නිට්ටඹුව හන්දියේ අනවසරයෙන් සවිකර තිබූ සුවිසල් ඡන්ද පුවරුව ඉවත් කළ ගම්පහ ඡන්ද නිලධරයන් බලයෙන් පැය තුනක් තිස්සේ රඳවාගැනීම අද පස්වරු 3ට පමණ අවසන් විය.
නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන, ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත ඩී. කොමසාරු සහ ගම්පහ සහකාර මැතිවරණ කොමසාරිස් අතර පැවැති සාකච්ඡාවකින් සිද්ධිය අවසන් වූ බව තවත් අනවසර කටවුට් පුවරු රැගෙන ගිය බවත් පොලිසිය කියයි.
ඡන්ද නිලධරයන් බලෙන් රඳවාගත් 60ක් පමණ පිරිසද මුදාහළ පොලිසිය පැවසූයේ සිද්ධිය සමථයකට පත් කළ බවයි.
පෞද්ගලික ඉඩමක ඉදිකළ මෙම පුවරුව ඡන්ද නීතියට පටහැනි හෙයින් ඉවත් කරන ලෙස ඉඩම් හිමියාට සිදුකළ දැන්වීම නොසලකා හැරිම නිසා නිලධරයෝ එය ඉවත් කළහ.
එම පුවරු අසල සීසීටීවී කැමරාද සවිකර තිබුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සුත් බේරෙන්න එපායැ (නි)
කොහොමද පොලිසියේ න්‍යාය? (නි)
සමථයට පත්වුණ එක හොඳයි. නමුත් ඡන්ද නිළධාරීන් බලෙන් රඳවා ගැනීමෙන් කළේ වරදක්. (නි)
මේ නොකියා කියන්නේ මෙම මැරයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ කියන එකද? (නි)
ඕවා තිබුනහම මොකද වෙන්නේ එක අතකට? මොකද කවුරුවත් උස්සාගෙන ඉන්නේ නැහැනේ (නි)
මොන පක්ෂයෙන් කලත් මෙතරම් දැවැන්ත පුවරුවක් ප්‍රධාන පාරක් අසල අගල් 2 යකඩ බට වලින් සෑදු අට්ටාලයක සවිකිරීම ඉතාමත්ම අමනම ක්‍රියාවකි. දැඩි සුළග පවතින මේ දිනවල මෙය පාරේ ගමන් කරන අහිංසක මිනිසුන් මරාදමන සහ තවත් අය සදාකාලික අබ්බගාතයන් කරන මර උගුලකි. (නදී)
මෙයයි ආශ්චර්යය (නි)
මෙන්න මේ දේශපාලනය තමා අවසන් කරන්න ඕනෑ. නිලධාරීන්ට රාජකාරිය කරන්න දෙන්නේ නැති නීතිය අවසන් කළයුතුයි. මේකද සංවර්ධනය? (නි)
මේ වගේ උස කටවුට් එකක් තවත් පැත්තක තියෙනවා. පොල්ගසක් විතර උසයි. (නි)
මේ පිළිබඳව නීතිය පිළිබඳ හසල දැනුමක් ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගේ තීරණය එනතෙක් කිසිවක් ප්‍රකාශ කිරීමට නොහැක. (නි)
රන්ජිත්, මෙන්න මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න තමයි මුළු රටටම ඕනෑ. ඒ නිසා තමයි මෛත්‍රී පාලනයක් රටේ බිහිකරමු කියන්නේ. ජනවාරි 9 උදේ නිවහල් රටක් ලෙස පිබිදෙමු. මෛත්‍රී, ජය ශ්‍රී! (නි)
අපි දන්නවා ඔය ගොඩින් බේරන ක්‍රමය මොකද්ද කියලා. ලංකාවේ ඉපදුන එකට අපිට දැන් ලැජ්ජයි. (නි)
නීති පොතේ නැහැ ගොඩින් බේරගන්න ක්‍රම (නදී)
කැනඩා දිසා මහත්තයෝ, ජනවාරි 9 වෙනිදා සොත්ති උපාලි සහ ගෝනවෙල සුනිල්ලා වගේ කට්ටිය ඇවිත් අපේ පටි තද කරනවා? ඉස්සෙල්ල ආර්ථිකය ඊට පස්සේ යහ පාලන සහ සදාචාරය ඉබේ එනවා. (නදී)
උක්කුන් බංඩා, නොදන්නා දේශපාලනය කතානොකර ඉන්නවද කරුණා කරලා. (ර)
දැන් එතකොට මැතිවරණ නිලධාරින්ද වැරදි? (ම)
බෝඩ් එක ගලවපු නිලධාරින්ට අපගේ ආචාරය, මේ වැඩේ කරපු පොලිසියට අපගේ විරෝධය (ම)
උක්කුන් බංඩා , දැන් සරණ මහත්තයා නිතිය ගොඩින් බේරණ ක්‍රමේට කැමතියි වගේ. සොත්ති උපාලි සහ ගෝනවෙල සුනිල්ලා නැවත එන්නේ නැහැ. බයවෙන්න එපා, හොදින් හොයල බලන්න යමක් කියන්න කලින්. (නදී)
පේනවනේ රටේ නීතිය. 8 වෙනිදාට මේවා වෙනස් කරන්න එකතුවෙන්න. (නි)
නීති කට්ටිය මොනවා කියයිද දන්නෙ නැහැ (නි)
ඇයි ගොඩින් බේරන්නේ.? (ර)
ඔය උක්කුන් බණ්ඩා කියන්නේ අපේ බන්දුල බණ්ඩාම තමයි. පේන්නේ නැද්ද ලියන විලාශය දෙන්නාගේම එකයි. (නි)
හොඳයි හොඳයි.... (නි)
ගොඩින් බේරන්නේ ඇයි කියලද අහන්නේ, මඩින් බේරාගන්න ඉතිරිවෙලා නැති හින්ඳා. (නදී)
මේවා ගොඩින් හැබැයි විශ්වවිද්‍යාල සිසුන්ට මඩින්. නිවට පොලිසියක්. (බ)
මෛත්‍රී මහාතාට තෙරුවන් සරණයි. (නි)