ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට හා ඉතාලි ජාතිකයන් හය දෙනකුට දකුණු කොරියාවේ බුසාන් නගරයේදී මරු කැඳවූ ගින්න හටගෙන ඇත්තේ එම පිරිස කැරොකේ සමාජ ශාලාවක මත්පැන් බොමින් නටමින් හා ගයමින් සිටියදී බව දකුණු කොරියා පොලිසිය කියයි. විෂ වායු ආඝ‍්‍රහණය කිරීමෙන් ඔවුන් මරුමුවට පත්වූහ. තෙවැනි මහලේ හටගත් ගින්නත් සමග එහි සිටි අයට හදිසි දොරටු සොයා ගැනීමේ අපහසුව නිසා ඔවුහු මේ ඉරණමට පත්වූහ. විසිපස් දෙනෙක් පමණ තුවාල ලැබූහ. ගිනි භටයෝ සිය දෙනෙක් ට‍්‍රක් 20කින් පැමිණ ගින්නට කොටුවී සිටි 35 දෙනෙක් බේරා ගනු ලැබූහ. ඒ වනවිට ඔවුන්ගෙන් ඇතැමෙක් වහළයට නැඟ සිටියහ. ගින්නට හේතුව නොදන්නා නමුත් විදුලි කාන්දුවක් ඊට මුල් වන්නට ඇතැයි කියති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදිසි අනතුරු නිසා අද කී දාහක් දෙනා අනතුරට පත් වෙනවද?
මොවුන් සිටියේ සිංදු කාමරයක.ඒවාට විදේශිකයින් සහ කොරියන් ජාතිකයින් පවුල් පිටින් යනවා
මානසික ආතතිය නැති කරගන්න බොනවා කියන අදහසනම් හොඳ දෙයක් නෙවෙයි. එහෙමනම් හැම ඉස්කෝලයක් ඇතුලෙම බාර් එකක් දාන්න ඕනෙ දැන් තියන අච්චාරු විෂය නිර්දේශ එක්ක අපිට තියන පීඩනය නැතිකරගන්න.
කැරොකේ සමාජ ශාලවක මත්පැන් බොමින් නටමින් ප්‍රීති වුනා කිව්ව ගමන් කට්ටිය කුලප්පු වෙනවා. අද නිදහස තියන ඕනෙම රටක මිනිස්සු වැඩකිරීමෙන් ඇතිවන ආතතිය නැතිකරගන්න, සතුටුදායක අවස්ථා සමරන්න, යාලුවොත් එක්ක විනෝද වෙන්න මත්පැන් බොනවා, නටනවා, ගයනවා. මේක ලංකාවෙත් වෙන්නේ නැද්ද? කැරෝකේ ශාලවක හිටියා කියල මේ අය නරක වැඩ වලට එතනට ගියේ කියල උපකල්පනය කරන එක වැරදියි. මමම් දන්න තරමින් එයාල ගිහින් තියෙන්නේ වැඩ කරන තැන සාදයකට..
සමාජ ශාලාව මොන වගේද කියලා අපිට හිතා ගන්න පුළුවන්
කොරියාව වාගෙ රටවල නිදහස වැඩියි.ගණිකා ඇසුර,මත්පැන්,සමාජ ශාලා,කැරොකේ ඔය හැමදේම තමන්ට ඕනෙ විදියට විඳින්න පුලුවන්.කොරියා ජාතිකයින් සීමිත පිරිසක් මෙව්වට ඇබ්බැහි වෙලා හිටියත් ලංකාව,වියට්නාම්,පිලිපීන්,බංගලාදේශ් වාගෙ රටවලින් යන අයට මේව එච්චර හුරු නැති නිසා ගිය ගමන් එව්වට පුරුදු වෙනවා.පස්සෙ තමන් ආපු කාරණාවත් අමතක කරල දාල විනෝද වෙන එක තමා ගොඩක් දෙනා කරන්නේ.අනිත් අයවත් මේව ආදර්ශෙට අරගෙන තමන් එහේ දුක් විඳගෙන ගෙවන ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්නවනම් ලොකු දෙයක්. මිය ගිය සොයුරන් තිදෙනාටම නිවන් සුව.!!!!!!
කොල්ලො ඔහොම තමයි. ටිකක් විනෝද වුණාම මොකද? තරුණ කාලෙ ඔහොම තමයි. ඒත් වෙච්ච දේ ගැන දුකයි. මේ කොල්ලො මහන්සිවෙලා එවන සල්ලි වලින් තමයි ලංකාව දුවන්නේ. මිය ගිය දහෝදරයන්ට නිවන් සුව.
සංසාරේ හැටි ඔහොම තමයි
අද බොදෙනෙකු විදේශ රටවලට යන්නේ විනෝදයට නොව ලංකාවේ පවතින දරිද්‍රතාවය මෙන්ම රැකියා විරහිත බාවය ඉවසීමට නොහැකි නිසා බව අප හොදින් තේරැමිගත යුතුය. නමුත් අපේ ලාංකිකයන් සමහරක් ගුවන්තොටුපලින් විදේශරටකට පාතැබු මොහොතේ පටන් තමන් පැමිණි කාර්යය අමතක කොට වෙනත් ක්‍රියාවන් සදහා යොමුවිම මෙවැනි දේවලට හේතුවයි යන්න මගේ අදහසයි.
අවාසනාවන්ත සිදුවීමකි
හදීසි අනතුරු වෙන්නේ තැන නොතැන බලල නොවී නේ , කාටවත් බැනල වැඩක් නැහැ. පන්සලේ,පල්ලියේ,කෝවිලේ හිටියත්. හදීසි අනතුරු වලක් වන්නට බැ. මේක හරියට අපේ අය සමාජ ශාලාවට ගියනිසා සිද්දවුනා වගේනේ කතාව
ගොඩක් කොරියන් පැක්ටරි වල මාසේ අන්තිමට මේ වගේ පාටි තියෙනවා. මේ අහිංසකයින් විනෝද වෙන්න ගියා කියලා හිතන්න එපා
අපේ රට පෙරදිග බෞද්ධ රටක්. දැඩි සංස්කෘතික ආධිපත්‍ය හා සමාජමය තහංචි නිසා අපහසුවෙන් හැඟිම් හිරකරගෙන හිටියට මීට වඩා වෙනස් සංස්කෘතික වටාපිටාවකට පය තැබූ මොහොතේ පටන් හිතට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි නිදහසක්.මේ නිදහසට ගැහැණු පිරිමි භේද නැහැ.විශේෂයෙන් විනෝදවීමට නිදහස ස්වභාවයෙන්ම තිබෙන එවැනි රටවල උපන් අයට වඩා සංස්කෘතික ආධිපත්‍යයට හිරවී සිටින ලංකාව වගේ රටක ඉඳල එහෙ ගිය කෙනෙකුට එහි පවතින නිදහස දැනෙනවත් වැඩියි. මෙහි ප්‍රශ්නය තිබෙන්නේ තිබෙන නිදහස භුක්ති විඳින ක්‍රමය මතයි. පංචශීල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන රටක් හැටියට බෞද්ධ සමාජ ධර්ම පවතින රටක් වන ලංකාවේ තරුණ පරපුරට නොමැති නිදහසක් එබඳු රටවල තරුණ බාල මහළු කාටත් උරුමයි. නිදහස භූක්ති වින්දට එය තමන්ගේ බුද්ධිය හා හැඟීම් අතර මනා සමබරතාවක් ඔස්සේ සිදු වන්නේ නම් මෙබඳු අතිශය දුක්මුසු අභාග්‍ය සම්පන්න සිදුවීම් නිසා අකාලයේ මෙරටට අහිමිවන තරුණ ජීවිත ආරක්ෂා කරගත හැකිබව මගේ හැඟිමයි
නැව ගිලුනත් බෑන් චූන්
මුළු දවසෙම මැෂින් වගේ වැඩ කරන අපි ලැබෙන පුංචි විවේකයකදී පොඩ්ඩක් විනෝද වෙනවා තමයි.ඒක දිහා වැරදියට බලන එක වැරදියි
මේක අනතුරක්.අනතුරු නවත්වන්න කාටද පුළුවන්
අලිබබාගේ අදහසට මාත් එකගයි.මාත් විදේශයක සිටින නිසා අත්දැකීම් තියෙනවා
මේ අයට බැන්නට මොකද කොළඹ සමහර සුපිරි පෙළේ පාසල් වල ළමයිනුත් මේවට යනවනේ