නගර සංවර්ධනය සඳහා වැටක් ගැලවී යැයි ඇඹිලිපිටිය නව නගරයේ ගුණරත්න එම් චන්ද්‍රසේනගේ පැමිණිල්ලක් අනුව ඇඹිලිපිටිය නගර සභාපති හිමියන් ,විපක්ෂනායක සහ ලේකම්වරිය ඇතුළු හත් දෙනෙක් ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් නමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරිනු ලැබුහ.
නගර සභාපති වේවැල්දූවේ ඥානප්‍රහ,විපක්ෂ නායක සුමිත් සේනක,මන්ත්‍රීන් වන සරත් විතාරම,නීතීඥ විජිත පුංචිහේවා,දිනේෂ් මධුෂංක,ලසන්ත සිරිපුර හා නාගරික ලේකම් අනුලා වඩුගේ ඇප ලද්දෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් පුන පුනා කියන්නේ අපේ හාමුදුරුවන්ට මෙවැනි දේශපාලන ක්‍රම අකැපයි කියලයි.නිතිය අවනීතිය කොයි හැටි වුවත් සිවුරට අගරුවක් වෙනවනම් බෞද්ධයෙක් හැටියට මම මේ දේ අනුමත කරන්නේ නැහැ. (අ)
අනේ අපේ හාමුදුරුවනේ සමාවෙලා ඔබ වහන්සේට ඔය තනතුර ගැලපෙනවද කියලා මොහොතක් සිතා බලන්න .මේ කියන්නේ ද්වේශයකින් හෝ විවේචනයක් ලෙස නෙමෙයි.(හේ)
අපේ පින් ඇති හාමුදුරුවනේ කවුරු හරි කෙනෙක් සතුටු කරන්න නේද ඔය වැටවල් ගලවා, බැමි ගලවා ඉවත් කරන්න ලෑස්ති වුනේ? 'චරථ භික්කවේ චාරිකං...බහුජන හිතාය බහුජන සුඛාය...' (බ)
ගැලපෙන්නේ නැත්තේ මොකෝ සදුනි කව්රුහරි වැඩක් කරන්නයි ඕන (බ)
මට නම් සිතෙන්නේ මෙම පළාත් පාලන ආයතනයේ වැඩ අධිකාරීතුමා නියම වැඩ කාරයෙක් නොවෙයි (බ)
පොදු කටයුත්තකට උනත් පොදු නීතියකුත් රටේ පවතින බව බොහෝ දෙනාට අමතක වී ඇත්තේ බල පුළුවන් කාරකම ඉස්මතු වීමයි. අපක්ෂපාති අධිකරණයකුත් පොදු නීතියකුත් රටේ පවතින බව රටේ ජනතාවට දැනෙන්නේ ගරු අධිකරණයේම ක්‍රියාකාරිත්වය මත බව මගේ හැගීමයි. (නදී)
ඉහල තැනක කෙනෙක්ට බැමි ඇලජික්ද? (ර)
භික්ෂුන් දේශපාලන තනතුරු දැරීම මම අනුමත නොකරමි (නි)
මම මේ ස්වාමීන් වහන්සේව දන්නේ කැලණිය වේවැල්දුව පැත්තේ ඉන්න කාලේ ඉඳලා. අකටයුත්තක් නම් කරන කෙනෙක් නෙමෙයි. අකටයුතුකම් කරන කෙනෙක් වුණා නම් බලන්න තිබුනා ඔතන ඉන්න අනුගාමිකයෝ ටික. කිසිකෙනෙක් නැතුව ඔහොම යන්නේ සාධාරණ යමක් කරලා වෙන්න ඕනෑ. (නි)
අනවසර ඉදිකිරීමක් වුනත් ඉවත් කිරීමට පෙර ගතයුතු නීතිමය ක්‍රියාමාර්ගයක් තිබෙනවා. වැඩ අධිකාරි මහත්තය හෝ සභාපති හාමුදුරුවෝ නීතිමය ක්‍රියාමාර්ගය පැත්තක දාල කරපු වැඩක් වගෙයි පෙනෙන්නේ. (ස)