මහින්දට අගමැති අපේක්ෂක කම අවශ්‍ය නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති හමුවී එම ඉල්ලීම ඉදිරිපත් කළ හැකි යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
‘මහින්දට අගමැති වෙන්න ඕනෑ නම් නුගේගොඩ රැලි තියන්න ඕනයෑ. බස් 212කින් මිනිස්සු අදින්න වියදම් කරන්න ඕන නැහැ නේ. ජනාධිපතිතුමා හමුවෙලා ඉල්ලීමක් කළා නම් හරිනේ. එතුමා හිටපු ජනාධිපතිනේ. මං අගමැති වෙන්නම් ඔබතුමා ජනාධිපතිකමේ ඉන්න කියලා කිව්වනම් හරිනේ. ඔයිට වඩා සෙනඟ හිටපු රැස්වීම් ජනාධිපතිවරණය කාලෙත් තිබුණා නේ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මැතිවරණයෙන් පසුවත් ඔබතුමා කියන දේවල් අහන්න කැමතියි. (නි)
අනේ මහත්තයෝ, අපි නම් යන්නේ බස්වලින්. අපේ ජනතාව දහස් ගණනින් ඔය රැස්වීමට සහභාගිවෙන්න ආවෙ කාර්වලින් නොවේ. බස් වලින්. ගාස්තු ගෙවාගෙන. ඔබ ඔය පවසන බොරු වලට දත් ගැළවෙන දිනය වැඩි ඈතක නොවේ. (නි)
ඔන්න පසුගිය අවුරුද්දේ මන්දිරයේ දාපු පාටියක කෑම බිල උසස් අධ්‍යාපන අමාත්‍යංශයට එවලාලු පියවන්න කියලා. අපි මේ බලන්නේ අපිට සමහරුන්ගේ මගුල් ගෙදර බිලුත් බදු සල්ලි වලින් ගෙවන්න සිද්ධ වෙනවා තව පොඩ්ඩෙන්. (හේ)
රැළිය සාර්ථකයි කියලා සුසිල් ප්‍රේමජයන්ත මහත්තයා කියනවා. ආවේ බස් වලින් ඇදපු සෙනඟ කියලා රාජිත මහත්තයා කියනවා. මොනවද මේ එකම පක්ෂයේ ඉන්න දෙන්නෙක් කියන කතා? (නි)
රාජිත, ඔබ හරි. පොරොන්දු දුන් ජනතාව සමඟ සෙල්ලම් කරන්න එපා කියා අවධාරණයෙන් ඉල්ලනවා. (නි)
බස් 212 න් 25000 ආවා කියමුකෝ. ඉතිරිටික ආවේ මොකේද? (නි)
බස් වලින් එන්නේ නැතුව පයින් එන්නද කියන්නේ? අනේ යන්න මහත්තයෝ බයිලා කියන්නේ නැතුව (නි)
දොස්තර නොහිතපු දෙයක් වෙන්න යන්නේ. දැන් මඩක් වත් ගහල වට්ටන්න බලමුද? (නදී)
මහින්ද මහත්තයා කාටවත් පින්සෙන්ඩු වෙන්න උවමනා නැහැ එතුමාට ජය සිකුරුයි.(නදී)
අපි එදත් මහින්දට, අදත් මහින්ට, හෙටත් මහින්දට. (නදී)
රවිඳු ලියනගේ මහතාගේ කතාව අනුව මට වැටහෙන්නේ තවමත් තණ කොළ කා පුන්නක්කු බොන කොටසක් සිටිනවා කියා. පසුගිය දස වසර තුල සිදුවූ දේවල් නොදැන හෝ නොදැක කියනා කතා (නදී)
ලංකාදීප ගොඩක් ස්තුතියි මේ ප්‍රතිචාර පල කරාට (නදී)
රැස්වීම්වලට බස් නැත්නම් සෙනගත් නැතිබව සක්සුදක් මෙන් මුළු රටම දන්නා කරුණක් නේ. "ලංකාදීප පත්තරේ" පින්තුර ටික දැක්කම ඒක යලිත් වරක් තහවුරු උනා. සෙනග දැක්කා කියලා බයවෙන්න එපා. ඡන්දෙ දීපු අය හෝ දෙන අය විතරක් නෙවි ඔය සෙනග මැද්දේ හිටියේ (නදී)
ජනතාව ඇත්ත දන්නවා (නි)
මෙහෙමත් බයවීමක්? ඔය පටන්ගත්තා විතරයි. (නි)
පිවිතුරු බන්දුල ,ඔබගේ ලොක්කාව රටේ ජනතාව ගෙදරින් එළවලා දාලා තියෙන්නේ. අලුත් අයිතිකාරයා හොඳට වැඩ කරගෙන යනවා.පැරදිලා ඉන්න අය වෙනුවෙන් බොරුවට අඬන්න එපා! (නි)
කොහොමටත් පිට පළාත්වල අය එන්න ඕනෑ බස්වලින්නේ. ඉතින් කවුරුහරි බස් දාලා සෙනඟ ගෙනාවා කියමුකෝ. ඒ වුණත් එක බසයකට සෙනඟ 80 ගානේ ගෙනාවත් බස් 212 ට ගෙන්න පුළුවන් 16,960 නේ. නමුත් එතන ලක්ෂ ගණනක් හිටි බව අපිට නම් පැහැදිලියි. නටන්න බැරිවුණාම පොළොව ඇදයි කිවුවා වගේ තමයි. (නි)
දොස්තර මහත්තයෝ, දැන්නම් ඔයා කෑගහනවා වැඩියි. මොන බස්වලින් ආවත් මහින්ද මහතාගේ රැස්වීමටනේ ආවේ. අනික නුගේගොඩ ලක්ෂ 5 ක් ජීවත්වෙනවද? ඉතින් අවටින් පිටින් සෙනඟ එන්න එපායැ. (නි)
රටේ අවාසනාව තාම ඉන්නේ හරක් රැලක්. මහින්දටම දීපල්ලා. දීල කොර ගනිල්ලා (නදී)
මොකද රාජිත දැන් බයද ? මේ දවස්වල අපායේ ඉන්ටවල්. ඔයාගේ පයිල් එක (දීවර අැමතිකාලේ යම රජු ළඟ තිබුනා (නදී)
පසුගිය 18 දින නුගේගොඩ ගැලු ජන ගංගාව,ලංකාවේ පත්තර,විද්‍යුත් නාලිකා, බී.බී.සී සංදේශය වගේ බොහෝ දෙනා වාර්තා කරපු හැටි සොයා බලපලකෝ ,ජන මාධ්‍යයේ නිරුවත් කම. (නදී)
මේක වන්දිබට්ටයන්ගේ රැළියක්. (නදී)
මහින්ද ගැන පුදුම කැක්කුමකක්නේ මේ අදහස් දක්වන අයට තියෙන්නේ. මිනිහෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බැරුව නිදහසේ උද්ගෝසනයක් කරන්න බැරුව අවුරුදු 10 ක් වින්ද දුක් හොඳට විඳලා තියනවා. එහෙත් නුගේගොඩ තිබුන රැලියට උපරිමයෙන් මිනිස්සුන්ට එන්න නිදහස් වාතාවරණයක් ඇති වුන එකම මෛත්‍රී ප්‍රමුක නව රජය ලැබූ ලොකු ප්‍රගතියක්. ඔය බෙරිහන් දෙන වාචාලයෝ අප රටේ මිනිස්සුන්ගේ නිදහස් මත ප්‍රකාස කිරීමට ඉඩ දුන්නාද (කදුළු ගැස් ජල ප්‍රහාර බැටන් පොලු ප්‍රහාර ගුටි බැට මරා දැමීම් දක්වා මර්දනය කරණු ලැබුවා අමතක වෙන්නේ කොහොමද අපට) නිර්ලජ්ජිත ශබ්ද වාහිනී වයර් පොලිසිය ලවා කපා දැමීම දක්වා පොලිසිය මහින්දගේ විය. එක වාචාලයෙක් එදා ඔය ගැන වචනයක් කතා කළාද ? (නදී)
ජනතාව මහින්දව රජෙක් වශයෙන් සලකන්නේ (නදී)
මගේ අම්මෝ! බන්දුල පෙරේරා ළමයා පාවිච්චිකරන අලුත් නම් වල ප්‍රමාණය? (නි)
සමහරු දන්නේ තුට්ටු දෙකේ මැරකම් වලින් බලයට එන්නයි බලයේ ඉන්නයි විතරයි. ඒ ටික ඔය මෙතන ලියපු සමහරුන්ගේ තර්ජනාත්මක ගෙරවිල්ලෙන්ම තේරෙනවා. (නි)
කට්ටිය පොඩ්ඩක් ඉවසන්න. ෆයිල් ටික තවම හදලා අවසන් නැහැ. ඊටපස්සේ බලමුකෝ සෙනඟ (නි)
පිවිතුරු බන්දුල පෙරේරාගේ කටේ එක දතක්වත් නැත්තේ ඇයි කියලා මෙතන ලියන බවලතුන්ගෙන් ඇහුවොත් කියාවි. (නි)
මෙහෙම සංවිධානය කළ රැළියකට නිදහස් පක්ෂයේ මතය එළිකරන්න බැහැ.හැමෝටම අමතකයි මහින්ද පරාජිතයෙක් බව. (නි)
ලුලා නැති ළිඳේ.....කණයා පණ්ඩිතයා වෙනවලු (නි)
ඕවා කටුකන අයගේ කතානේ ! අනේ දොස්තර නොදිටි මොක්පුර !(නදී)
නැත්තම් දුර ප්‍රදේශ වල ජනතාව එන්නේ කොහොමද?(හේ)
මහින්ද මහත්මාට ජය වේවා! (හේ)
රාජිතල චම්පිකල හැමදාම බලන්නේ ඉන්න එකා පෙරලලා අලුත් එකත් එක්ක ගිහින් තව ටිකක් ඉහල ඇමතිකමක් ගන්න. එක එක්කනාට අභියෝග කරමින් බස් ගනිමින් ඉන්න නොවෙයි පත්වුණේ වැඩ කරන්න. සත්‍ය තේරුම්ගන්න. ඔහෙලා ආපුගමන් කලේ විශාල ඉදිකිරීම් නවත්තල (වරාය නගරය,උතුරු අධිවේගය,උමාඔය ....)දස දහස් ගණනකට රැකියා නැතිකළ එක. අපිට හැමදාම ලනු දුන්න නෝර්වේජියාව බදාගැනීම,බෙදුම්වාදී දකුණු අප්‍රිකානු උපදේශකයන් ගෙන්වාගැනීම. නැවත ඉන්දියාවට ලංකාවේ කරනම් ගහන්නට සියලු දොරවල් හැරදීම, ආක්‍රමණකාරී අනතුරක් නැති යුධ බලවතා චීනය පලවාහැර හැමදාම යටින් උගුල් අටවන ඉන්දියාව දෙසට පොඩි දරුවෙකු සේ ලංවිම. ත්‍රිවිධ හමුදා වල අභිමානය තුට්ටුවකට නොසලකා පැරණි යුධ වීරයන් පලවාහැර නැවත රට 1983 සිට ඉතිහාසය නැවත සිදුවන තැනට පාර කැපීම. මේවා දැනුන ජනතාව නුගේගොඩට එක් වුන බව නොදැන බස්වලින් මිනිසුන් ගෙනාවා වැනි බොලද බස් දොඩමින් සිටිනවා (නදී)
රාජිත් දෙපැත්තට පනින කෙනෙක් නේද ? (නදී)
රාජිත මහත්තයෝ, බඩගිනි හැදුනට තණකොළ නොබුදිති සිංහ පැටවූ. (නදී)
හිටපු ලොකු මහත්තයා කියලාලු මෛත්‍රී මැතිතුමා කුමන්ත්‍රණයෙන් බලයට ආව කියලා. මේ වගේ අඳ බාල මානසිකත්වයකින් රටක් පාලනය කරන්න පුලුවන්ද ? තමන් ඇරෙන්න මේ රටේ වෙන කෙනෙක් ප්‍රජාතාන්ත්‍රික ඡන්ද අයිතියකින් රජයේ නායකත්වයට පත් වුනාම එ්ක ඉවසන්න බැරිව මෙහෙමත් දේවල් කියනවද ? උතුරේ ඡන්ද වලට කොටි ඡන්ද කියල අපහාස කලා මදිවාට මෙච්චර වැදගත් විදියට ලක්ෂ ගානක් ඡන්ද අරගෙන බලයට ආපු කෙනාට අපහාස කරනවා. තමන් ප්‍රතිවාදී අපේක්ෂකයන්ට ඒ කාලයේ කළ දේවල් අනිත් මිනිස්සු අද කලා නම් ඔය ටික අර පනික්කියන් ලව්වා බෙරිහන් දිදී කියවා ගන්නවත් ලැබෙන්නේ නැහැ. (නදී)
මහින්දගේ රජය යටතේ ශ්‍රී ලංකාව එක රටක් උකා. දැන් උතුර වෙනම රටක් වගේ වෙයිද? තවම එක මාසයයි පහු උනේ. ඉදිරියට ආයෙත් රට එක් සේසත් කරන්න වෙන්නෙත් මහින්දටමයි. හැබැයි එ්ක ලේසි වෙන එකක් නම් නෑ. (නදී)
රාජිත දැන් පරාජිත (නදී)
මෙන්න බොලේ මේ සභාවට චන්ඩියෙක් ඇවිල්ල. පිවිතුරු බන්දුල පෙරේරා. තමන්ගේ ස්වාධින දේශපාලන අදහස් වැදගත් විදියට මේ සභාවේ ලියන්න. නැති නම් මේ පිරිමි අපිට කලින් සභාවේ බවලතුන් ටික ඇවිත් තමන්ගේ දත් ඇන්ද ආයෙත් පාරක් හජගාවී. මතකනේ එක පාරක් චාරයක් නැති භාෂා විලාශය නිසා වෙච්ච දේ (නදී)
මහින්ද මතයට අපි කවුරුත් ලැදිවිය යුතුය. සමහරු ජාතික ලැයිස්තුවෙන් එන්න හදන්නේ මිනිසුන්ගේ ඡන්දෙට බය නිසානේ. තව ටික දවසකින් කාගෙ කාගේත් ලොකු කතා ඉවරයි. (නි)
මේ අයගේදෙපිට කාට්ටු කතා අහලම යහපාලනය මේ දිනගනනටම එපාවෙලා මේකයි චමපිකයි කටඇරීයොත් ඡන්ද 10ක්15ක්වත් කැඩෙනවා (අ)
අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් . මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්. අවුරුදු 70 වයසක හිටපු ජනාධිපති ගෙදර හිටපුවාවේ. හොඳට නාල කාල ඉන්නේ නැතිව මොකක්ද මේ බලයට තියෙන කෑදර කම. තවත් රටේ දේවල් අසීමිත විදිහට පාවිච්චි කරන්න හිතිලා වගේ පෙනෙන්නේ . දෙවියන්ගේ පිහිටෙන් ගෙදරට වෙලා ඉම්මු . රටේ අනාගතය බලාගන්න තරුණ පරපුරට දීල. (අ)
සමහරු හිතන්නේ තමන් කැමති නායකයා මේ රටේ සදාකල් බලයේ ඉන්න ඕන කියල. එත් කමක් නැහැ කියමුකෝ . එළඟට එයාගෙන් පස්සේ එයාගේ පුතාට. පැරෂුට් එකකින් වගේ තාත්තගේ පිහිටෙන් දේශපාලනයට කඩාගෙන වැටිලා, කිසිම වගකීමක් නැති සෙල්ලක්කාර ජීවන රටාවක් පුරුදු කරගත්ත කෙනෙක් කියල ඔප්පු කරලා ඉවරයි. අනිත් උදවියට බිම් මට්ටමේ සිට පක්ෂයට දර දිය ඇදල දේශපාලන පන්නරය ලබන්න අවුරුදු ගානක් යනවා. ආයෙත් පාරක් මාලිගාව ඉස්සරහ රේස් යවල, ආගමත් නිගරුවට ලක් කරලා , එතැනින් නොනැවතී බාලිකා විදුහල් වලට කඩන් පැනල නටන්න කතා කරලා , බාලිකාවන්ගේ ලජ්ජා බය නැති කරන අමුතුම සංස්කෘතියක් ආයෙත් ලංකාවට ගේන්න. මේ වගේ මිනිස්සුන්ගෙන් කොටියන්ට වැඩිය හානියක් මේ රටට සිද්ධ වෙනවා. රටේ සංස්කෘතිය තුප්පහි රගර් සංස්කෘතියකට යට කරන්න දත කන බත් බැලයන් දෙතුන් දෙනෙක් හිටියා නම් ලංකාවට හොඳටම ඇති. (අ)
තාමත් මෝඩ රැලක් ඉන්නවා කියල පේනවා (අ)
බස් වලින් සෙනග එන්නේ නැද්ද බලයට ආවම ගෙවල් වලට අවශ්‍ය ඉලෙක්ට්‍රික් බඩු ටික ඔක්කොම අරන් දෙනවා කියන්න ඇති. හෙම්බිරිස්සාවක් නිකම් දෙනවා කිව්වත් දේශපාලන රැලි වලට යන රටක් නේ මේක ! අර බෙදන්න බැරි වුන සිල් රෙදි ඔරලෝසු ටිකත් ඔය ගමන්ම බෙදන්න ඇති නේද ? (අ)
පිවිතුරු යහපාල හෙවත් බන්දුල පෙරේරා කියන්නේ අසවල් වලව්වේ දන්කොඩ කාලා ජීවත් වෙන කෙනෙක් වගේ. දැන් ඒ ටිකත් නැති වේවි කියල බයේ කට මැත දොඩවනවා. (අ)
මහින්ද , ගරු කටයුතු තනතුරක් දරල ඒකෙ ගෟරවයවත් තියන්නෙ නැතිව තුට්ටු දෙකේ මිනිස්සුදාල රටම අවුල කරනවා (අ)
ඇමති තුමනි අපිට අතීතය මතක තියේ (අ)
මට ගීතයක කොටසක් මතක් උනා. "අනුන්ගේ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬනගා." (අ)
අනේ රාජිත නොදත් දත් දොස්තර ! ඉරිසියා හිතුන නේද? (අ)
මෙහෙම කෑගහුවම රටේ මිනිස්සු බය වේවි කියා වෙන්න ඇති හිතන්නේ. (අ)
අනේ පිවිතුරු, ඔයාගේ කටේ ගඳ අනුන්ගේ දත් වලට වැඩිය ප්‍රශ්නයක්. (නි)
එක බස් එකක 50ක් හිටියත් ඒවායේ එන්න පුළුවන් 10,000ක් විතර වගේ. එතකොට මේ ඔක්කොම ආවේ ඔය බස් 212 ද? අනිත් එක අපිත් එන්න හිටියේ, කාර්යාල දවසක් නිසා එන්න බැරිවුණා. අපිට ඔය බස් ඕනෑ නැහැ (නි)
රාජිත මේක කියන්න කලින් වෙන නාලිකාවක ප්‍රවෘත්ති බැලුවා නම් මීට වඩා වැඩි බස් ගානක් කියන්න තිබුනා. (නි)
අද මේ රජයෙන් වෙළේ සුදාව හිරේ දාලා. හිටපු ඇමති කෙනෙක් පස්සේ පන්නනවා. අපේ කොල්ලෝ හිටපු ජනාධිපතිතුමාට ආදරෙයි. කුඩු ව්‍යාපාරයෙන් ලක්ෂ ගණනක් පවුල් එදා නඩත්තු වුණා. අපි මොනදේ කරලා හරි යලිත් රාජපක්ෂ ආණ්ඩුවක් පිහිටවිය යුතුයි. අපි බලමුකෝ (නි)
පිවිතුරු , රාජිතගේ දත් නෙමෙයි ඔයාගේ බොරු දත් සෙට් එක පරිස්සම් කරගන්න. මතකනේ එකපාරක් මෙතන නොහොබිනා වචන පිටකරලා පාඨක බවලතුන්ගෙන් අමතක නොවෙන පාඩමක් ඉගෙනගත්තා. ටිකක් කටේ බ්රේක් ඇතුව වැදගත් විදියට මෙතන ලියන්නකෝ. (නි)
අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ පක්ෂයට ගොඩක් ආදරෙයි. අනිවාර්යයෙන්ම මහින්ද මහත්තයා ඊළඟ මැතිවරණයේදී දිනනවා. (නි)
කිව්වත් වගේ දැන් මේ දඟලන්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කෙනෙකුට ඉහළට එන්න ඉඩනොදෙන්න වගෙයි (නි)
තණ්හාව කියන එකේ සීමාවක් හින්න ඕන. තමන්ට හිටපු නායකයා විදියට තනතුරෙන් නික්ම ගිය දවසේ ඉඳල , පවතින රජයට දෙන්න පුළුවන් සියලුම සැප පහසුකම් දීල නේද මේ තියෙන්නේ. රනිල් අගමැති තුමා උනත් බලය හුවමාරු වූ අවස්ථාවක් අදටත් තමන්ට ගරු කටයුතු විදියට සලකනවා නේද ? ඇයි තමන්ගේ අබ ඇටයක වත් මහත්මා ගුණයක් තියනව කියල නොපෙන්නන්නේ ? රටක් බේරා ගන්න ශුර වීර චන්ඩියෙකුට උනත් පුළුවන්. හැබැයි රටක් පාලනය කරන්න පුළුවන් මහත්මයෙකුට විතරයි. මහින්ද මහතාණෙනි ඔබට ඉතා ගෞරවයෙනුයි මේ ටික කියන්නේ. පුද්ගලික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් රටේ සාමයට බාධා කරන්න එපා. (නදී)
ඒ වුනාට ලංකා තිලක් ඔයා ඔහොම කිව්වට , කොල්ලන් කෙල්ලන් ව රගර් තරඟ පෙන්නලා, බාලිකා විදුහල් වලට කඩන් පැනල නටලා, සල්මන් ඛාන් ගෙනත් හොල්මන් පෙන්නලා එහෙම , නම්මා ගන්න බැරි වුනා නේද ? චිකේ වස ලැජ්ජාවයි ! (නදී)
මහින්ද මැතිතුමාව හොඳ නැතිනම් එපා කියමුකෝ. රාජිත මැතිතුමා මේ කට කියවන්නේ එයා කිසි වැරැද්දක් නැති විදිහට නේද? හුණු ගොඩක් තමන්ගේ කිල්ලෝටයේ හංගන් දැන් යහපාලනයේ මූලිකයා වෙලා. ඒ මදිවට මාධ්‍ය ඇමතිවරයෙක් වෙනම ඉන්න රටේ මෙයා කොහොමද කැබිනට් ප්‍රකාශක වුනේ. ඊළඟට ජනාධිපතිකම ගන්න වගේ බලන්නේ (නදී)
ආයිත් එනවා කියන්නේ අපේ කොල්ලන්ට ලම්බෝගිනියේ රේස් බල බල කර දඬු උස් වෙලාත් ගෙවල් වලින් නඩත්තු වෙන්නයි. කෙල්ලන්ට, පාසලට ඔටුන්න හිමි කුමාරය පාසල් වෙලාවේ කඩන් පැන්නම විලිසන්ගේ නැතිව නටන්න ලැස්ති කරන රටක්. අපි නම් ආයෙත් රට විනාශයට යනවා බලන් ඉන්න කැමති නැහැ. අපේ ළමයින්ව මේ මිෂනාරි පාසල් වලට ගිහින් බොරුවට සුද්ධ සිංහල, බොදු කියල පෙන්වන දේශපාලක පුත්‍රයන්ට භාර දෙන්න අවශ්‍ය නැහැ. (නදී)
බලයට කෑදරකමට රට අවුල් කරලා හරි ආයෙත් එන්න හදන එක මහත්මා ගතියක් නෙවෙයි. (නදී)
අනාතයෝ කියන ඒවා අහන්න තරම් ලංකාවේ මිනිස්සු මෝඩ නැහැ. මෙයාලගේ බොරු වලට මිනිස්සු රැවැටුණු කාලේ ඉවරයි. මේ වගේ මිනිස්සු ඉන්න ආණ්ඩුවක් තියන නිසා තමයි දින 40 යන්නත් කලින් මේ වගේ මිනිස්සු එකතු උනේ. පුලුවන්නම් රාජිත මේ පාර ඉල්ලලා දිනලා පෙන්වන්න. නිකන් ජාතික ලැයිස්තුවෙන් එන්න දගලන්නේ නැතුව. පුලුවන්නම් ඇප වත් බේරාගෙන පෙන්වන්න (නදී)
දිලානි කියපු ටික තමයි මටත් අර ප්‍රධාන කේවට්ට මහතාට කියන්න තියෙන්නෙත්. බෙරිහන් දෙන කටේ බලෙන් හිටපු ලොක්කව අල්ලාගෙන හිටියට ඡන්දෙන් මිනිස්සුන්ව අල්ල ගන්න පුලුවන්ද බලන්නකෝ. (නදී)
මොකද අප්පේ බසයේ රියදුරා වෙලා ඉඳලා විශ්‍රාම ගත්තට පස්සේත් බස් කොන්දොස්තර වෙලා හරි මේ කබල් බස් එකටම නඟින්න හදන්නේ? (නි)
පිවිතුරු යහපාලගේ අයහපත් සිතුවිලි නියම ශ්‍රී ලංකා අයෙක්ගේ දුෂ්ටකම ඉස්මතු කරනවා. මහත්තයෝ, ඔය වගේ ජනතාව කුපිත කරවන , අනෙකුත් පාක්ෂිකයින් රිදවන කතාවලින් තමයි ඔය පක්ෂයේ බොහොම දෙනෙක් සතුටු වෙන්නේ.ඒවාටම කැමති ජනතාව තමයි ඔය විදියට රොක්වෙන්නේ.අපහාස, උපහාස කිරීම පුරුද්ද. අර කතාවක් තියෙනවනේ බල්ලාගේ වලිගය උණ පුරුකේ දැම්මත් ඇද අරින්න බැහැ කියලා. (නි)
ඇමති තුමනි බස් 212 ක් නෙවෙයි ඊටත් වැඩියෙන් ආවත් අපිට මොකද ඒ ආණ්ඩුවේ සල්ලි නෙවෙයිනෙ. ඒක නෙවෙයි අද අපේ පඩි දිනය අද අර 5000 පළමු වැටුප් වැඩිවීම. දීමනාවක් වීම ගැන කතා කරමුද. එක එක කීම් වලට ඔබතුමාලගේ යහපාලන පොරොන්දු කඩකිරීම ගැන කතා කරමුද. අපේ තාත්ත ගොවියෙක් වී අස්වැන්න මුදලාලිල කුණු කොල්ලෙට ඉල්ලනව අර රු 50 සහතික මිල ගැන ටිකක් කතා කරමුද ? අරහෙ අලුත් ජෝඩු විවාහත් කල්දාගෙන බලා ඉන්නව තව කියනවා නම් කරන්න කියන්න දේ බොහොමයි. (නදී)
මැරිච්ච අප්පච්චි පෙරේතයෙක් වෙලා එනවා දකින්න කැමති අය තව ඉන්නවා. එ්ත් ගොඩක් අය කැමති නැහැ (නදී)
පචවංශ ගේ හෝකන්දර ගෙදර තවම වැඩ ඉවර වෙලා නැහැ කිවනේ නේද ? එහෙම නම් ඉතින් ඉතිරි ටික සම්පුර්ණ කර ගන්න කීයක් හරි සොයාගන්න වෙන්නේ පෙන්ෂන් අරන් ගෙදර ගිය කෙනෙකුගේ පිහිටෙන්ම තමයි (නදී)
කපිල , දැනටම ඔය ටික වෙලා තියෙන්නේ. අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. (නි)
නුගේගොඩ ගැන යන්තම්වත් දැනුමක් තිබෙන අය දන්නවා ඔය පොඩි වපසරියේ දාන්න පුළුන් ගණන කීයද කියලා. (නි)
රජිතල වගේ අය තව ඉන්නවා .... තාමත් අපිව ගොනාට අන්දන දේශපාලනය වෙනස් වෙලා නෑ. කවදාවත් වෙනස් කරන්නේ නෑ. ගොන් කතා අහල මටනම් රටත් එපාවෙලා. කරුණාකරලා රට ට වැඩ කරපල්ලා. (අ)
අපිට අවශ්‍ය බය කට්ටිය අවශ්‍ය තරමටත් වඩා ප්‍රදර්ශනය කරනවා..ඔය කස හඩ විතරයි..පෙරහැර ලග එනවා.අද බලහත්කාරෙන් යටපත් කරගෙන ඉන්න ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ හඩ හෙට අනිද්දා වෙනකොට අවදිවන එක යටපත් කරන්න ඔය චිත්ත රෙද්දේ විපක්ෂ නායක වරුන්ට බැරි වේවි..සියල්ලන් මහින්ද මහතා පසු පස පෙළ ගැසේවි..පිරිසිදු ශ්‍රී ලංකා කාරයින්ගෙන් සමන්විත සන්ධාන රජයක් ලබන මැතිවරණයේදී මහින්ද මහතාගේ නායකත්වයෙන් බිහිවේවි.ඒකෙ පාවා දෙන්නන්ට ආයේ ඉඩක් නැතිවේවි..මේ ජනප්‍රසාදයක් නැති පරඩල් නායකයෝ යටතේ ශ්‍රී ලංකා එක මැතිවරනෙට ඇවිත් නා ගන්න හැටි බල බල ගේමක් නැතුව බහුතරය ගන්න බලා හිටපු යු අන් පි කාරයින්ටත් ඒකට අවශ්‍ය වටපිටාව සකසමින් සිටි රාජිත ප්‍රමුඛ පාවා දෙන්නන්න්ටත් තමන්ගේ ඉදිරි ඉරණම නුගේ ගොඩ රැළියෙන් පැහැදිලි කර දුන්න අවශ්‍ය තරමටත් වඩා හොදට.. (අ)
අනේ බන්දුල පෙරේරා ඔහේ කියන විදිහට එදා නුගේගොඩට ගෙන්නුවේ කුඩු ව්‍යාපාරය අඩපන වෙච්ච හින්ද අමාරුවේ වැටුණු අයනම් ඒ ගොල්ලෝ පැරදිච්ච එකම තමා හොද. ඔහෙට පුදුම අමාරුවක්නේ තියෙන්නේ වෙලේ සුදායි හිටපු ආණ්ඩුවයි ගැන. (අ)
ආපු සෙනග අපි ඇස් දෙකෙන් දැක්කා. විධායක ජනාධිපති උතුමාණන් කෙනෙක් පළමු වරට තමයි පැරදුනේ. එතන ලක්ෂ 05 තියා ලක්ෂ 01 වත් ඉන්න ඉඩ නැහැ. එතන ලක්ෂ 05 හිටියා නම් එතුමා අනුරාධපුර පවත්වපු මුල්ම රැස්වීමට ලක්ෂ 20 ඉන්න ඕනා. මමත් ඒ රැස්වීමට සහභාගී උනා. තවත් යථාර්තය තේරුම් ගන්න බැරිඋනාට හිටපු ජනාධිපති තුමාව අන්දන්නවත් කඩේ යවන්නවත් පෙරමුණ ගන්න ඕන නැහැ. එතුමා දකුණේ හොද බයියෙක් කියල විතරක් තේරුම් ගත්තොත් හොදයි කියල මට හිතෙන්නේ (නදී)
දාල තියෙන කොමෙන්ට් දැක්කම හිතෙන්නේ මේ රට තව අවුරුදු සීයකටවත් ගොඩ එන්නේ නෑ කියන එකයි. මේ ජරා දේශපාලනය ජනතාවත් දෙකට තුනට බෙදලා. ජනතාව ඉන්න ඕනේ ඔතන නෙවෙයි. සත්‍ය තේරුම් අරගෙන තමන්ටත් රටටත් යහපතක් වෙන දේශපාලන වෙනස්කම් රට තුල ඇතිකරගන්න පුළුවන් බුද්ධිමත් ජනතාවකට විතරයි. හැගීම් වලට රටවල් දියුණු කරන්න බෑ. සංකල්පමය වශයෙන් ජනතාව අලුත් වෙන්න ඕනේ.(නදී)
ජනාදිපතිවරනේදී ඔයිටත් වැඩිය සෙනග හිටියේ එයාගේ රැස්වීම්වලට (නදී)
මිනීමරු ප්‍රා නායකයට චූ ගියාද? (අ)
මේ පෙඩරල් නායකයන්ගේ බලපුළුවන්කාරකම් ලබන මහා මැතිවරණයෙන් සදහටම අවසන් වෙනවා. අපේ මහින්ද මහත්තය එදාට අගමැති වෙන බව ස්ථිරයි. අපේ හිටපු ඇමති කෙනෙක්ගෙන් දවස් 3 කට වඩා ප්‍රශ්න කෙරුවා. එතුමා මේ චෝදනා වලින් ඊට පස්සේ නිදහස් වේවි. වෙලේ සුදා මහත්තයත් නිදහස් වේවි. (නදී)
අනේ පව් රාජිත මහත්තයෝ! (නි)
වෙලේ සුදා ලංකාවට කුඩු ගෙනල්ලා යලි පිටරටවලට ප්‍රති අපනයනය කිරීමෙන් විදේශ විනිමය ලංකාවට ගලාගෙන ආ බව ඔය ගිය ආණඩුවට අපහාස කරන සේරම මතකතියා ගත යුතුයි. (නදී)
අපි ගෙනාවේ 211 යි (නදී)
මහින්ද නැතුව රැස්වීමට සෙනග මෙහෙම නම් මහින්ද අාවොත් කොහොම වෙයිද ? (අ)
මම මේ වර්තමාන රජයේ ලොකු අඩුවක් දකිනවා. ඒක තමයි අයවැයෙන් පුන්නක්කු වල මිල අඩු නොකළ එක. පහු ගිය අවුරුදු 10 තුල තිබු තත්ත්වය සමහර මිනිස්සුන්ට අමතක වෙලා. නැවතත් පවුල් පාලනයකට ඇද දාල රට අරාජික කරන්න එපා. දැන් පවුල් පාලනය අමතක කරන්න කාලය ඇවිත්. අපි වර්තමාන රජයට යම් කාල පරිච්චේදයක් දෙමු. ඒගොල්ලෝ වැඩේ නොකලොත් අපි ඒ අයවත් ගෙදර යවමු. සමහරු හිතන්නේ රටේ සම්පත් තමන්ට සහ නෑයන්ට විතරයි කියල. ඒවා මුළු රටේම ජනතාවට බව මතක තබා ගන්න (අ)
තාමත් මේ රටේ හරක් ඉන්නවනේ. කරපු හොර වැඩ දැනගෙනත් ආයෙත් කඩේ යන්න්ම ඕනේ. මේ මිනුස්සුන්ට වෙලා තියන්නේ සුද්දාගෙන් රට නිදහස ලැබුවට, කොටියාගෙන් නිදහස ලැබුවට මිනිස්සුන්ගේ යටත් මානසිකත්වය නැති නොවී තාමත් කාට හෝ රජෙක්ට යටත් වී ජිවත් වීමට ඇති ආශාව. සෙක්කුව බැදලා හිටපු හරකා නිදහස් කරාමත් වටේ කැරකි කැරකි ඉන්නවා වගේ තමා ඉතින් (අ)
දත් දොස්තර ඒ් රස්සාව කරෙගන හිටියනම් ඉවරයිනේ. ඔය තරම් බයෙවලා මරු විකල්ලෙන් කෑ ගහන්න ඒපා. හෘදයාබාධයක්වත් හැෙදයි. හොරා හොරා කියලා මහින්ද මහත්තයාට කඒුරු මොනව කියුවත් රටට වැඩක් කරපු මිනිෙහක් ලේසියන් මිනිස්සුන්ගෙ හදවත් වලින් මකන්න බෑ. වර්ගවාදී ජන්දවලින් බලය කොල්ලකෑවට ඒ්ක හැමදාම පවතින්නේ නෑ. (අ)
මේඅය ගෙදරකටවත් වැද්දගන්න හොද නැති කුමන්ත්‍රණකාරෙයක් හම්බකරන්න පුළුවන් පැත්තට හේත්තු වෙනවා මිසක් ඒයාගෙ අැති ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් නෑ. ජනාධිපතිතුමා ඒක්ක එක පතේ කාගන ඉදල ඒතුමාට බොරු කියපු හැටි ලොක්ක වගේ මාධ්‍ය මගින් ජනතාවට කියනවා මහ ලැජ්ජ නැති කෙනක්. (අ)
හැමෝටම ඕන ඕන විදියට රටවල් කොරන්න බැහැ. සිංහල තනි පක්ෂයක් හදාගෙන එජාප ශ්‍රීලනිප ඡන්ද කඩාගෙන මහින්ද එන්න ඕන. (අ)
මොකද බය වෙලා වගේ? දැන් දැම්මේ මුට්ටිය විතරයි. ඉස්සරහට තව වැඩ කිඩ දකින්න පුළුවන්. දැන්ම මරු කියවන්න එපා. පව් ඔයාල හදපු ආණ්ඩුව , වැඩිකල් යන්න ඉස්සෙල්ල පාන්ඩුව වෙනවා. (අ)
මෙයා පනින්න දක්ෂයෙක්. වාසි පැත්තට පනින පුද්ගලයෙක් බව හැමෝම දන්නා දෙයක්. (නදී)
පිවිතුරැ යහපාල වැනි බත් බැලයන්ට සාටකයේ එල්ලෙනවා ඇරෙන්න වෙන ජීවත් වෙන්න ක්‍රමයක් තියනවද කියල අපි කල්පනා කරන්නේ ? (අ)
අනේ එක රැස්වීමයි තිබුනේ. කට්ටිය හොඳටම බයවෙලානේ. (නි)
ඊළඟ ඡන්දයේදී ඇපත් නැතිවෙන්නේ කාටද මන්දා? (නි)
අනේ කුහුඹුවනේ, තොපටත් රජෙක් ඇත්තේ.....අපට රජෙක් නැත්තේ.... මහින්ද මහත්තයා, අපි ඔබට හැමදාමත් ණයගැතියි.... (නි)
ලක්ෂ 58 කට ආරාධනා කළා. ඒත් ආවේ ලක්ෂ 5 ලු. මේ රටේ බහුතරයකට නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඕනෑ. එක ත්‍රස්තවාදයක් ඉවරකරලා තව ත්‍රස්තවාදයකට රට බිලිදෙන්න ජනතාව සුදානම්ද? (නි)
අප්පච්චි මලා, වල දමා ඉවරයි (නදී)
සුජාන්ට ස්තුතියි. මේ රටේ ප්‍රජාත්නත්‍රවාදය සහ යහපාලනය වගේම ජාතික සමගියක් ඇතිකරගන්න ලැබුණු අවස්ථාව පටු පුද්ගලවාදී දේශපාලන අරමුණු සඳහා බාල්දු කිරීම හෙළාදකිමි. රටට ආදරය කරන සැමට එක්වී යමක් රට වෙනුවෙන් කරන්න ඉඩදෙන්න. වසර 60 කටත් වඩා කරපු කුළල් කාගැනීම වසර පහකට නවත්වන්න. සෙනඟ පෙන්වන්න ඕනෑ නම් මේ වෙලාවේ ඒක ලොකුවටම කරන්න පුළුවන් ජනාධිපතිතුමන්ට. මහ පක්ෂ දෙකේම අය නුගේගොඩට ගෙනෙන එක මහා වැඩක් නොවෙයි. (නි)
දුෂණය රටට මහා පිළිකාවක් (නි)
ඔය හොරු රැල ඇරෙන්න දේශපාලනයට වෙන මිනිස්සු නැද්ද (අ)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මංකොල්ල කාල ජයපැන් බොන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ මහත්තයෝ..අපි ඔය දත් ටික ගලවනවා..එක එක නෙමෙයි එකපාරම..තමන් කැපූ වලවල් වල තමන්ම වැටෙන, තමන් අඹරපු ගුලි තමන්ටම අජීර්ණ වන තමන් කරපු කුමන්ත්‍රණ තමන්ටම පත්තු වෙන දවස වැඩි ඇතක නැහැ ඔබ තුමා ඔය තමන්ට අයිති නැති අනුන්ගේ ගෙදරකට බලෙන් රිංගල ගෙදර මිනිස්සුන්ට අපහාස කරන්නේ..දත් ටික පරිස්සම් කර ගන්න..ඔය බලහත් කාරකම් වලට නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ බේරෙන්නම හෙට අනිද්ද ලැබේවි..(අ)
රවිගේ කටේ මසුරන් දාන්න වටිනවා. (නි)
බස් 212 න් 25000ක් ආවා කියමුකෝ. ඉතිරිටික ආවේ මොකේද? රට වටේ මිනිස්සු බස් වලින්, වාහන වලින් එන්නෙ නැතුව පයින් එන්නද? (නි)
මහින්දට අගමැති කම දෙන්න බුලත්කොළයෙන්ම ඡන්යට එන්න (අ)
වෙළේ සුදා කුඩු ගෙන්වපු එක ඇත්ත. නමුත් මේ වෙලාවේ ඔහුව අත්අඩංගුවට ගැනීම මම දකින්නේ දේශපාලන පළිගැනීමක් විදිහටයි. ඔහු යළි නිදහස් වන බව මෙරටේ ජනතාවට විශ්වාසයි. මහින්ද මහත්තයාට ජයවේවා !!! (නි)
පිවිතුරු යහපාලගේ අදහස බැලුවහම හිතෙනවා කට බොරු කිව්වට දිව බොරු කියන්නේ නැහැ කියලා. (නි)
දිව හැරෙන- හැරෙන පැත්තට කතාකරන එක වැරදියි. (නි)
ඉහත සරසි මම නම් නෙමෙයි. හැබැයි මට කියාගන්න නොහැකිව හිටිය ටිකක් ගාණට කියලා. (නි)
බස් එකක මිනිස්සු 200 ක් අරගෙන ගියත් ගෙනියන්න පුළුවන් ගණන සාමාන්‍ය දැනීමක් තිබෙන කෙනෙකුට හිතාගන්න පුළුවන්. එතන සිටි සෙනඟ ගණන ඔබතුමාලට දිරවාගන්න අමාරු ඇති. (නි)
නැත්තම් දුර පළාත් වල සෙනඟ කොහොමද රැස්වීමට එන්නේ.(හේ)
රටවටෙන් මිනිස්සු බස් වලින්, වාහන වලින් එන්නෙ නැතුව පයින් එන්නද? සෙනග දැක්කම කාට කාටත් සැරටම රිදුන කියල අපි දන්නවා.. කොහොමත් මහින්ද මහත්තයට නිදහස් පක්ෂෙන් අගමැති අපේක්ෂකත්වය දෙන්න වෙනව. නැත්නම් ඉතින් හංසයාගේ පක්ෂ ටිකේ ඡන්ද ටිකත් ලස්සනට කැඩෙන හැටි බලන්න පුලුවන්.. දුන්නොත් එහෙමයි නොදුන්නොත් අව්ලකුත් නෑ හොඳේ.. (අ)
තව මාස තුනකින් බලන්න මොකද වෙන්නේ කියලා. (ර)
නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින්ගෙන් යහපාලානේ රෙද්ද පල්ලෙන් බේරෙන්නම හෙට අනිද්දාට අඩු නැතුවම ලැබේවි.. (අ)
නිකම් කට වාචාල කමට කියන ඒවා කවුරුත් ගණන් ගන්න එපා. දත් ගලවයි බලාගෙන. (අ)
බස් වලින් අදින්නත් මිනිස්සු ඉන්න එපාය . පුලුවන්නම් නිදහස් පක්ෂේ රැළියක් තියමු මහින්ද නැතුව .එදාට බලාගන්න පුළුවන් නිදහස් පක්ෂේ තරම . ලොකු ලොකු අතු බලය වෙනුවෙන් මෛත්‍රී මහත්තයා පැත්තට හරුනට තාම මිනිස්සු ඉන්නේ මහින්දත් එක්ක එක මතක තියා ගත්තොත් හොදයි කව්රුත් . (අ)
මට තේරෙන්නේ නැහැ ඇද්ද කියන්නේ අර එක්දාස් නවසිය අසු ගණන් වල වගේ කඹයක බැඳලා අද්දද කියල. කවුරුත් ගණන් ගන්න එපා. දත් ගලවයි බලාගෙන. (අ)
මෙතුමට ස්ථීර පක්ෂයක් නෑ..හෙට මහින්ද අවොත් එකෙත් ඇමති කෙනෙක්. ප්‍රතිපතියක් නෑ.(අ)
දොස්තර මහත්තයා දැන්ම ඉදල බයවෙලානේ.විකාර දොඩවන්න පටන්ගෙන.මහත්තයෝ ඒ අවේ බොහොම ටික දෙනෙක්.හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කියනවනේ. (අ)
බස් 212 වැඩි කිරීම 50 සමානවන්නේ කීයටද දත් දොස්තර මහත්තයෝ ? 10600 නේද? ගණන් බැරිනම් 100 යේ ගොඩවල් කීයකට අර සෙනග කන්දරාව දමන්න පුලුවන්ද කියල බලන්න. ඒ සෙනග ටික පටවන්න ලංකාවේ තියෙන කෝච්චි පෙට්ටි ටික මදි වෙනවා ආයුබෝවන් (නදී)
බස් වල නෑවිදිං අපිට කාර් නැව් තියනව යැ රාජිත මහත්තයො (අ)
ශ්‍රීලනිප ඡන්ද දෙකට කඩලා විමල් යුඑන්පී කොන්ත්‍රාත් එක හරියටම කරයි වගේ. (නදී)
මොකද මේ එක ගොයියෙකුට හිටි ගමන් වෙලේ සුදාව මතක් වෙලා තියෙන්නේ ? හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නාලු ! (අ)
තම තමන්ගේ සාක්කු වලට වැටෙන විදියට රට පාලනයට අය හොයන එක තමා අපේ අය හැමදාම කරන්නේ .දයාසිරි කිව්වනේ බුද්ධිමත් අය නම් ඉස්සෙල්ල ආණ්ඩුවට කැමති නැහැ කියල .දැන් සාක්කු හිස්වෙනකොට කෑමොර දෙන කට්ටිය පස්සේ යන්නේ අර දයාසිරි කියපු කට්ටියමද? (අ)
කලබලේට දිව පැටලිලා.අනිත් රැළියත් තිබුනට පස්සේ කියාවි ලැම්බෝගිනි වලින් සෙනඟ ඇදලා කියලා. (නි)
මෙතුමා කියන්නේ 138 බස් ගැන වෙන්න ඇති.ඒවා කොහොමත් ඔය පාරේ තමා සෙනඟ අදින්නේ. (නි)
මහින්ද ආයෙත් බලයට එන්නේ නැහැ. ගහපු ගැහිලි දැක්කහම ඔහු තියාගන්න හිතෙන්නේ නැහැ. (නි)
පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. නුගේගොඩ රැස්වීමෙන් හුඟ දෙනෙකුට ගොඩක් රිදිලා.බොරුවට දැඟලුවට හැම නායකයෙක්ම අතරින් අපේ හිත්වල ඉන්නේ මහින්ද.අපිට පක්ෂය වැඩක් නැහැ.මහින්ද මොකෙන් ඉල්ලුවත් අපි දෙන්නේ මහින්දට (නි)
දේශපාලන අනාථයන්ට දැන් සහළවලා උණ. ලාබෙට ලැබුන කොත්තමල්ලි බිබී තමයි ඉන්න වෙන්නේ (නි)
මේ කතාවනම් පිළිගන්න අමාරුයි.(හේ)
මෙයාලා කියන දේ දැන් ජනතාව පිළිගන්නේ නැහැ (නි)
බස් එකෙන් නැතුව කරත්තයකින් එන්නද? සෙනඟ දැකලා බයවෙලා කියවනවා. (නි)
දැන් මේ කට්ටිය අතර කවුරුත්ම නැතුව ඇති රජයේ සේවකයින්,සමෘද්ධි ලබාගන්නා අය එහෙම. ඉන්න හැමෝම පෙජරෝ වලින්ද එන්නේ? (නි)
රැස්වීම් වලින් නෙමෙයි, ඡන්දයෙන් පුලුවන් නම් එන්නකෝ (නි)
දැන් ඉතින් කොච්චර සෙනඟ ගෙනාවත් වැඩක් නැහැ. මොවුන් තේරුම් ගන්නෙම නැහැ මහින්ද ජනාධිපතිවරණයෙන් පැරදුනා කියලා. මහින්ද එක්ක මිනිස්සු ඉන්නවා නම් මොකද ඡන්දෙ දුන්නේ නැත්තේ? (නි)
නුගේගොඩ ලක්ෂ පහක් හිටියා කියන්නේ මොන පිස්සුද (දිල්)
නුගේගොඩ ලක්ෂ 5ක් හිටිය කියන්නේ. මේ වගේ මෝඩයෝ පිරිච්ච රටකට මොන අනාගතයක්ද.(දිල්)
ඔයාලත් එක්ක අපිට ගනුදෙනු නැහැ (නි)
ජය වේවා !!!(දිල්)
ඒ කියන්නෙ මේ පාරත් බස් වලින් සෙනඟ ඇදලා.....? මෙතුමා හරි. මෙන්න බලාගන්න, ඔයාලගෙ කෙනෙක්මයි කියන්නෙ (නි)
මට තේරෙන්නේ නැහැ. ඇද්ද කියන්නේ අර එක්දාස් නවසිය අසු ගණන් වල වගේ කඹයක බැඳලා අද්දද කියලාද ?නිකම් කට වාචාල කමට කියන ඒවා කවුරුත් ගණන් ගන්න එපා. (දිල්)
රාජිත, චම්පික වගේ අය දැන් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ. තවත් සමහර අයගේ කටවල් වැහිලා තියෙන්නේ. (නි)
එයා කොහොමත් කටකාරයා බව කවුරුත් දන්නවා.තමන්ගේ හෘද සාක්ෂියට තට්ටුකරලා බලන්න තමන් කරන්නේ මොකද්ද කියලා. (නි)
අනේ වෙන කවුරුහරි ගේමුකෝ. මහින්ද මහත්තයාට ටිකක් නිදහසේ ඉන්න දීලා. දැන් මදිද රටට සේවය කළා? (නි)
මහින්ද මහත්තයා පැරදිලා නෑ (දිල්)
දත් දොස්තර කලින් නම් කිවේ මහා රජ බිමටම අැදල දැම්ම කියල .. දත් දොස්තර මහත්තයෝ , මහරජ ඉදිරියේදී හිටියත් වැඩ ශක්තිමත්ව නැගිටින දිනේ වැඩිඅෑතක නැහැ , ඔබතුමාවත් මතක තියාගත්තොත් හොදා , ඔබත් නැගිට්ට ඉක්මනටම වැටෙන බව .කට පරිස්සම් කරගන්න . (අ)
දැන් මේ තෙල් මිල බස්සපු එකෙන් මිනිස්සුන්ගේ ගමනාගමනය වැඩිවෙලා . එකෙන් වාහන අනතුරු වැඩිවෙලා.(දිල්)
දත් දොස්තර මහත්තයො ගිය සැරේ මනාප ලිස්ට් එකේ අන්තිමයා බව අමතක කරන්න එපා ..එන සැරේ ගෙදර යවනවා යවනවා මයි! (අ)
නුගේගොඩ මේක තිබුණ ප්‍රදේශය ඉතා කුඩා ප්‍රදේශයක් . 5000ක් ළමයි ඉන්න ඉස්කෝලෙක උදේට රැස්වීමට එකතු වුනාමත් පිට්ටනියක් පිරෙනවා. මේකේ තිබුනේ පිට්ටනියක කාලක් තරම් ප්‍රදේශයක. බස් 212ක් ගියානම් එකක 100 ගානේ ආවත් 21,200 ක් ඉන්න ඕනේ. මෙතන පාරේ හිටපු මිනිස්සුත් එක්ක ගත්තත් 3000ක් වත් හිටියේ නැහැ. බස් 212 ක් ආව කියල රාජිත කියන්නේ බොරු .(දිල්)
දේශපාලනයේ අනාතයන් මහින්ද ව විකුණන් කනවා. නිදහස් පක්ෂයේ අය කවුරුත් අාවේ නෑනේ. (අ)
අද නිදහස් පක්ෂයේ මැති ඇමතින්ට කිසිම නිදහසක් නැහැ අැයි ඒ රටේ. නායකයා ,පක්ෂ නායකයා ගේ දුෂණ,,හොරකම, භීෂණය ,කරන්න පුළුවන් ඉහලින්ම කෙරුවා පක්ෂය ගැන තමාගේ තත්වය ගැන හිතුවද නැහැ. අද මේ සේරටම. මුල එකයි. ඒ ගැන කතා නොකර. අැගමතිට ,ජනදිපතිට බනිනවා ආරේ. ගති නැරේ. (අ)
ජනාධිපති තුමාට නිදහස් පක්ෂ යටතේ ආණ්ඩුවක් සදා නොගතහොත් එතුමාට සිදුවන්නේ එජාපය යටතේ පදයට නටමින් ඉන්න. එතුමාගේ රජයක් අවශ්‍ය නම් නිදහස් පක්ෂ යටතේ ආණ්ඩුවක් නිර්මාණය කර ගත යුතුයි . (දිල්)
රාජිත බය වෙලා තියනතරම. (අ)
අනිවාර්යෙන් මහින්ද මහත්තයා අගමැති කරන්න වෙනවා.නොකෙරුවොත් අවුලක් නැහැ.නොකෙරැවොත් අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ . මොකදජනතාව ඉන්නෙ යටිකූට්ටු කාරයොත් එක්ක නෙමෙයි.(අ)
බස් 212 x (60 වාඩිවෙලා 60 සිටගෙන) = 25,440. බස් 212 දෙපාක් එහාට මෙහා ගියත් 50,000. 4 පාරක් එහාට මෙහාට ගියොත් 100,000 කි. රාජිත මහත්තයෝ එතන 500,000 කට වඩා හිටිය. ගණන් පන්තියකට යන්න වේවි වගේ. රට යන අත අපිට හොදට තේරෙනවා. (අ)
අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ශක්තිය හා ධෛර්යය ලැබේවා. ජය වේවා..ජයෙන් ජයම වේවා අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි..(අ)
දැන් මෙයා මරු කියවන්න පටන්ගෙන. ඊළඟ රැස්වීම ඉවරවෙනකොට මෙයා ඇතුළු පාවාදුන්න නඩය ඉන්නේ අංගොඩ. බොලාට මෙහෙම වෙලා මදි. හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට පුතෝ. (අ)
මහින්ද ඇතුළු නඩයට පුරුදු බස්වලින් සෙනග ඇදල මාද්‍ය මගින් අපේ රැස්වීමට මෙච්චර ආව කියල ජනතාව රවට්ටන එකනේ. නමුත් මෙදා මහින්දලාට ජනතාව හරක් වලිගෙන් තලලා මැදමුලනට දැක්කුවේ රට කාපු පවුල් පාලනය අායෙත් රටට එපා! එ්ක රටට ශාපයක්. (අ)
මේ වේදිකාවට වෙලේ සුදා නැග්ග නම් පංකාදුයි. හොඳට ගැලපෙන නඩය! (හේ)
රවිදු ලියනගේ මහතාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔය මහින්ද එක්ක ඉන්නවයි කියන මිනිස්සු ඡන්දෙ දාන්න ගියේ නැද්ද? මිනිස්සු ඉන්නේ තාම මහින්ද එක්ක නම් ඡන්දය පැරදුනේ කොහොමද කියන්නකෝ (නදී)
මේ රජිත කට තිබුනට කියවන්න එපා මහින්ද මහත්මය ඉල්ලන්න අවශ්‍යය නෑ මෛත්‍රීට එතුමාගෙ ලගටම ගිහින් දෙන්න වෙනවා. නටන්න බැරි මිනිහට පොලව අැදැයි කිව්ව ලු. ඒ වගේ තමා ඔහෙලගෙ කතා. අපෙන් ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා ඔහෙලා අපි කිසිම පක්ෂයකට, පාටකට ඡන්දය දෙන අය නෙවෙයි. මහින්ද රාජපක්ෂට පමනයි. ඒක අමතක නොකරන්න. (නදී)
ඔයාලා කොමෙන්ට් කරන්නේ හරියට අපි කොලා වගේනේ. මහින්දව ගෙදර යැව්වේ ශ්‍රීලංකා කාරයෝමනේ හොරා කියලා. දැන් බොරුවට කෑ ගහනවා (නදී)
මහින්ද මහත්තයා ඡන්දෙට ආවේ නැත්නම් ලක්ෂ 60 ක් 70 ක් ඡන්දය වර්ජනය කරාවි. ඉතිහාසයේ වැඩිම ඡන්ද වර්ජනය වාර්ථා වේවි (නදී)
හොර කාපු අයට මහින්ද ලොකු උනාට පහුගිය කලේ කරලා තියෙන දුෂණ වංචා අහපුවාම හත්මුතු පරම්පරාවක්ම ඔය මුහුණු බලාගෙන බත් කන්නේ නැහැ. අහිංසක මිනිස්සුන්ගේ කන බොන දේවල් වලින් බදු ගහල රජ සැප වින්දා (නදී)
ඔය බස් 212 රැස්වීම ළඟ ගාල් කරන්නත් එපැයි. හැබෑටම ඒ බස් ටික කොහෙද තියෙන්න ඇත්තේ ? අපි නම් දැක්කෙ නෑ අපි ගියේ පෞද්ගලික වාහන වලින්. (නදී)
යක්ෂ බය ඇරියත්.. මනුස්ස බය අරින්න බෑ කියන්නේ මේවාට තමයි.(හේ)
මහින්දට අගමැති කමට ඡන්දෙ ඉල්ලන්න ටිකට් එක ඉල්ලන්න අර සිරිසේන ළඟ හිටන් ඉන්න වෙයිද දන්නේ නෑ (නදී)
මෙහෙම විගඩන් දකින්න ලැබෙන ලෝකේ එකම රට ලංකාව වෙන්න ඇති. (නදී)
මේවට ලියන කියනස අපිත් පිස්සෝ. (නදී)