ලබන 27 වැනිදා නුගේගොඩ දී ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති රැලියට ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් එකතුවීමට සිටි නමුත් පවතින තත්ත්වය අනුව එසේ නොකරන්නැයි තමා ඉල්ලා සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අද (24) පැවසීය.
මේ වනවිට විමල් වීරවංශ මහතා සිරගත කොට ඇති බවත් ඔවුන්ට ද විවිධ බාධා එල්ලවීමට ඉඩ ඇති බැවින් එසේ නොකරන්නැයි තමන් ඉල්ලා සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර හෑල්ලුවෙන්නේ නැතුව ඔබතුමා පාඩුවේ හිටියා නම් ඉවරනේ (නි)
අනේ මහත්තයෝ, අපිවද අන්දන්න හදන්නේ. දැන් ඉතින් කියන්න ආණ්ඩුවෙන් එන්න හැදුවා අපි එපා කියලා නැවැත්තුවා කියලා. ඔන්න ඔය පිළිවෙල වෙනස්කරගන්න මුලින්ම. හැමදාම මිනිසුන්ව අන්දන්න බැහැ. (නි)
තවමත් ඉන්නවානේ පැත්තකට වෙන්නේ නැතුව (නි)
ඇත්තටම එන්න එපාද , අනේ මමනං එන්න හැදුවේ (බ)
අනේ නිමල් මහතෝ ඒ උත්තමය නිසා නේද ඔබල අදත් කොටින්ගේ බෝම්බ වලට අසු නොවී ජීවත් වෙලා ඉන්නේ (බ)
මෙහි අදහස් දක්වා ඇති සියලුම දෙනාට අතීතය අමතක වී ගොස්ය (බ)
අර පොල් ගහන සෙට් එක එයි. ඔය අතන මෙතන මිනිස්සු රස්තියාදු කරන්නේ නැතිව ගිහිල්ල කුරුණෑගල ටවුම හදන්න. (බ)
මෙතුමාගේ සංසාරේ පුරුද්ධ තමා පන්සල්වලට ගිහින් බොරු කියන එක. කව්රුවත් එන්නේ නැති බව දන්නා නිසා අදත් පන්සලේ ඉදන් බොරුවක් කියනවා නේද.(බ)
අර සාස්තරකාරයාගේ ලනුව ගිල්ලා නේද එහෙනම්? (නි)
දේශපාලනයේ මෙච්චර හෑල්ලුවෙන මොහු ගැන ඇත්තටම ඇතිවෙන්නේ අනුකම්පාවක්. ධූර වාර දෙකෙන් පසු බලය අතහැරියා නම් අද කොහොම සැළකිළිද? (නි)
අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. මේ පදය අදවත් පිළිපදින්න. (නි)
ජයසිරි! ඔබ හරි! "අතීතය මෙතරම් ඉක්මනට අමතකවන මිනිසුන් ඇත්තටම මිනිසුන්ද? එසේත් නැත්නම් වෙනම සත්ව කොට්ඨාශසයටද, තම නෑදෑ හිතමිතුරන්ගේ ජීවිතය කෙරෙහි කිසිම විශ්වාසයක් නැතුව ජීවත් වූ ඒ කාලකන්නි යුගය අවසන්කර දුන් ඒ යුග පුරුෂයා මොවුන්ට අමතක වූ ඉක්මන? (බ)
මොනතරම් හොඳ තත්වයක් තියාගෙන ඉන්න පුළුවන් කෙනෙක්ද මෙච්චර සවුත්තු වෙන්නේ? (නි)
මිනිසුනේ, මේ මනුස්සයා නොහිටින්න අද ඔහුට බනින මිනිසුන්ගේ කෑලිත් නැතිවෙන්න තිබුනා. නිමල් අද ඉපදුනා වගේනේ (නි)
රටක ත්‍රස්තවාදය නැති කිරීම රටේ ජනාධිපති අගමැති ඇතුළු හැමෝගෙම වගකීමක්. රජ කාලේ ඉඳලම යුද්ධ කරලා රට බේර ගත්තා මුළු ලෝකෙම රටවල්. ලංකාවේ යුද්ධෙන් හැම පක්ෂයේම අය මැරුණා. මැරුවා.එහෙන් ජේ වී පී අය අහිංසක කලාකාරයෝ දේශපාලකයෝ මැරුවා. ඉතින් රට බේරා ගත්තු අය රණ විරුවෝ එච්චරයි (බ)
එක් කෙනෙක්වත් නාවොත් මාර සවුත්තුව නිසා එන්න එපා කියනවා. තාමත් හිතන්නේ රටේ ඉන්නේ මෝඩයෝ කියලා. ඕක කෝල් කරලා කට්ටියට කියන්නනේ තිබුනේ. (නි)
අතීතය මෙතරම් ඉක්මනට අමතකවන මිනිසුන් ඇත්තටම මිනිසුන්ද? එසේත් නැත්නම් වෙනම සත්ව කොට්ඨාශයක්ද? තමාගේ, තම දෙමාපියන්ගේ, තම දරුවන්ගේ, තම නෑදෑ හිතමිතුරන්ගේ ජීවිතය කෙරෙහි කිසිම විශ්වාසයක් නැතුව ජීවත් වූ ඒ කාලකන්නි යුගය අවසන්කර දුන් ඒ යුග පුරුෂයා මොවුන්ට අමතක වූ ඉක්මන? (නි)
හේවාවිතාරණ මහත්මයෝ, යමෙක් කළ හොඳ දේ අගය කළයුතුයි. නමුත් යමෙක් තමා කළ වැරදි වසාගන්න බලය යෙදවීම සඳහා බලය ලබාගැනීමේ චේතනාවෙන් ජනතාව මුලාකොට මෙහෙයවීමට කරන නොයෙකුත් උප්පරවැට්ටි වලට කීදෙනෙක් හසුවෙයිද? (නි)
ඔබාමා ආදර්ශයට ගන්නේ කොහොමද මෙයාගේ පිටරටවල තියෙන සල්ලි වත්කම් අහුවුනොත් අනිවා හිරේ යන්න වෙනවා එනිසා කොහොමහරි බලයට එවිත් සියල්ලන්ගෙන් පලි අරගෙන තම පවුල තව දුරටත් රැක ගැනිමයි අරමුණ බලය ගන්න තියෙන කෑදරකම ඇස් දෙකින්ම පේනවා (ම)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආශාවක් (ම)
හරි හරි. එහෙම කරන්නම් එහෙනම් (නි)
හේවාවිතාරණ, යුදමය වාතාවරණයකදී රට බේරාගැනීම රටේ නායකයාගේ වගකීම සහ රාජකාරිය. එ්ක කළා කියලා ජීවිත කාලයටම රට බාරදෙන්න අවශ්‍ය නැහැ. (නි)
හේවාවිතාරණ මහතාණනි, මොනවා වුණත් මෙතුමා රටට යමක් කළා. එනිසා තමා අපි කියන්නේ ඔය හොරු රෑන සමඟ යන්න එපා කියලා. ඔය ටික තමා මෙතුමා විනාශකළේ. මෙතුමා හැදෙන්නෙත් නැහැ, හදන්නත් බැහැ (නි)
දීකිරට බළල්ලුත් සාක්කියි ... ඉස්සර සිංහයා වගේ හිටපු මෙතුමාට ගිය කලක් ... පව් !!! (බ)
චන්දන කියන එක නම් ඇත්තම තමයි. (නි)
පව් අප්පා කාටද මෙව්වා කියන්නේ එයාගේ බැතිමතුන්ට වෙන්න ඇති හිටපු ජනාධිපති කෙනෙක් වැටිලා ඉන්න තැන (බ)
රටට ආදරේ තියෙන මොළේ තියෙන මිනිස්සු මහින්ද මහත්තයා සමඟ එකතුවෙනවා. එ් ඇති. (නි)
මොළේ තමා මොළේ....! (නි)
හේවාවිතාරණ මහත්තයෝ, සිංහලයා කියන්නේ ගුණමකු ජාතියක්. යුද්ධය පරාද වුණත් දෙමළ ජනයා ප්රභාකරන්ට දෙවියෙකුට වගේ සළකනවා. එතනයි වෙනස. (නි)
ලෙහන්න තිබෙන මල්ල ඔබන්නේ මොකටද කියලා කතාවක් තිබෙනවානේ. ඒ වගේ අපි 27 වෙනිදා වෙනකම් ඉවසමු. (නි)
ඔබතුමාට දැන් මේ රට අයිති නැහැ මහත්තයෝ (නි)
දැන්නම් මෙතුමාට හොඳටම පිස්සු වගෙයි. (නි)
මහින්දගේ ගරිල්ලා මාර්කටින් පාරක්ද? ඔව් ඉතින් ඕකට අාවොත් මෝඩයෙක්ම වෙන්න ඕනෑ. (නි)
තිලක්-ඩුබායි කියනවා රාජපක්ෂලා කියන කිසිම කෙනෙකුට එයා නැවත රටේ බලය අල්ලන්න දෙන්නේ නැහැල්ලු . යහපාලනය හොඳයි කියන්නෙත් නැහැල්ලු. හලෝ ඔහෙට වෙලා දෙන දෙයක් කලා කරන දෙයක් කොරගෙන ඉන්න. යහපාලනයට ඡන්දය දීපු අපි වගේ 250000 දැන් මෙපැත්තට හැරිලා බොහොම කල්. (බ)
අනේ මන්දා ඉතින්. කමක් නැහැ එහෙනම්. එහෙම කරන්නම්කෝ අපි (නි)
රාජපක්ෂ එනවද නැද්ද කියන එක නොවෙයි මිනිසුන්ට වැදගත්. තමුන්ගේ මූලික අවශ්‍යතා වන ආහාර වසවිස වලින් තොරද, වාතය පරිසරය පිරිසිදුද, තමන්ගෙන් අයකරන බදු මුදල් නිසිලෙස භාවිතා වෙනවාද ආදියයි. එයට එරෙහිවන සියලු දේශපාලකයන් ඉවත් කිරීම ඡන්දදායකයාගේ යුතුකමකි. (නි)
හොඳයි අපි නෑවිත් ඉන්නම්. ඔයත් ගෙදර වැඩක් බලාගෙන හිටියොත් නරකද (නි)
මෙතන තවමත් යහපාලනයට කඩේ යන අය රටින් කොටසක් කොටියට දීලා ඉතුරුටික පිටරට වලට විකුණලා දාලා තණ කොළ කන්න දෙනකම් ඇස් වහගෙන විපක්ෂයට බැන බැන ඉන්න (නි)
කට්ටිය නැති නිසා බොරුව දානවා (නි)
දැන් මෙතන අදහස් දක්වපු හැමෝම කියන්නේ එතුමාට රවට්ටන්න බැහැ කියලනේ. එතකොට දැන් ඉන්න උතුමාට රැවටුණේ කවුද? ඇඟිලි දික්කරන්න එපා. හතරක් තමන්ට දික්වෙනවා. කොහෙද ඉතින් කොස්කොල කන්න දුන්නත් කමක් නැහැ. ජාතික කෑමනේ (නි)
නරියත් කිවුවලු මිදි තිත්තයි කියලා (නි)
මහින්ද කියන නිසාම ආණ්ඩුවේ කට්ටිය එන්නේ නැහැ ඒ තරමටම බයයි තවමත් බය අය ඉන්නවනම් මොනවහරි වෙන ගනුදෙනු ඇති (බ)
ඒ ගමන එයා අපිට බයිලා කියන්න ගත්තද? (නි)
රාජපක්ෂලා කියන කිසිම කෙනෙකුට නැවත රටේ බලය අල්ලන්න දෙන්නේ නැහැ. "යහපාලනය" හොඳයි කියන්නෙත් නැහැ. දැන්වත් රටේ ධනස්කන්දය ගසා කාපු හැම කම්බා හොරෙකුටම දැඩි දඩුවම් දීලා ඒ මුදල් ජනතා සතුකරලා අසරණ ජනතාවට ගහන බදු ගැහිල්ල නැති කරන්න තවමත් කාලය තිබෙනවා. (නි)
වීරවංශ නැතුව මේවා තියලා වැඩක් නැහැ තමයි (නි)
තාම යහපාලනයට කඩේ යන අයට තේරෙන්නේ නැති හැටි. (නි)
මේවා සොබාදහමින් දුන් දඬුවම්. (නි)
අපිනම් කියන්නේ මොහු කර තිබෙන දේ අනුව මොහුට පැත්ත පළාතේ එන්න එපා කියලයි (බ)
මම ලංකාවට අාවේ අවුරුදු 5 කට පසුව. මහින්ද කරපු වැඩ වලින් සහ යහපාලනය කරන සහ කරපු වැඩවලින් මට හිතන විදිහට, මහින්ද ඉවත් කරපු එක ලාංකිකයන් කරපු ලොකුම මෝඩකමක්. (නි)
රාජපක්ෂලා ඉදිරියේදී රටේ නීතියෙන් බේරී සිටීමට හොඳින් හෝ නරකින් රටේ පාලන බලය ගන්නම ඕනෑ. ඒ නිසා "ඔළුගෙඩි බිලිබාගැනීමට" කෝටි ප්‍රකෝටි මුදලක් වියදම් කරනු ඇත. (නි)
බල තණ්හාවෙන් පිස්සු වැටිලා ඉන්නේ. කවදාවත් ආයේ බලයට එන්නේ නැහැ. (නි)
ඔබාමා වගේ ඉන්නකෝ වද නොදී (ම)
තවමත් සමහරු යහපාලනයට කඩේ යනවා. මෙයාලට මොළේ කළඳක්වත් නැද්ද මන්දා. මෙයාලට කන්න දෙන්න ඕනෑ තණකොළ පිදුරුයි, නියඟලා අලයි. එම අහාර ටික දඹුල්ලේදී අපි නොමිලේම ලබාදෙන්නම්. අරන් යන්න...... හැමවෙලාවෙම මහින්දට අවමන් කරනවා. ලැජ්ජයි සිංහලක්මටත් (නි)
අයියෝ අපරාදේ! ආණ්ඩුවේ ඔක්කොම පෝළිමේ එන්නනේ හිටියේ (නි)
ඇත්තටම මෙතන දාපු අදහස් ගැන බැලුවහම පුදුම හිතෙනවා අපි මොනතරම් අඥාන සහ කෙළෙහිගුණ නොදත්, අතීතය මෙතරම් ඉක්මනට අමතක වන ජාතියක්ද කියලා. මම පුදුම වෙන්නේ නැහැ මොවුන් තව ටික දවසකින් පාරට බැස්සොත් ප්රභාකරන් විනාශ කළේ අපරාදේ කියලා. ක්‍රෝටන් කොළ හොඳ වැඩියි කියලයි මට හිතෙන්නේ. (නි)
මෙන්න තිලක් ඩුබායි කියනවා යහපාලනයට දඬුවම් දෙන්න පුළුවන් කියල. (නි)
මේ කියන විදිහට කරලා බලමුකෝ එහෙනම් (නි)
රොෂාන්, 'ඔබට දැන් මේ රට අයිති නැහැ මහත්තයෝ' කියලා මහින්දට කියන්න පුළුවන් නම්, මට හොඳටම විශ්වාසයි එක දෙයක්. එ් තමයි ඔයා දැනටමත් ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම එලවලා දාලා ඇති කියන එක. රටක් අපිට බේරලා දීපු ඒ යුග පුරුෂයා මොනතරම් වැරදි තිබුනත් අපි නම් අමතක නොකරමු. (නි)
ජයන්ත, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා (නි)
සරත්, ඔබ වගේ බුද්ධිමත් කෙනෙක්ගෙන් මම මෝඩයා කියලා දැනගත් එකත් ලොකු දෙයක්. මොකද අපිට පුළුවන් ඔයාලා වගේ ඥානවන්ත උදවිය කියන දේවල් බලා මේ රටේ දිශානතිය ගැන අදහසක් ගන්න. (නි)
නරියත් කිවුවලු මිදි තිත්තයි කියලා (නි)
කිසි කෙනෙක් එන්නේ නැහැ. (බ)
අපිට පිස්සු නැහැ මහත්තයෝ (නි)
අනේ පව් (බ)
කාටවත් එන්නෙපා කිව්වට, 27 වෙනිදට කලින් ඔය ඉන්න සෙට් එකේ කවුරු ඇතුලට යයිද කියන්න බැහැනේ මහත්තයෝ. (බ)
මෙතුමාට තව එක අවස්ථාවක් තිබෙනවා අවංකවම රටට යහපතක් කරන්න අවශ්‍ය නම්. ඒ කොන්දේසිවිරහිතව මෛත්‍රීපාල සිරිසේන ජනපති සමඟ එකතුවීමයි. (නි)
එයාලා එන්න හදනවා..අපි එපා කියනවා.. (බ)
එන්න කට්ටියක් හිටියනම් පුද්ගලිකව දන්වන්න තිබුනනේ. මොකටද අතරමැදි මාධ්‍යයක්. (බ)
අපි හිතුවේ 27 ආණ්ඩුව පෙරළේවි කියල .අනේ දෙය්යනේ ? (බ)
මෙතුමා නැත්නම් අද මෙතන අදහස් දාන අයගෙන් බාගෙට බාගයකටත් මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)
"යුග පුරුෂයා" කියන වචනය මෙතනට දාන්න එපා. යුග පුරුෂයා කියන්නේ රටම, රටේ අනාගත දරු පරම්පරා 100 ණයගැති කරන කෙනෙකුටද? (නි)
"ඔළුගෙඩි බිලිබාගැනීමට" අලුතින් මුදල් ඕනෑ නැහැ. රටේ අසරණ මිනිසුන්ගෙන් ගසා කාපු කප්පරක් මුදල් ලෝකයේ දසත විසිරිලා තිබෙනවා. (නි)
ජයන්ත, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
ජයන්ත, රටේ "හයහතර නොදත් කිරි සප්පයෝ" නිසා තමයි රාජපක්ෂලා සුපිරි ජිවිතයක් ගතකළේ. (නි)
දැන් මෙතුමාගේ වයර් මාරුවෙලා මොනවා කියවනවාද එයාම දන්නෙ නැහැ. (නි)
අපි හිතුව දැන්වත් හැදේවි කියා ,මෙයා හැදෙන කෙනෙක් නොවේ මෙයා හිතන් ඉන්නේ වැරදි විදියට ,ඕක නිසා තමා එදත් කෙලවෙලා ගෙදර ගියේ ,(බ)
ඒ කියන්නේ කවුරුවත් එන්න ඉඳලා නැහැ වගේ. මොකක් හරි යටිකූට්ටු වැඩක් කරලා එක්කෙනෙක් දෙන්නෙක් බා ගන්න පොඩි උත්සහයක් දෙන්න ඇති. ඒත් වැඩේ වැරදුනාම ලැජ්ජාව වහගන්න මාධ්‍ය ඉදිරියේ රඟපානවා. විමල් වීරවංශ හිරේ ගියේ රට වෙනුවෙන් වැඩ කරලද? ඔබතුමන් වගේම පවුලට යුතුකම් කරලනේ. එහෙම හිරේ ගිය අය හොඳයි කියන ඔබතුමන්ට අපහු රට බාරදෙන්නේ කොහොමද? (නි)
ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාම දතයුතු කරුණක් නම් අද රටේ තත්වයයි. කොළඹ සිට දකින අසන දේ නොවේ 75%ක් ජනතාව ජීවත්වන ගමේ ඇත්තේ. අද එස්එල්පීය අන්තිම බංකොලොත් වී ඇත. ආණ්ඩුවෙන් වෙන සියලු වැරදි වලට වගකීමට සිදුවී ඇත්තේ යූඑන්පීයට පමණි. (නි)
ඉස්සර හිටපු නරියෙකුත් කිව්වලු කඩාගන්න බැරි මිදි ඇඹුල් කියලා... (නි)
මට මතක් වෙන්නේ ජිප්සිස්ලගේ බයිලාව. “එයා එන්න හදනවා මම එපා කියනවා“ (නි)