ගල්ගමුව පාලුව යාය පහ ගම්මානයට අද (26) උදේ පැමිණි නැට්ට කොටා නම් දළ ඇතා ගම්මාන පුරා සැරැසරමින් සිටිතියි ගැමියෝ කියති.
අක්කර තුනක පමණ කැලෑවකට කොටු වී සිටින ඇතා ගම්මානය ආසන්නයේ මී ඔය රක්ෂිතයෙන් පැමිණ ඇතැයිද කියති.
වනජීවී නිලධරයෝද ,පොලීසිය හා ගැමියෝද එක්ව ඇතා ගම්මානයෙන් එළවීමට උත්සාහ කරති. ඇතා යන තුරු ගමේ අතුරු මාර්ගවල නොයන්නැයි වනජීවී නිලධරයෝ ගැමියන්ට උපදෙස් දුන්හ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අහිංසක, මනාව දළ වැඩුණු ඇත් රාජයාට හිංසා කරන්නේ නැතුව ඔහු කැලේ තුලට යනකම් ඉවසාගෙන ඉන්න. (ර)
ගමේ මිනිස්සු බේරුණ ට්‍ක ලොකු දෙයක්.(හේ)
මේ මිනිස්සු චන්ඩි වගේ පාරට වෙලා බලා ඉන්න අතරේ ඇතා අවොත් මහා විනාශයක් වෙන බව පෙනෙනවා. (ස)
මිත්‍යාවෙන් අන්ධ උන මිනිසා ඇතාගේ වලිගය කපාගෙන 'නැට්ට කොටා' කියලා නමකුත් දාලා. ඇතා මේ කෙණෙහිලි ඉවසනවා පුදුමයි. (ස)
මොකද මේ මේ දවස් වල හතර වටින්ම අලි කුලප්පු වෙලා ගම් නගර මැද්දට වදින්නේ ? (ස)
අර පලවෙනි පින්තුරේ ටෙලිෆෝන් කරන කෙනා කතා කරන්නේ නැට්ට කොටා එක්කද (දී)
ඔක්කොම අලි කුලප්පු වෙලා වගේ. (හේ)
මිනිසාගේ භුමි තන්හාව නිසා වැනසෙන අහිංසක සත්වයින්ගේ වනපෙත් දෙස ඇස හැර නොබලන මේ රටේ පවතින හා පැවති දේශපාලනය මේ සියල්ලටම ඍජුවම වගකිව යුතුය. හෙට අනිද්දාට විල්පත්තුවෙන්ද මෙවැනි සිදුවීම් ඇසෙනු ඇත. මේ රට යන්නේ ආපසු හැරවිය නොහැකි දරුණු පාරිසරික ව්‍යසනයක් කරයි.(හේ)
මේ සතාගේ දල දෙක කොයි තරම් වටිනවද (දී)
අහිංසක සත්තුන්ට මොකද මේ වෙන්නේ (දී)
මේ සතාව මරන්නේ නැතුව ඕන දෙයක් (දී)
සිරි කොතට එන ගමන් වෙන්න ඇති. පොදු අපේක්ෂකයාට මනාපේ දෙන්න. එන්න අරින්න. (නදී)
මේ ඇත් රාජයාව නිර්වින්දනය කරලා අල්ලාගෙන පන්සලකට බාර දෙන්න. (නදී)
නීතිය වල් වැදුන රටේ කැලේ සත්තු එලියට එන එකත් අහන්න දෙයක්ද ? (නදී)
මේ ඇතා මෙහෙම නටන එකත් අහවලා අසුභ ලකුණක් කියලා හිතලා සාස්තර කාරයන්ගෙන් විමසා මැතිවරණය කල්දායිද? (නදී)
ලංකාවේ මිනිස්සු ඇතාට ඇත් රජා කියනවා, නයාට නාග රාජයා කියනවා එතකොට ලංකාවේ බලු රජාලත් ඉන්නවද? (ස)
මේක පත්තරේ දැම්මා කියන්නේ ඇතාගෙ දළ දෙකට බුදු සරණයි. (නදී)
මේ අපේ සම්පතක් වෙන සතෙක්. අපේම වැරදි නිසා උන් මෙහෙම එන්නේ. (ස)
නැට්ට කොටාට බුදුසරණයි! අපේ ගොයියන්ගෙන් බේරිලා කොහේ හරි නොපෙනෙන ලෝකෙක ජිවත් වුනොත්! (අ)