නියමිත කාලය ඉක්මවීමට පෙර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට පියවර ගැනිම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඡුන්ද දායකයෙක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙළේය. දමන පදිංචි කස්තුරි කංකානම්ලාගේ ප‍්‍රියරන්ජන් අමරසිංහ විසින් ගොනු කැරුණ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නැගෙනහිර පළාත් මහ ඇමැති, එම පළාත් ආණ්ඩුකාරවරයා පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය, කෘෂිකර්ම අමාත්‍ය, මාර්ග සංවර්ධන අමාත්‍ය, අධ්‍යාපන අමාත්‍යවරයා නම්කරනු ලැබ සිටිති. එම පළාත් සභාවේ නිල කාලය 2013 මැයි 10 වැනිදා අවසන් විය යුතු නමුත් ඊට පෙර එය විසුරුවා හරින ලෙස ආණ්ඩුකාරවරයා උපදෙස් දීමට මහ ඇමැති සූදානම් වන බව දැනගන්නට ලැබී ඇති බවත් ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නැගෙනහිර සභාවට තහනමක් ඉල්ලයි
අමිල කටුනායක Thursday, 14 June 2012 09:53 AM
පළාත්සභා නම් ඕනෙම නෑ...
රජිත් Wednesday, 13 June 2012 07:45 PM
හා හා ඕන දෙයක් කර ගන්නවාකෝ
කිරිමාටිං Thursday, 14 June 2012 11:28 AM
නිකං පළාත්සභාවලට බැන්නට වැඩක් නැහැ.. වැඩකරන්න සල්ලි දෙන්න ඕන...
කොරනේලිස් Thursday, 14 June 2012 10:53 AM
සියල්ල දැන් ආර්ථික සංවර්ධනේ මගින්... දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහාත්, ප්‍රාදේශීය සභා හරහාත් කරන්නෙ..මේක පළාත් සභා කොන්කිරීමක්ද??
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 13 June 2012 11:03 PM
රටක පුරවැසියන් ක්‍රියා කරන්නේ රටේ පාලක පිරිස් ආදර්ශයට අරගෙන.ඒ නිසා පාලක පිරිස් පළමුව ආදර්ශමත් වීම රටක ජනතාව අදර්ශමත්වීම කෙරෙහි ප්‍රබලව බලපාන කරුණකි.
දිනූෂි නවරත්න Wednesday, 13 June 2012 11:07 PM
පළාත් සභා දැන් තිබෙන ක්‍රමය අකාර්යක්ෂමයි.ඒ නිසා මීට කලකට ඉහතදී තිබූ ක්‍රමවේදය යළි ස්ථාපිත කළහොත් මීට විසඳුමක් බව පැහැදිලිය