකට අතවර කිරීමක් සම්බන්ධයෙන් සතියකට පමණ පෙර හංවැල්ල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත සිටින අයෙකු බවටද අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රණාල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික නර්තන පන්තියක් පවත්වාගෙන ගිය නර්තන ගුරුවරයෙකු වේ.
සැකකරු විසින් ඉකුත් ජනවාරි මාසයේ රජයේ නිවාඩු දිනයක් හෝ ඉරිදා දිනයකදී නර්තන කණ්ඩායමකට අවශ්‍ය ඇදුම් පිළිබදව සොයා බැලිීමට අවශ්‍ය බවට දැරියගේ දෙමාපියන්ට පවසා සැකකරුගේ යතුරු පැදියෙන් මෙම 16 හැවිරිදි දැරිය සමගින් අදාල අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණ එහි කාමරයක් තුලදී දැරියට අතවර කර ඇතැයි පොලිසියට ලද පැමිණිල්ලෙහි සදහන් බවද තලංගම පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.
ඒ අනුව සැකකරු අදාල සිදුවීම වූ අමාත්‍යාංශ ගොඩනැගිල්ල වෙත පැමිණිලිකාර පාර්ශවය සමග රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් එම උසස් නිළදාරියා වැඩිදුරටත් පැවසීය.
තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
මෙවැනි සිදුවීමකදී දෙමව්පියන්ටත් දඬුවම් කල යුතුයි .ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක තනියම අරිනවද ?
හංදියක් හංදියක් ගානේ ස්පා තියෙන එකේ මේ මිනිහා නිකං අවුරුදු විස්සක් විතර ඇතුලේ ලගින්න වැඩ කරගත්තේ ඇයි…?
දෙමව්පියෝ දැනගන්න ඕන නේද පිරිමියෙක් එක්ක බයිසිකලයක කෙල්ලෙක්ව යවන්න හොඳ නැහැ කියලා
කෙලින් වැඩකරන නැටුම් ගුරෙක්.
ළමයි තනියෙන් යවපු දෙමව්පියන්ටත් දඬුවම් දෙන්න ඕනේ
මේ දැරියගේ දෙමාපියන්ට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුනා නේද? පන්තියක් පැවැත්වෙන දිනයක් නොවී වෙනත් කටයුත්තකට ඔහුගේම යතුරුපැදියෙන් කැදවාගෙන යන්න දුන්නේ ඇයි? විශේෂයෙන්ම දූවරුන් සිටිනා දෙමාපියනි, ඔබලාගේ දියණිවරුන් ගැන මීට වඩා විමසිලිමත් වෙන්න. යමක් සිදු වූවාට පසු කරුණු කියා ඵලක් නැත, සිදුවීමට පෙර විමසිලිමත් වී වලක්වා ගන්න.