‘මහින්ද සමඟ රට දිනවීමට ඔබ සූදානම් ද‘ මැයෙන් බදාදා (18) සවස නුගේගොඩ දී පැවැත්වීමට නියමිත රැලියට යෑමට තමාද තීරණය කළ බව බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියයි.
හෘද සාක්කියට එකඟව වැඩ කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති කියා ඇති නිසාත්, මහින්දට ඡන්දය දුන් පනස් හත් ලක්ෂයෙන් තමා ද කෙනකු නිසාත් එම රැලියට යෑමට තීරණය කළ බව ඔහු පවසයි.
නුගේගොඩ පැවැත්වෙන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්බන්ධයක් නැතැයි මහ ලේකම් අනුර ප්‍රියදර්ශන මහතා කියයි. ඒ බව පක්ෂයෙන් පළාත් සභාවට ද දැනුම් දී ඇත.
සඳුදා සවස ශ්‍රාවස්තියේ දී පැවැති බස්නාහිර පළාත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේ දී මන්ත්‍රීවරු වැඩි පිරිසක් එම රැලියට යා යුතු බව පැවසූහ.
උදය ගම්මන්පිල මහතාගේ ඇමැති ධුරයේ දිවුරුම් දුන් ගාමිණී තිලකසිරි, සෙනල් වෙල්ගම සහ මල්ෂා කුමාරතුංගගේ මතය වූයේ එම රැලියට නොයා යුතු බවයි.
මෙම රැලිය ගැන නොදන්නේයැයි ද, එවැනි රැලියකට තමාට ආරාධනා කර නැතැයි ද මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මීට පෙර කියා තිබිණි.
මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහත්වරු මේ රැලිය සංවිධානය කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්ථිර ඡන්ද හතරක් පමණක් ඇති පක්ෂ හතරක් එකතුවෙලා මොනවද මේ කරන්න හදන්නේ? අනුන්ගේ පහනෙන් එළිය බලන්න හදන අය ඒ පහනටම වැටිලා මැරිලා යනවා (නදී)
මහින්ද රාජපක්ෂ ජනාදි පති තුමාගේ වටිනාකම දැන් තේරෙනවා ඇති හැමෝටම. පාට, පක්ෂ අමතක කර එක්සත් රටක් ගොඩ නැගු ජන නායකයාව රැක ගැනීමට එකතුවෙන්න. එය අපේ යුතුකමය. ඔබත් හෘද සාක්කියට එකගව කටයුතු කරන්න. (නදී)
මහින්ද නැති පක්ෂයකින් අපිට වැඩක් නැහැ. නිදහස් පාක්ෂිකයන් අති බහුතරයකගේ මතය මේකයි. (නි)
ප්‍රසන්න මහා ඇමතිතුමා තමන්ගේ තනතුර රැක ගැනීමේ පරම පවිත්‍ර නිර්මල චේතනාවෙන් ගන්න ලද අදූරදර්ශී තීරණයක්. මෙයට ඔබට පසු තැවීමට වෙනවා. පක්ෂයෙන් එපා කිව්වා නම් මොකක්ද මේ හෘද සාක්ෂිය.? (නදී)
නිලාන් මහතාණනි, කීයටද ලංකාවට ගොඩ බහින්නේ? හෙට මීටීම. 3 ට කලින් එන්න. (නදී)
දැන් හොරකම් කරන්න බැරි නිසා ඔක්කොම කුලප්පු වෙලා (නදී)
මොහාන් නාමල් තව වසර 6 කින් නෙමෙයි 20 කින් වත් වීරයෙක් වෙන්නේ නෑ. මිනිහ කාර්ඩ් එක කුඩු කරන ඉවරයි (නදී)
රටේ මහජන මතය මහින්ද. දිනපතා එතුමා බලන්නට දහස් ගණන් ජනතාව එන්නේ ඒකයි. හෙට නුගේගොඩ ඉඩ මදි වෙයි වගේ.(නදී)
දෙවන පෙළ නායකත්වයක් අනාගතයේදීවත් ඕනේ කියපු මහත්තය නේද මේ? (නදී)
මොනතරම් ගෞරවයක් තියාගෙන සමුගන්න තිබුණු නායකයෙක්ද අද මේ තත්ත්වයට වැටිලා තියෙන්නෙ? (නි)
තවත් කාවද ඔය රවටන්න හදන්නේ. පැරදුනානම් පරාජය නිහතමානිව පිලි අරගෙන ගෙදරට වෙලා ඉන්න. තවත් ජනතාව ගොනාට අන්දන්න හදන්නේ නැතිව. (නදී)
ජයවේවා! (නි)
මහින්ද මහතාණෙනි, ලැජ්ජාවක් තියෙනවා නම් මේ රැස්වීමට යන්න එපා. රටේ හිටිය ජනාදිපති කෙනෙකුට ඔබින වැඩක්ද මේ? ලක්ෂ 58 ක් තමුන්ට ලැබුන බව ඇත්ත. නමුත් මිනිස්සු දැන් ජන්දේ දෙන්න යන්න ඔබට නෙවේ පාර්ලිමේන්තුවට පත් කර අරින ජනතා නියෝජිතයට. මේ දෙක අතර වෙනස පටලවා ගන්න එපා. ජනතා නියෝජිතයන්ගේ දක්ෂ කම් අනුව ඒ අයට ඡන්ද ලැබේවි. මේක විමල් වීරවංස සහ ගම්මන්පිලගේ කුමන්ත්‍රණයක්. ඒ අයගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඔබව බිල්ලට දෙන්න හදනවා. (නදී)
ඇයි මේ සමහර කට්ටිය මහින්ද ජනාධිපතිතුමාගේ නම ඇහුවත් බයවෙලා කෑගහන්නේ? (නි)
අනාත උනු සංවිදානයක්. මහින්දටත් බල ලෝබය අාවහම මොකුත් මතක නැහැ(නදී)
මහින්ද පරාදයි තමයි එත් අර ලක්ෂ 58 ක මතය නියෝජනය කරන්නේ කවුද දැන් පාර්ලිමේන්තුවේ ඔය මතය නියෝජනය කරන කෙනෙක් නැහැනේ ඔක්කොම ආණ්ඩු පක්ෂේනේ දැන් (නදී)
මේ රැස්වීමට ජය වේවා ! ජීවිත කාලයම දේසපාලනේ කරපු මහින්ද මහත්තයා රටට වටිනවා, සමහරු බුදු වෙලා වගේ ප්‍රකාශ ලියනවා, හරිම ජුගුප්සාජනකයි.(නදී)
මොහාන්, නාමල්ගේ අනාගතේ ගැන මහින්ද තාත්තා කලබල වෙන්න ඕනේ නැහැ. කෙරෙන්න ඕනේ දේවල් කෙරිලා එකවුන්ට් වල ඇති මුනුපුරන්ටත් එක්ක. (නදී)
මේ යම පාලනයෙන් රට මුදවා ගන්න ඔබ ඉදිරියට යා යුතුමයි. දින 100න් බාගයක් ගිහිල්ලා ගහපු බෙරයකුත් නැහැ එ්කේ පලුවකුත් නැහැ (නදී)
මේ රූකඩ නැටවීම කවදා ඉවර වෙයිද ? (නදී)
අලුත්ම අතල් එක , ගෙදරයන ගමන් -කාර්ගිල්ස්, කතරගම යන ගමන් - කාල්ටන් (අ)
මම තාමත් හිතනවා හෙට රැස්වීමට මහින්ද මහත්තයා එන්නේ නැහැ. (දිල්)
තුන්පාරක් ඉල්ලන්න ගිහින් චාටර් වෙලා ගෙදර ගියා. ඇයි තවත් චාටර් වෙන්න හදන්නේ. ලැබුන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ගෙදරට වෙලා ආගම ධර්මයෙහි යෙදෙන්න. රාජයෝග ලැබුනේ පින් තිබුන නිසානේ නේද. තවත් පින් රැස් කරලා නිවන් යන්න බලන්න.(නදී)
මොහාන් , තමුන්ට නාමල් වීරයෙක් උනාට මේ රටේ මිනිස්සුන්ට හිතෙන්නේ නාමල් කියන්නේ තාත්තගේ බලයෙන් ඔලුව උදුමවාගත්, වැඩිහිටියෙකුට කතා කරන්න දන්නේ නැති කෙනෙක් කියා (නදී)
නයා මැරිච්ච අහිකුන්ටකයන්ගේ රැස්වීමට යන අයගේ මොලේ පරීක්ෂා කරමුද ? (නදී)
එහෙමනම් ප්‍රසන්න මහත්තයෝ, හිතට එකඟවම පක්ෂයෙන් සහ සියලු තනතුරු වලින් අස්වෙලාම ගියොත් නේද හදපු වඩපු අම්ම තාත්තට උනත් නම්බු ? (නදී)
මම යහපාලනයට කැමැත්තෙන් හිටියා එ්ත් දැන් හිතෙනවා මහින්ද හිටියා නම් හොදයි කියලා. මම එහෙම කියන්නේ රටයි ආගමයි ගැන හිතලා. කුරගල පුද බිම ගැන මේ අය මුකුත්ම කරන්නේ නැති එකෙන්ම පේනවා මෙයාලගේ රටට තියෙන ආදරය. (නදී)
මහින්දගෙන් තොර රටක් නැත (නදී)
57 ලක්ෂයක් ඡන්දය ගත් හැටි අපි දන්නවා.මගේ ප්‍රශ්නය මහින්ද හොරකම් දුෂණ රාශියක් කර තිබෙනවා නම්, එම නායකයාව නැවත වරක් ගෙන්වන්න කටයුතු කරන්නේ ඇයි?එතකොට කෝ මොවුන් කර තිබෙන දුෂණයන්ට දඬුවම්? මේවා වත්මන් නායකයින් ඕනෑකමින් සොයාබැලිය යුතුයි. (නි)
මොහාන්, ඔබ නාමල්ගේ අනාගතය ගැන හිතල මහින්ද මහතාට රට බාර ගන්න කියන්නේ මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද. ඔලුව අතගාල බලන්න. බුද්ධිමත් තරුණයෝ අපේ රටේ තව ඉන්නවා. (නදී)
ඒ අසහාය නායකයා විනාශ කරන්න දායක වූ අය නැවත නම් ගාවාගන්න එපා. (නි)
චතුර, ඔබ හරි. පැරදුනේ සිංහල අපියි. අපිට ඕනෑ අපේ මහා රජා මහින්දයි. එතුමා නැත්නම් '' මම කාටද ඡන්දය දෙන්නේ'' ? ඔබට සුබ අනාගතයක්! (නි)
ඉතාම හොඳ එඩිතර තීරණයක් ප්‍රසන්න රණතුංග මහතා ගෙන තිබෙන්නේ. හදවතට එකඟව කටයුතු කරන නියම ශ්‍රීලනිප නායකයන්ට නුගේගොඩ නොගිහින් ඉන්න අපහසුයි. මෙයට ලක්ෂ ගණනින් සහභාගී වෙත්වා (නදී)
සහන ඊර්ෂ්‍යාවෙන් පැළෙනවා. වෙන කිසිම නායකයෙක් පැරදුනාට පස්සේ මේ තරම් මහජන ආදරයට පාත්‍රවුණේ නැහැ. ඒකයි ලක්ෂ ගණන් වැල නොකැඩී යන්නේ එතුමා බලන්න. (නි)
සමහර අය මහින්දට දේශපාලනය අතහරින්න කියන්නේ එකවරක් පැරදුන නිසා. එහෙත් වෙනස නොතේරන අය මෙතන ඉන්නවා කියලා බැලු බැල්මට පේනවා. (නි)
මොහාන් මහත්තයාට අමු කැවිලාද ? මාලිගාව ඉස්සරහ රේස් පැදපු උදවියට ජාතික වීරයන්ගේ ලයිස්තුවට දාන්න හදන්නේ. (නදී)
පද්මිණි, මෙතුමා කොහොමත් හිතන්නේ තමන්ගේ පරපුර ගැන පමණි, ඒ නිසා හොදම විසදුම නාමල් ගැන හිතල කරබාගෙන සිටීම.(නදී)
චමත්, අන්තර්ජාලයේ යන පුවත් නිසා තීරණ ගන්න එපා. කූරගල ඔය කියන තරම් දෙයක් මේ ආණ්ඩුව ආවට පස්සේ වෙලා නැහැ.(නදී)
මමත් මහින්ද දිනවීමට ඡන්දය දුන් කෙනෙක්. ඒත් මහින්ද රාජපක්ෂ මැතිතුමා දැන්ම දේශපාලනයට ඒම එතුමාට හොඳ නෑ. එතුමාට එරෙහිව යහපාලනයක් වෙනුවෙන් ඡන්දය දුන් අයටම යම් දිනයක අවබෝධ වේවි ඔවුන් නරක අඩු පාලකයෙක් තෝරනවා වෙනුවට කර ඇත්තේ නරක වැඩි පාලකයින් බොහෝ ගණනක් පත්කරගෙන ඇති බව. බුදුන් වහන්සේට එරෙහිව දේවදත්ත බුදු දහමම යොදාගත්තා සේ දූෂණයට එරෙහිවන බව ප්‍රදර්ශනය කර අතිශයින් දූෂණයම පතුරවන බව වටහා ගැනීමට පසුගිය දින 35 ක යහ පාලනයේ තරමින්ම තේරුම්ගත හැක (නදී)
රට වෙනුවෙන් ඔබතුමා කළ සේවයට හෙට ඔබතුමා දිනවන්න අපි ඉන්නවා. (නි)
මාලිගාව ඉස්සරහ කාර් රේස් පවත්තලා බාලිකා විදුහල් වලට පැනල දැරිවියන්ට නටන්න කතා කල කෙනාවද මේ මොහාන් වීරයෙක් කියන්නේ. ? (නදී)
නාමල් වගේ කෙනෙකුට රටක් භාර දෙන්න පුලුවන්ද ? කවදාවත් බිම් මට්ටමේ සිට දේශපාලනයට එන්නේ නැතිව තාත්තගේ පහනෙන් එලිය බලාගෙන පැරෂුට් එකෙන් පාර්ලිමේන්තුවට පහත් වුනා. මහින්ද මහතාගේ පුතා නෙවෙයි නම් ඡන්ද 10 ක් හම්බන්තොටින් ලැබෙන්නේ නැහැ. ඒ තරම් ආකර්ශනිය අනාගත නායකත්වයක් තියෙන්නේ. (නදී)
මොහාන් අපිට ඕන රටට යහපත් වැඩදායක නායකයෙක්. සෙල්ලක්කාර , වගකීමක් නැති දේශපාලක පුත්‍ර රත්නයක් නෙවෙයි. (නදී)
මහින්ද සර්, ඔබ අපිට අහිමිකළද අපි ඔබ සමඟයි. ඔබ යනවිට මම හැඬුවා. (නි)
මහින්දට ලජ්ජා වෙන්න ඕනි නම් පැරදුනාට පසුව නැවත ඉල්ලන්න රනිල්ගේ ලැජ්ජාවේ තරම කොයිතරම් වෙන්න ඕනිද? (නදී)
මහින්ද මහත්තයවත් තවම එන්නේ නැති රැස්වීමට අපි යන්නේ මොකටද ? (නදී)
විමල් සහ ගම්මන්පිල හැමවිටම කාට හෝ මුවාවී දේශපාලනය කල අය. ඔවුන් කෙලින් ඉදිරියට ඇවිත් වැඩකරන්නේ නැත්තේ නොදන්නා කමට නොව කපටි කමට. මහින්ද මහතා මෙම උගුලට අසු උනෝතින් වෙන ප්‍රතිපලය සුබදායක නොවනු ඇත. (නදී)
අනික් ඔක්කොම බය වෙලා වගේ (දිල්)
කවුරු මොනවා කිව්වත් රටේ බහුතරය මහින්ද මහත්තයා එනකල් බලාගෙන ඉන්නේ (දිල්)
රටට අවශ්‍යය වනුයේ ප්‍රතිපත්තිවාදී දේශපාලනයකි. මෙම තුන් හතර දෙනා තනියෙන් හිටගන්න පුළුවන් අය නෙමෙයි (නදී)
තම ගම පවා අමතක කල අයෙක් ගම්මන්පිල කියන්නේ. මුල්ම ඡන්දෙ කාලේ ගෙයින් ගෙට ගිය එයාම පස්සෙන් පස්සට අම්මවයි තාත්තවයි එව්වා. ගමේ අයවත් අදුරන්නේ නැති කෙනෙක්. දැන් මෙයාට මුල අමතකයි. අපි ඡන්දය දුන්නේ මේ වගේ වැඩ කරන්න නෙවේ. දැන්නම් දුන්න ඡන්දය ගැනත් දුකයි අපරාදේ. තම ප්‍රතිපත්ති පවා අමතක කල මනුස්සයෙක්. (නදී)
ප්‍රභාකරන්ගේ භූගත බංකර නරඹන්නත් ජනතාව ගියා. මහින්ද මහත්තයා සහ ඔහුගේ කාල්ටන් නිවාස නරඹන්නත් ජනතාව යනවා. ගියාට සියලු දෙනාම ඔහුට ඡන්දය දේවි යැයි සිතීම මුලාවකි. තම ආණ්ඩුවේ සිටි හොරුන්ට විරුද්ධව ක්‍රියාකර ජනතාවට දුන් පොරොන්දු ඉටුකළා නම් අද මහින්ද මහතාට මිනිසුන් සළකන්නේ දෙවියෙකුට වගේය (නි)
රට විනාශයේ දොරටුවට ගෙනයාමට මත්තෙන් එය වළකාලීම දේශප්‍රේමී සියලුදෙනාගේ වගකීම සහ යුතුකමකි. (නි)
මහින්දට ආස කට්ටියට තංගල්ලේ ගිහින් බලල එන්න පුළුවන් (නදී)
මහින්ද පැරදුනේ නැහැ පැරදුනේ අපි.(නදී)
මිනිස්සු දින සීයටම බලාන ඉන්නවා. මේ තරම් අගාධයට ගියපු රට කවදා ගොඩගන්නද (නදී)
අනේ අනිච්චන් නාමල් වීරයන්ගේ ලයිස්තුවේද දැන් ඉන්නේ ? (නදී)
අනිවාර්යෙන්ම ඔබ එන්නම ඕනේ නැත්නම් රට විනාසේ ඔබ අපට එපාවී නැත ඔබේ අපගේ ජනපති. රටේ තත්වේ දැන් අපට වැටහෙනවා ජිවත් වෙන්න රටක් අපට ඕනේ. ජයවේවා. (නදී)
මහින්ද මහතා රටට අවශ්‍ය නායකයෙක්. ඒ නිසා එතුමාව නැවත බලයට ගෙන අා යුතුයි. එතුමා දිනවපු නිදහස් පක්ෂයත් එතුමාව කොන් කරන වෙලාවේ, මේ නැගිටීම හොඳයි. අපි ඔබ සමගයි (නදී)
මොහාන් නාමල්ව වීරයෙක් ලෙස සලකන්නේ ඉතිහාසයේ කිසිම දේශපාලක පුතෙක් නොකළ හපන් කම් ටිකක් කළ නිසා වෙන්න ඇති. (දිල්)
මට පේන්නේ සමහරුන්ට ආයෙත් නුවර කාර් රේස් බලන්න ආසාවේද කොහෙද ! (දිල්)
බණ්ඩා, අපි මෝදිට වඩා මහින්දට කැමතියි (බ)
මොහාන් මහත්තය නාමල්ව විකුණලා මහින්දව නතර කරන්න හදන්නේ අපි මොන්ටිසෝරි ළමයි කියල හිතාගෙන වෙන්න ඇති..කාගේ කාගේත් බය අපිට තේරෙනවා..අතට ගත්තදේ කටට දා ගන්න 2002 දීත් ලැබුනේ නැහැ..එදානම් අවුරුදු දෙකක්වත් හිටිය..මෙදා පාර මාස තුනයි මොහාන් මහත්තයෝ..ඡන්දෙ දීපු අපි මහින්ද මහත්තය ගැන බලා ගන්නම් ..ඔයාල යහපාලානේ ගැන බලා ගන්න..තව දින ගානයි වතුර රත් වෙන්න තියෙන්නේ..(බ)
රට විනාශයේ දොරටුවට ගෙනයාමට මත්තෙන් එය වළකාලීම දේශප්‍රේමී සියලුදෙනාගේ වගකීම සහ යුතුකමකි.මහින්ද පැරදුනේ නැත. පැරදුනේ අපිය. අපි ඔබ සමඟයි. ආදරණීය නායකයාණෙනි, අපි ඔබ එනතුරු ආදරයෙන් බලාසිටිමු. මහින්ද මහතාට මිනිසුන් සළකන්නේ දෙවියෙකුට වගේය (නි)
ප්‍රතිචාර දැක්කහම හිනායනවා.කට්ටිය බයවෙලා වගේ.මහින්දට අැයි මේ තරම් බය.එයා ඉල්ලනවා නම් ඉල්ලපුවාවේ.ඡන්දය දෙන නොදෙන එක මිනිසුන් තීරණය කරයි. (නි)
මහින්ද කියන්නේ ඉතිහාසගතවෙන කෙනෙක්. උතුරේ ඡන්දෙන් ඉලක්කම් වලින් පරාජය වුණාට ජනතාවගේ හදවත්වල ඔහු ඉන්නවා. හොරකම් ගැන කියන ඒවා ජනතාව තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. අනෙක පහුගිය ආණ්ඩුව විනාශ කළේ වටේ සිටි අය. එයාලා යකඩ තිරයක් හදලා ජනාධිපතිතුමා වටකරලා තිබුනේ (නි)
නියමයි ප්‍රසන්න! (නි)
මහින්ද පැරදුනේ නැහැ පැරදුනේ අපි. අපි ඔබ සමගයි. ආදරණිය නායකයාණනි අපි ඔබ එනතුරු ආදරයෙන් බලා සිටිමි. (නදී)
හොඳ තීරණයක්. ඔබ වැනි මුල මතක ඇති අය සිටීම ගැන සතුටුයි (නදී)
අපෝ අපිට නම් මේ තාත්තලා පුතාල එපා. ඊළඟට පුතාව මේ රටේ නායකයා කරන්න හිතන කට්ටියට ,තව වැදගත් දක්ෂ අවංක තරුණයෝ මේ රටේ ඇත්තෙම නැද්ද ? වෙන ඕන කෙනෙක් ඔය පක්ෂයෙන් දේශපාලනයට ආවට කමක් නැහැ. (නදී)
රනිල්ට දෙන්නත් බැහැ, මහින්ද නැතුවත් බැහැ, රටත් ඕනෑ... අනේ මන්දා! (නි)
යන නොයන එක තමන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියක් (නි)
ඔය එන්නේ අපිට ආදරේකට නම් නොවෙන බව අපි දන්නවා. (නි)
මොනවද මේ වැඩ? දැන් ඉතින් නිදහසේ ගෙදරට වෙලා ඉන්න. මහින්ද චින්තනය අවුරුදු 9ක් කළානේ. දැන් වෙන නව චින්තනයකට ඉඩ දී බලා සිටින්න. (නි)
මේ වගේ කෙනෙක් ලෝක ඉතිහාසයේවත් නැතුව ඇති (නි)
ගමේ චණ්ඩි කොහොමත් ඉතින් මිනිසුන්ව බයකරගෙන තමයි සමාජයේ ජීවත්වෙන්නේ. (නි)
ලසන්ත, මොකද මහින්ද නැත්නම් රට මුහුදට ගිලා බහියිද? (නදී)
මේක පැරදුනොත් තව ටික කලකින් පළාත් සභා ඡන්දෙටත් ඉල්ලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අයවත් කැමති නැහැ මෙයට. ඒ අය දන්නවනේ හිටිය කාලේ පරිප්පු කෑව හැටි (නදී)
මොහාන්,කුරගල ප්‍රශ්නය ගිය ආණ්ඩුවෙන් විසදලා තිබ්බා ... දැන් එක නැවතත් ඇවිත් .... මේ වෙනකන් ඒ ගැන ආණ්ඩුව බැලුවේ නෑ නේද?(නදී)
සිංහලයෝ බහුතරයක් කලගුණ නොදත්, කියන්නන් වාලේ ඔහේ කියවන රැලක් බවනම් පැහැදිලියි.(අ)
@නලිනි මොකද තමා පැරදුනේ, මහින්දගේ කාලේ තමා හොදට අ යුතු විදිහට හම්බ කළාද? (අ)
සිංහල ජාතිය තරම් ලෙහෙසියෙන්ම රවටන්න පුළුවන් වෙන ජාතියක් නැහැ.ඇස් පනාපිට පෙනෙන සත්‍ය නොදකින තරම් අන්ධ භක්තිකයන්ගෙන් රටටත් ඒ අයටත් ඵලක් නැහැ. දේශපාලකයන් එනවා. යනවා. නමුත් රට ඉදිරියටම යා යුතුයි. මතු පරම්පරාව වෙනුවෙන්.අපි කඩේ යන්න ඕනෑ නැහැ දේශපාලකයන් වෙනුවෙන් (නි)
මොන ජරා වැඩේ කලත්,රට කෑවත් මහින්දම ඕනෙ කට්ටියකුත් ඉන්නවනෙ. (අ)
@ චතුර: මහින්දව ඔයා ගෙදර අරන් යනවා. අපිටනම් එපා ඔය රට පාළුව. අපේ සෙන්පතියෝ ජීවිත දන් දීල රට බේර ගත්ත . මහින්ද නිකම් ලකුණු දාගන්නවා. ඔය රට කාපු කෙනා ඔයා ගෙදර අරන් යන්න. (අ)
හිටපු ජනපතිතුමනි, මෙයට යන්න එපා කියලයි මම නම් කියන්නේ. ඔබගේ ගරුත්වය රැකගන්න. (නි)
ලොක්කා, ඉල්ලන් කන්නද හදන්නේ? (නදී)
මහින්ද මහතාණනි, දැන්වත් දිය යටින් ගින්දර ගෙනයන ප්‍රතිපත්ති අතහැර දමා කෙලින් වැඩ කරන්න පටන් ගනු මැන. ඔබ සිතිය යුතු විමල් ගේ දේශපාලන අනාගතය ගැන නොව නාමල් ගේ ඉදිරි දේශපාලන ජීවිතය ගැන බව මතක් කර ගන්න. තව වසර 6 ක් යන විට නැවත නාමල් වීරයෙක් වනු ඇත, එතකන් කාලයට ඉඩ දෙන්න. දේශපාලන අනාථයන්ගේ පෙරමුණු වලට ඉඩ දෙන්න එපා. යු එන් පි කාරයෝ බලා සිටින්නේ ඔබ පක්ෂය කඩා දමන තුරු. එයට අසු වෙන්න එපා. නම කැත කරගෙන නාමල් ගේ අනාගතය විනාශ කරන්න එපා.(නදී)
"රනිල් සහ මහින්ද" ගෙන් තොර දේශපාලනයක් අපේ රටට නැද්ද? ඇයි අපේ මිනිස්සු මෙහෙම වෙලා ඉන්නේ? (නදී)
ජනපති ධුරය දෙවරක්ම දැරූ හා එහි තේජස් බව හැල්ලු කිරීමකට ලක් වීමක් මෙයින් සිදු වෙන්නේ. (නදී)