වැඩ අවසානයේ පිටවී යාමේදී ඇඟිලි සලකුණු සටහන් යන්ත්‍රයේ ඇඟිලි සලකුණ තැබිය යුතු යැයි යන නියමයට විරෝධය පාමින් කොළඹ මහ නගර සභා රියදුරෝ අද උද්ඝෝෂණයක් කළහ.
නාගරික කොමසාරිස් සමග පැවැත්වූ සාකච්ඡාවෙන් සෑහීමකට පත්විය නොහැකි බව කියමින් ලබන 5 වැනිදා සිට තමන් අකුරට වැඩ කරන බවද ඔවුහු පවසති.
පැමිණීම හා පිටවීම සටහන් කිරීමෙන් පසුව සිදුවන අනතුරුවලට හා ඔවුන් පදවන වාහනවල ගමන්ගන්නා අය සම්බන්ධයෙන් වගකිව යුතු බව නාගරික කොමසාරිස් වී.කේ.ඒ.අනුර මහතා කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්! අතිකාල නැතිවෙනවනේ එකයි. (ර)
ජරාව අත ගහන අය තමයි එකේ දුක දන්නේ , ඒසී කාමර වල ඉදල කුට්ටිය අතට අරගෙන ඒසී වාහන වල යන අය මේ දුක දන්නේ නෑ. (බ)
දවසක් හරි වැඩ කරන්න. (ර)
ඇඟිල්ල ගහන්න බැරි අයව ගෙදර යවලා හැකි අය අලුතින් ගන්න. (ර)
රජයේ සේවකයන්නේ (අ)
ඔව් ඉතින් එතකොට හොරට අතිකාල ගන්න බැහැනේ.(අ)
ඔය අකමැති කට්ටිය ඒ අයට මිට පස්සේ හොර අතිකාල කරන්න බැහැනේ. කාර්යක්ෂම තත්වයට පත්කරගනිමේදී මෙවැනි ක්‍රම අනිවාර්යෙන්ම උපයෝගී කරගන්න වෙනවා. බලන්න අපි අද ඉන්න තැන. එතනින් ඉදිරියට යන්න නම් අපේ ආකල්ප වෙනස් කර ගතයුතු වෙනවාමයි. (ර)
එතකොට වෙන අයට තමන් වැඩට නොඑන දවසට අත්සන් කරන්න බෑ නේ, එකයි හොරෙ. (ර)
මේ නීතිය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක විය යුතුමයි. (ර)
කවුරු විරුද්ධ වුණත් මේක ක්‍රියාත්මක කළ යුතුයි. (අ)
දවල්ට වැඩට ගිහින් ඇගිල්ල ගහලා ත්‍රිවිල් දුවනවා එකයි ඔය. (ර)
මේ අය නම් හදන්නම බැහැ. එදා පටන් අද වෙනතුරුම බලන්නෙම වැඩ නොකර ඉඳලා පඩි සහ ඊට අමතරව අතිකාල ගන්න. (ර)
කොන්ද පන ඇති නියම කොමසාරිස් කෙනෙක් ඔබ ගැන අපි සතුටුයි. (අ)
දීර්ඝ කාලයක සිට නොපිළිගතහැකි පුරුදු වලට ඇබ්බැහි වූ මේ අය රජයෙන් (මහජන මුදලින් ) පඩි ලබන උදවිය වුණාට රාජ්‍ය පරිපාලන නීතිරීති, රෙගුලාසි , ආයතන සංග්‍රහය ගැන නොදන්නා නිසා ඒ ගැන කියලා දුන්නොත් හොඳයි නේද? (නි)
යම්කිසි ආයතනයක තිබෙන නීති වලට එරෙහිව සද්දේ දාන්නේ, වැඩ නොකර වැටුප් ලබාගැනීමටත්, වංචා සහගත විදියට කලින් පැනල ගෙදර යන්න සූදානම් වන අය තමයි. ආයතන ප්‍රධානින් මොවුන්ට විරුද්ධව විනයානුකුල කටයුතු කළොත් රට දියුණු කළ හැකි බව එයාලට පෙන්නා දෙන්න. (අ)