වැට් බද්දට විරෝධය පළ කරමින් අද (29) රට පුරා ස්ථාන කිහිපයකම වෙළඳසල් වසා දමා විරෝධතා රැලි පැවැත්වේ.
අනුරාධපුර නගරයේ ද වෙළඳ සල් වසා දමා තිබුණු අතර විරෝධතා පාගමනක්ද අනුරාධපුර පරණ බස් නැවතුම්පොළ අසලින් ඇරඹිණි.
මේ අතර කිරිබත්ගොඩ, කැලණිය ප්‍රදේශවලද කඩ සාප්පු වසා දමා විරෝධය දක්වා තිබූ අතර කටුගස්තොට, පිළිමතලාව, කඩුගන්නාව ඇතුළු ප්‍රදේශ කිහිපයකද එම තත්ත්වය දක්නට ලැබිණි.
බදුල්ල දිස්ත්‍රික්කයේද කඩ සාප්පු වසා දමා ඇතැයි කියති.
ඡායාරූප - ප්‍රසාද් රුක්මාල් (බදුල්ල)
ජායාරුප - ලාල් එස් කුමාර (කැළණිය)
ජායාරූප - දයාරත්න ඇඹෝගම (අනුරාධපුර)
![20160629_094449_resized[1]_9](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_094449_resized1_9.png)
![20160629_094751_resized[1] - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_094751_resized1-Copy.png)
![20160629_095129_resized[1]_6 - Copy](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/20160629_095129_resized1_6-Copy.png)
![_DSC4491[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC44911.png)
![4438[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/44381.png)
![4444[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/44441.png)


![DSC03095[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC030951.png)
![DSC03078[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC030781.png)
![DSC03082[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/DSC030821.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ වෙනසක් සිද්ධවෙනවා දැන් රටේ (නි)
අනුරාධ, ඔබේ නමටත් ලැජ්ජයි. සූඩානය තියා අවුරුදු 30ක ලංකා ඉතිහාසයවත් නොදන්නා අය තමයි යහපාලනයට කඩේ යන්නේ. ඉදිරියට සූඩානය = ලංකාව ගැන දැනගන්න ලැබේවි. (නි)
මෙවර වැට් බද්ද ව්‍යාපාරිකයින්ට ගෙවන්න වුණා නම් එය හොඳටම සාර්ථකයි. මෙතෙක්කල් පනවපු වැට් බදු ඇතුළු සියලු බදු පාරිභෝගිකයා වෙත පවරන එකයි වෙළඳ ප්‍රජාව කළේ. (නි)
යහපාලනයේ අවසානය උදා වී ඇති බව දැනුම්දීමට කැමැත්තෙමු (නි)
සාමා, ඔයා හරියට ඒකාලේ තිබුන හෝඩි පොතක් වාගේ. නොදන්නා දේ පෙන්නන හදන්න එපා. (ර)
අපි කවුරුත් එකතුවෙලා අපේ රටෙි අනාගතය වෙනුවෙන් එකට එකතුවෙමු. (ර)
මේ වැඩිවෙලා තියෙන්නේ 4%යි. 15%ක් නෙමෙයි. මිනිසුන් අතර මතයක් හැදිලා 15% වැඩිවෙලා කියලා. (නි)
ශාන්, ඔය හීනය තව සෑහෙන කාලයක් ඔයාට දකින්න වෙයි. (නි)
කට්ටියකට බදු රහිතව කට්ටියකට බදු සහිතව අපේ ඉතිහාසයේ නම්ගම් හා සටන්පාඨ පමණයි වෙනස් වුනේ. (බ)
මේ සේරම කට්ටිය වැට් බදු ගෙවනවද? මේ අයගේ වාර්තා අරන් බැලුවොත් හොයාගන්න පුළුවන් කව්ද වැට් ගෙවන්නේ නොගෙවන්නේ කියලා. ජනතාව කුපිත කරගෙන රට හැමතැනම යනවා. (බ)
චන්දන බබා වෙලානේ.. හෙඩ්ලයින් එකේ කොහොමත් 4% වැඩිකරලා තියෙන්නේ ඒත් කොලේ වහලා හංගලා තියෙන්නේ 15% අය කරගන්න විදිහ ගැන ඔයා දන්නෙම නැද්ද ... ? (ර)
අතුරා, කියන්නකෝ ඡන්දයක් තියලා පෙන්නන්න කියලා... ඇයි ඔච්චර බය වෙන්නේ.? (ර)
අතුරා, ඔයා දැන් ගොඩක් සන්තොෂෙන්ද ඉන්නේ.? (ර)
අතුල, ඔයා දැන් ගොඩක් සන්තෝසෙන්ද ඉන්නේ. (බ)
අනේ මිනිසුනේ කරුණාකරලා එක්ටා, ෆෙඩරල්, ව්‍යවස්ථා සංශෝදනය යන යන කරුනුත් සම්පුර්ණයෙන්ම කියවන්න.. පක්ෂ පාට කන්නාඩි දාගෙන හැම දේටම එහෙයි කියන්නේ නැතුව.. මොකද උඩින් පෙන්නලා තියන දේ නෙමෙයි ඇතුලාන්තයේ තියෙන්නේ .. මට දුක මෙරටත් සුඩානයක් වෙන්න යනවා මිනිස්සුන්ට ගානක් වත් නැහැ (බ)
වැට් සටනට ජය වේවා (ම)
අවුරුද්දක් විතර යයි මේ චූන් එක. මහින්ද මහත්තය 20% ක් කරද්දී කටින් හුලන් සද්දයක් වත් නැහැ. හැබෑවටම ප්‍රශ්නයක් තියෙනවා ඒත් සාදාරන වෙන්න ඕන. මොකද අලුත් ආණ්ඩුව පත් වෙලා තාම අවුරුද්දක් වත් නැහැ නේ. (අ)
ඇන්ඩෘෘ, ඔබේ අදහස තව පැහැදිලි කරන්න. ඇයි අපි සුඩානයක් වෙන්න යන්නේ? (ර)
එකල විපක්ෂය කොතරම් ආණ්ඩුවට බැන්නත් රට තුල මෙවැනි දේවල් සිදු වුනේ නැහැ. අපි හිතුවේ නැහැ යහපාලනය මෙතරම් ජනතාවට, ව්‍යාපාරිකයන්ට මෙතරම් පීඩිත වෙයි කියල.(ම)
ශාන් ජනධිපතිවරනේ තියලා මහ මැතිවරණෙට කලිනුත් ඔයාලා ඔය විදිහටම කිව්වා නේද? (ර)
නිශා ඔව් මම ගොඩක් සන්තෝසෙන් ඉන්නේ. බදු වැඩි වුනා කියලා මගේ සන්තෝසේ ඇයි මම නැති කර ගන්නේ. (ර)
මොකද අලුත් ආණ්ඩුව පත් වෙලා තාම අවුරුද්දක් වත් නැහැ නමුත් දූෂණ නැති කොරන්න අපු කෙනාගේ කාර් එක කොටි 6 ක් නරක නැහැ තව අවුරුදු 4 යනකොට අපේ කෑලිවත් ඉතුරුවෙන එකක් නැත. කොරන දෙයක් දැන්මම (අ)
ඇන්ඩෘෘ හරි. වැට් එක 4% නෙමේ 15%. 4% ගෙවන්නේ රටෙන් 45000 විතරයි අනිත් හැමෝම 15% ගෙවන්න වෙනවා. (ර)
හලාවත, කටුනායක, රතුපස්වල උද්ඝෝෂණ වලට වෙච්ච දේ යහපාලනයෙන් සිදු නොවන බව දන්නා නිසා කව්රුත් බැහැලා පෙළපාලි යනවා . (ම)
ඔන්න ඕකට තමා වෙනස කිව්වේ (ම)
බදු ගහල කරන්නේ රජයේ වියදම් පියව ගන්න එක. නැතිනම් ණයට සල්ලි ගිනි පොළියට ගන්න වෙනවා. එය දීර්ඝ කාලීනව රටට ඉතාම අහිතකරයි . දැනටමත් රට ණය උගුලකට අහුවෙලා ඉන්නේ . (ම)
අතීතයේ අපට ඕන තරම් අත්දැකීම් තියෙනවා දැනට පාලනය හොබවන අය මේ රටට කල හොදට වඩා අපේ රටට නැති ප්‍රශ්න අලුතින් නිර්මාණය කල බව. (ම)
ඔව් ඔව් එකත් හොද චුන් තමා හැමදේටම මහින්ද මත්තයා නොහැකියාව කියන්නැහැ (අ)
කොහොමද හොදයි නේද යහපාලනයට ලබන පාර ඡන්දෙ දෙනවද
වැට් ගැන කතා කරන ගමන්, කඩ සාප්පු වසා මෙයාල යන්නේ වසන්ත පාගමනක් වගෙයි. (ම)
රට ඉවරයි දැන් පුළුවන් කෙනකුට දීල ගියොත් හොද නැද්ද (අ)
සමහරුන්ගෙ මොඩකමට සීමාවක් නෑ, මිනිසුන් කඩ සාප්පු කරන්නේ ආන්ඩුවට බදු එකතු කරල දෙන්න නෙමෙයි, වැට් එකතු කලාම බඩු මිල තවත් වැඩිවනවා, ආනයනය කල බාන්ඩ වෙලඳපොලට එන්න කලින් බදු අයකර වැට් එක්තු කලාම කරුද බඩූ ගන්නෙ, කොහොමද කඩ කුලී ගෙවන්නේ? පුලුවන් නම් ඔය කඩෙ යන අය අපිට කියල් දෙන්න. (අ)
ලංකාවේ මිනිස්සු හැම දෙයක්ම නිකන් කන්න පුරුදුවෙලා. බදු ගෙව්වා කියා කාටවත් පාඩු වෙන්නේ නැහැ. අනික මේ වෙළෙන්දෝ ළග කොපමණ කළු සල්ලි ප්‍රමාණයක් ඇතිද?පවතී සෑම රජයකම් ජනතාව මත බදු පැනෙව්වා.නමුත් මේ පාර වෙනස්. (බ)
නුවර තිලක් හරි. අනේ සාම නොදන්නා දේවල් කතා නොකර ඉන්න. (අ)
පාර්ලිමේන්තු ගිය එවුන් සුර සැප විඳිනවා. ජනතාව අපා දුක් විඳිනවා. (බ)
සාම සහ රොහාන් මුලින්ම පාසල් ගිහින් එන්න. ‘ඉන්පුට් වැට්, අවුට්පුට් වැට්‘ කියලා දෙකක් තියනවා. මේකේ බලපෑම පාරිභෝගිකයාට විතරක් නෙමෙයි වෙළෙන්ඳාටත් එසේමයි. (නි)
අසව් අසව්! බොරුකාරයෝ රට විනාශකළ වගයි. මීට වගකිවයුත්තේ ජනතාවයි (නි)
අැයි තව කාර් ගන්න තියනවනේ. මේවා නොකර කොහොමද? (නි)
කවුරු කොහොම බයිලා කිව්වත් කලින් ආණ්ඩුව තිබුනා නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ. (නි)
එනවා එනවා ඔන්න මහජනතාවගේ වාරය එනවා! (නි)
වැට් බද්දෙන් බඩු මිල වැඩිවුණා තමයි. ඉතින් මේ මුදලාලිල මොන එහෙකට පාරට බහිනවද? ඒගොල්ලන් වැට් එකත් එක්ක අපෙන් අය කරගන්නවා. අනික මේ පෙළපාලි යන කට්ටියගෙන් 10% ක් වත් වැට් ගෙවන්න ලියාපදිංචි වෙලා නැහැ. හරි නම් මඟට බහින්න ඕනෑ අපි. ඒ කියන්නේ පාරිභෝගිකයෝ. (නි)
දැන් මේකත් මහින්දගේ වැඩක් කියලා කියයි (නි)
දියුණුවේගෙන ආ රට යහපාලනයෙන් කෑවා (නි)
හැම බරම මිනිස්සුන්ට (බ)
මහින්ද බදු ගහද්දි මේ කට්ටිය කොහේද හිටියේ? මේ වැට් බද්ද අද ඊයේ ගහපු එකක් නොවෙයි. අවුරුදු 20 ක් විතර තියෙන එකක්. ඇයි දැන්ද දන්නේ? ව්‍යාපාරිකයන්ට බදු ගෙවන්න බැරි නම් බිස්නස් නතර කරලා රස්සාවක් කරන්න කියන්න (නි)
මිනිස්සු වින්ස්ටන් චර්චිල් ඡන්දෙන් පැරැද්දුවා. ඊටපස්සේ දැනගත්තා කරගත්ත මෝඩකම. ආයේ ඡන්දෙකින් බ්‍රිතාන්‍ය අගමැති අමාත්‍ය විදිහට පත්කරගත්තා. දැන් අපිට කාලේ හරි කරගත්ත මෝඩකම මකා ගන්න. මහින්ද රාජපක්ෂ නැතුව මේ රට ගොඩගන්න කිසිම ජගතකුට බැහැ (නි)
මෙගා ව්‍යාපෘති වල ප්‍රතිඵල තමයි මේ (නි)
රටම එකතුවෙලා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑ (නි)
නැවත ඡන්දයක් තිබ්බොත් මේ පවතින වාතාවරණය යටතේ, මිතුරනි අපි සියලු දෙනාම ආයෙත් පරාදයි (නි)
යහපාලනයේ ප්‍රතිඵල! (නි)
මේගොල්ලෝ විරෝධය පාන්නේ හරියට ඒගොල්ලෝ ගෙවනවා වගේ. පාරිභෝගිකයාගෙන් අයකර ගන්නවා (නි)
මෙය මුළු ලංකාවේම එකවර ක්‍රියාත්මක කළයුතුයි (නි)
රජයක ප්‍රතිපත්ති ජනතාවට පීඩාවක් වේ නම් ඊට විරෝධයපෑමට ජනතාවට පුර්ණ අයිතියක් තියෙනවා. නමුත් බොරදියේ මාළු බාන අවස්ථාවාදී දේශපාලන කපටින්ට නැවත බලයට ඒමට මෙවැනි නැඟීසිටීම් හේතු නොවිය යුතුයි (නි)