නිට්ටඹුවේ මත්කුඩු හා කසිප්පු ජාවාරම වැටලීමට පෙර පොලිසිය අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු කැඳවා ඒ සඳහා ඔවුන්ගේ සහාය පැතීය.
සැකකරුවන් සම්බන්ධයෙන් බලපෑම් නොකරන ලෙසත්, පොලිසිය පැත්තෙන් රාජකාරිය හරියට ඉටුවේදැයි සොයා බලන ලෙසත් මූලස්ථාන පරීක්ෂක ප්‍රදීප් වීරසේකර මහතා ප්‍රාදේශීය සභා සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ හා විපක්ෂ නායක අසිත මාන්නප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීන්ගෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තියෙන්නේ පොලිස්පතිතුමාටත් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහාය ඉල්ලීමයි (අ)
ඔය මොනවා කතා කළත් අර හොරු ටික ඉන්නකම් රට දුරාචාරයෙන් මුදවා ගන්න බැහැ. ඉතින් මං කොහොමද ඔහොම යමු කියන්නේ? (නි)
අනේ බුදු මහත්තයෝ, ඉස්සර නම් බලපෑම් කළේ ඇමැතිවරු, මන්ත්‍රීවරු විතරයි. ඒ වුණත් දැන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාටත් වඳින්න වෙලා. (නි)
වැඩේ හරියට කළොත් අපි බොහෝ රටවලට ආදර්ශයක් වේවි. පාතාලයක් නැති,හොරමැරකම් නැති රටක් ආශ්චර්යයක් නොවේද? (නි)
පොලිසියට කෙලින් වැඩ කරන්න නොහැකි දේශපාලකයින් නිසා බව කවුරුත් දන්නවා. (නි)
කාලෝචිත වැඩක්. හැබැයි මේ වැඩේට උදව් කරන්නේ නැති පොලිසියේම නිලධාරීන් ගැන ස්ථානාධිපති සෙවිල්ලෙන් ඉන්න ඕනෑ (නි)
අපි නොදන්නා පොලිසිය.මෙහෙ කෙනෙක් කසිප්පු විකුණනවා කඩ කාමරයක ප්‍රසිද්ධියේ.... වගකීමෙන් කියන්නේ. (නි)
පොලීසිය මොකටද එක එක්කෙනාට කිය කියා ඉන්නේ? අධිකරණ තියෙන්නේ ඒවට තමයි. (නි)
මෙයට පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීලාත් අයත් විය යුතුමය. නොඑසේ නම් කාර්යය සාර්ථක නොවේ (නි)
කොහොමටත් එහෙම සහය ගන්න හිතපු එක හොඳ දෙයක් (නි)
ඇත්තටම මේකෙන් කියන්නේ දේශපාළුවන් නිසා රටේ නිතිය ක්‍රියාත්මක කරන්න නොහැකි බව ද ?? (නි)
කාලොචිත වැඩක් .. .අපෙන් සුබ පැතුම් .... (ත)
පොලීසියට නියෝග දෙන්නේ මේ අයද පොලිස්පතිද? (ත)
හොඳ පියවරක්. සැකකරුවන් සම්බන්ධයෙන් බලපෑම් කලොත් ඒ මන්ත්‍රීවරුන්ගේ නම් පොලිසිය ඉස්සරහ දැන්වීම් පුවරුවෙත් දානවා කියන්න. (දිල්)
සහය වෙයි, සහය වෙයි... ඒවා කරන අයගෙන් ඒවා අල්ලන්න සහය ලැබෙයිද? (නි)
හොඳ බුද්ධිමත් වැඩක් කරලා තියෙන්නේ. මේ දේ හරියාකාරව කිරීමට ශක්තිය ලැබේවා.කසිප්පු කුඩු උවදුර මුලුලොවෙන්ම තුරන්වෙනවානම් හොදයි (දිල්)
හොඳ බුද්ධිමත් වැඩක් කරලා තිබෙන්නේ. මේ දේ හරියාකාරව කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා! කසිප්පු,කෙසේවෙතත් කුඩු උවදුර මුලු ලොවෙන්ම තුරන් වෙනවා නම්?? (නි)
ප්‍රදීප් මහත්තයෝ, හොඳ වැඩක්. හොඳ පියවරක්. මොකද? බොන අයත් දන්නවා ඕක හොඳ නැහැ කියලා එයාලා බිව්වට. (නි)
හොද දෙයක් ප්‍රදීප් මහතාත් පරිස්සමට (ත)
පොලිසිය දන්නවා එහෙනම් මන්ත්‍රීවරුත් මේවාට සම්බන්ද බව..ඒකියි කලින්ම කිව්වේ..(නදී)
අන්න හරි, ඉන්ස්පෙක්ටර් මහත්තයෝ.. උරාගෙ මාළු උරාගෙ පිටේම තියල කපන්න. (අ)
ප්‍රාදේශිය සභාව යටතේද පොලිසිය තියෙන්නේ?ප්‍රශ්නයක් තිබෙනවා නම් ආරක්ෂක ලේකම්තුමාට කියන්න කියලයි මම නම් යෝජනා කරන්නේ. (නි)
ඉතා හොඳ අදහසක්, සියලුම දුෂණ මේ ප්‍රදේශයෙන් ඉවත් කර දෙන්න. ඔබ තුමන්ලාට ජනතාවගේ ආශිර්වාදය ලැබෙනවා. ලොක්කෝ සොක්කෝ සේරම අල්ලන්ඩ.(දිල්)
හොද වැඩක් වගෙයි. හැබැයි හොරාගේ අම්මාගෙන් පේන අහන්න එපා. එකපාරක් කිව්වාම ඇති. අහන්නේ නැත්තම් හරි බලපෑම් කරනවා නම් හරි දෙවනි පාර කියන්න එපා, වැඩේ ඉවර කරලාම දාන්න (අ)
ඒ අයගේ සහයෝගය අවංකව ලැබෙනවා කියන්නේ වැටලීමට දෙයක් නැහැ කියන එක නේද? (ස)
අපොයි ඔව්. නොපිරිහෙලා සහය වෙයි. (නි)
තව එකක් කියන්න තිබෙනවා. නරකද ප්‍රාදේශීය සබා වලට පොලිස් බලතල දුන්නොත්, එතකොට පොලිසියට නිකම්ම ඉන්න පුළුවන්. (ස)
ඔය වහෙන්ඔරෝ කිව්වේ ඉතින් මේවට වගකිවයුත්තෝ ගැන නේ. පොලිසියට සියලු ජනතාවගේ ආශීර්වාදය ලැබෙනවා. කැලණිය පැත්තටත් ඔහොම පියවරක් ගන්න කොහැකි වෙයිද? (නි)
කැලණිය ප්‍රදේශයේ මෙවැනි වැඩපිළිවෙලක් පොලිස්පතිතුමා අරඹන බව විශ්වාසයි. ජනතා සහයෝගය ලැබේවා! (නි)
දැන් ගම්වල පොඩි ළමයගේ පටන් කුඩු, ගංජා අරක්කුවලට පුරුදු වෙලා ඉවරයි. සෑම ගමකම සවස 6 00ට කොටා පාරේ හන්දියේ කොල්ලෝ කුරුට්ටෝ පිරිලා කුඩුගහලා අම්මා කෙනෙක්ට නංගි කෙනෙක්ට අක්කා කෙනෙක්ට පාරේ බැහැලා යන්න සුදුසු පරිසරයක් නිර්මාණය වෙලා නැහැ. ඔවුන් කුඩු ගහලා ඉන්නකොට අම්මා සහෝදරි යන බවත් අඳුනන්නේ නැහැ. ඒ නිසා මේ ගම්වල තියන මේ ජහ ජරාවල් නැතිකරලා දාන්න ඔබලාට ඔබලාගේ රාජකාරියට වඩා හැදූ දෙමාපියන්ටත් ජාතිජාතිත් පින් සිදුවෙයි.