IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


නිට්ටඹු පොලිසිය කටවුට් සිද්ධිය ගොඩින් බේරයි

නිට්ටඹුව හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ සුවිසල් ඡන්ද පුවරුව ඉවත් කළ ගම්පහ ඡන්ද නිලධරයන් බලයෙන් පැය තුනක් තිස්සේ රඳවාගැනීම අද පස්වරු 3ට පමණ අවසන් විය.

නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී. කොමසාරු සහ ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස් අතර පැවැති සාකච්ඡාවකින් සිද්ධිය අවසන් වූ බව තවත් අනවසර කටවුට් පුවරු රැගෙන ගිය බවත් පොලිසිය කියයි.

ඡන්ද නිලධරයන් බලෙන් රඳවාගත් 60ක් පමණ පිරිසද මුදාහළ පොලිසිය පැවසූයේ සිද්ධිය සමථයකට පත් කළ බවයි.

පෞද්ගලික ඉඩමක ඉදිකළ මෙම පුවරුව ඡන්ද නීතියට පටහැනි හෙයින් ඉවත් කරන ලෙස ඉඩම් හිමියාට සිදුකළ දැන්වීම නොසලකා හැරිම නිසා නිලධරයෝ එය ඉවත් කළහ.

එම පුවරු අසල සීසීටීවී කැමරාද සවිකර තිබුණි.

SAM_1138 SAM_1141 SAM_1144 SAM_1149

 

 



අදහස් (0)

නිට්ටඹු පොලිසිය කටවුට් සිද්ධිය ගොඩින් බේරයි

රාජරත්න Saturday, 27 December 2014 10:08 AM

ඒ මිනිස්සුත් බේරෙන්න එපායැ (නි)

:       0       0

නිමල් Saturday, 27 December 2014 10:09 AM

කොහොමද පොලිසියේ න්‍යාය? (නි)

:       0       0

හෆීල් Friday, 26 December 2014 06:51 PM

සමථයට පත්වුණ එක හොඳයි. නමුත් ඡන්ද නිළධාරීන් බලෙන් රඳවා ගැනීමෙන් කළේ වරදක්. (නි)

:       0       0

බන්දුල පෙරේරා Friday, 26 December 2014 08:52 PM

මේ නොකියා කියන්නේ මෙම මැරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ කියන එකද? (නි)

:       0       0

කුමාර3 Friday, 26 December 2014 09:21 PM

ඕවා තිබුනහම මොකද වෙන්නේ එක අතකට? මොකද කවුරුවත් උස්සාගෙන ඉන්නේ නැහැනේ (නි)

:       0       0

සත්‍යපාල Friday, 26 December 2014 10:38 PM

මොන පක්ෂයෙන් කලත් මෙතරම් දැවැන්ත පුවරුවක් ප්‍රධාන පාරක් අසල අගල් 2 යකඩ බට වලින් සෑදු අට්ටාලයක සවිකිරීම ඉතාමත්ම අමනම ක්‍රියාවකි. දැඩි සුළග පවතින මේ දිනවල මෙය පාරේ ගමන් කරන අහිංසක මිනිසුන් මරාදමන සහ තවත් අය සදාකාලික අබ්බගාතයන් කරන මර උගුලකි. (නදී)

:       0       0

නිමල් ලලිත Friday, 26 December 2014 11:27 PM

මෙයයි ආශ්චර්යය (නි)

:       0       0

රන්ජිත් Saturday, 27 December 2014 01:32 AM

මෙන්න මේ දේශපාලනය තමා අවසන් කරන්න ඕනෑ. නිලධාරීන්ට රාජකාරිය කරන්න දෙන්නේ නැති නීතිය අවසන් කළයුතුයි. මේකද සංවර්ධනය? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 27 December 2014 01:36 AM

මේ වගේ උස කටවුට් එකක් තවත් පැත්තක තියෙනවා. පොල්ගසක් විතර උසයි. (නි)

:       0       0

සමන්ති Saturday, 27 December 2014 01:39 AM

මේ පිළිබඳව නීතිය පිළිබඳ හසල දැනුමක් ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ තීරණය එනතෙක් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැක. (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 27 December 2014 02:48 AM

රන්ජිත්, මෙන්න මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න තමයි මුළු රටටම ඕනෑ. ඒ නිසා තමයි මෛත්‍රී පාලනයක් රටේ බිහිකරමු කියන්නේ. ජනවාරි 9 උදේ නිවහල් රටක් ලෙස පිබිදෙමු. මෛත්‍රී, ජය ශ්‍රී! (නි)

:       0       0

චනිල් Saturday, 27 December 2014 02:50 AM

අපි දන්නවා ඔය ගොඩින් බේරන ක්‍රමය මොකද්ද කියලා. ලංකාවේ ඉපදුන එකට අපිට දැන් ලැජ්ජයි. (නි)

:       0       0

මායා Saturday, 27 December 2014 03:12 AM

නීති පොතේ නැහැ ගොඩින් බේරගන්න ක්‍රම (නදී)

:       0       0

උක්කුන් බංඩා Saturday, 27 December 2014 04:22 AM

කැනඩා දිසා මහත්තයෝ, ජනවාරි 9 වෙනිදා සොත්ති උපාලි සහ ගෝනවෙල සුනිල්ලා වගේ කට්ටිය ඇවිත් අපේ පටි තද කරනවා? ඉස්සෙල්ල ආර්ථිකය ඊට පස්සේ යහ පාලන සහ සදාචාරය ඉබේ එනවා. (නදී)

:       0       0

අප්පුහාමි Saturday, 27 December 2014 06:07 AM

උක්කුන් බංඩා, නොදන්නා දේශපාලනය කතානොකර ඉන්නවද කරුණා කරලා. (ර)

:       0       0

ප්‍රසාද් Friday, 26 December 2014 12:46 PM

දැන් එතකොට මැතිවරණ නිලධාරින්ද වැරදි? (ම)

:       0       0

සහන් Friday, 26 December 2014 12:51 PM

බෝඩ් එක ගලවපු නිලධාරින්ට අපගේ ආචාරය, මේ වැඩේ කරපු පොලිසියට අපගේ විරෝධය (ම)

:       0       0

ශිරාන් Saturday, 27 December 2014 08:42 AM

උක්කුන් බංඩා , දැන් සරණ මහත්තයා නිතිය ගොඩින් බේරණ ක්‍රමේට කැමතියි වගේ. සොත්ති උපාලි සහ ගෝනවෙල සුනිල්ලා නැවත එන්නේ නැහැ. බයවෙන්න එපා, හොදින් හොයල බලන්න යමක් කියන්න කලින්. (නදී)

:       0       0

ශාන්ත Saturday, 27 December 2014 08:47 AM

පේනවනේ රටේ නීතිය. 8 වෙනිදාට මේවා වෙනස් කරන්න එකතුවෙන්න. (නි)

:       0       0

සරත් Saturday, 27 December 2014 09:06 AM

නීති කට්ටිය මොනවා කියයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඉල්ලෙපෙරුම Friday, 26 December 2014 02:05 PM

ඇයි ගොඩින් බේරන්නේ.? (ර)

:       0       0

රවී Saturday, 27 December 2014 09:08 AM

ඔය උක්කුන් බණ්ඩා කියන්නේ අපේ බන්දුල බණ්ඩාම තමයි. පේන්නේ නැද්ද ලියන විලාශය දෙන්නාගේම එකයි. (නි)

:       0       0

ජෙනී Saturday, 27 December 2014 09:15 AM

හොඳයි හොඳයි.... (නි)

:       0       0

සිරිනිමල් හඟුරන්කෙත Friday, 26 December 2014 04:07 PM

ගොඩින් බේරන්නේ ඇයි කියලද අහන්නේ, මඩින් බේරාගන්න ඉතිරිවෙලා නැති හින්ඳා. (නදී)

:       0       0

මධුක Sunday, 28 December 2014 07:32 AM

මේවා ගොඩින් හැබැයි විශ්වවිද්‍යාල සිසුන්ට මඩින්. නිවට පොලිසියක්. (බ)

:       0       0

ලාල් Saturday, 27 December 2014 09:42 AM

මෛත්‍රී මහාතාට තෙරුවන් සරණයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site