තිරගත වීමට නියමිත චිත්‍රපටයක නිළියන් ලෙස බඳවාගන්නා බව පවසමින් පුවත්පත් දැන්වීම් පළ කර තරුණියන් සිව් දෙනකු නිරුවතින් නර්තනයකට යොදාගත් බව කියන නැටුම් ගුරුවරයකු ලබන 10 දක්වා රිමාන්ඩ් කරන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් කල්හාරි ලියනගේ මහත්මිය නියෝග කළාය.
බණ්ඩාරගම ගම්මන්පිල කහටගස්හංදිය පදිංචි දිනුම් ලාල් සේනාධීර නමැත්තා එසේ රිමාන්ඩ් කෙරිණි.
‘නටලා බලමුද‘ නමැති චිත්‍රපටයට තරුණියන් තෝරන බව කියමින් මෙසේ කැඳවූ තරුණියන්ගෙන් 19 හැවිරිදි තරුණියක දූෂණයට ලක් කර ඇති අතර අනෙක් තරුණියන්ට ලිංගික අතවර කර ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟක් ජනප්‍රිය චරිතවල ස්වභාවය ඕක තමයි (නි)
මේ ළමයින්ට අම්මලා තාත්තලා එහෙම නැද්ද මේවා ගැන හොයාබලන්න? (නි)
අනේ මෙහෙමත් ගුරුවරු (ම)
මොහු කලක් නමක් දිනූ ජනප්‍රිය පුද්ගලයෙක්. (බ)
දැන් මොනවා කරන්නද ඉතින්? (නි)
නැටුම් ගුරාට කලින් දඬුවම් කරන්න ඕනෑ මේවාට යන කෙල්ලන්ට. දැන්වීමක් දුටු පමණින් වැඩිහිටියන් දැනුවත් නොකර යන නිසා සිදුවන දේවල්. (නි)
මෙවැනි නැටුම් නැටීමට එන කෙල්ලන්ට පළන්දන්න ඕනෑ හොඳ මීහරක් අං තට්ටුවක්. නැටුම් ගුරා වැරදිකරුවෙක් වුණොත් අවුරුදු 30 කවත් සිර දඬුවමක් දෙන්න ඕනෑ (නි)
කන්න පින තිබේ නම් ඉබ්බා පැලට එනවලු. රටේ වෙන දේවල් නොදැනද මේ වගේ අමනයින්ගේ ගෙවල් වලට රිංගන්නේ. (නි)
අසංක, මොහු කලක් නමක් දිනූ ජනප්‍රිය පුද්ගලයෙක් නිසා වෙන්න ඇති කෙල්ලෝ ඇඹලයෝ වගේ මෙයාට වහවැටුනේ (නි)
මෙයා කාලෙක සිට තරුණ තරුණියන්ට ඉන්දීය,චිත්‍රපට නැටුම් කියලා ජාතියක් පුරුදු කරනවා කියලා රටේ හැමතැනකම ටියුෂන් පන්ති තිබ්බා. අපි විතරක් නොවෙයි කමල් හසන්වත් නොදන්නා ඉන්දීය චිත්‍රපට නැටුම් වෙන්න ඇති (නි)
කෙල්ලනි, මේවා දැකලා හරි ආයෙත් මෙවැනි දේවල් වලට අහුනොවී ඉන්න කියලා ඉල්ලන්න කැමතියි. කොල්ලෙක් පස්සෙන් ආවහම ඔරවන සමහර පොෂ් කෙල්ලන් මෙවැනි තැන් වලට ගොස් දූෂණයට ලක්වුණ අවස්ථා බොහොමයි. (නි)