මට්ටක්කුලියේ අභිනවයෙන් ඉදිකළ විනෝද උද්‍යානය විවෘත කිරීමට දින නියමව තිබුණේ පසුගිය නව වැනිදාය.නියමිත දිනයටම උයන විවෘත කෙරිණ.

අලුත් අවුරුදු සමය නිසාවෙන් උද්‍යානයේ ගැවසීමට තරම් ඉස්පාසුවක් මට්ටක්කුලිය වැසියන්ට නොතිබිණ. ඔවුහු සති අන්තයද සමග එක්වන අවුරුදු නිවාඩුව එනතෙක් ඉවසූහ.

නිවාඩුව උදාවූ පසු සිය ගණනක් දෙනා උද්‍යානයට පැමිණියහ.ඇතැම්හු පැමිණ සිටියේ ත්‍රීරෝද රථවලින් ආහ.

නමුත් උද්‍යානයේ ගේට්ටුව තරයේ වසා තිබිණ.එය මත කොළඹ මහනගර සභාවේ දැන්වීමක් අලවා තිබිණ.

අප්‍රේල් මස 20 වැනිදා සිට උද්‍යානය මහජනතාවට විවෘත කැරෙන බව එහි සඳහන්ව තිබිණ.

මේක දැන් විවෘත කළානේ, ඇයි අපිට ඇතුළු වෙන්න දෙන්නේ නැත්තේ? මෙයාලා වැඩ කරන්නේ තම තමන්ගේ පහසුව ගැන හිතලා මිසක් අපි ගැන හිතලා නෙවෙයි. පැමිණ සිටියෙක් පැවසුවේය.