උතුරේ සිංහල දෙමළ සමගිය තවත් වර්ධනය කරමින් යාපනය නාග විහාරයේ කඨින පින්කම සිංහල දෙමළ ජනයාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
යාපනයේ පාසල් සිසුහු පෙරහරේ ගමන් කළහ.
සංස්කෘතිකාංග වලින් සමන්විත පෙරහරේ අලි ඇත්තුද වූහ.
මීගහජදුරේ සිරිවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි යාපන මහ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් හා අඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා මහත්වරුන්ගේ සහායෙන් පින්කම සංවිධානය කැර තිබිණි.
හින්දු හා ඉස්ලාම් පුජකවරුද පැමිණ සිටියහ.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේත් සිංහල හා දෙමල මිනිසුන් එක්ව ආගමික සහජීවනයෙන් කටයුතු කල බවට සියලුම පන්සල් ආශ්‍රයේ පිහිටි කෝවිල් සහ දේවාල වලින් මනාව පැහැදිලි වෙනවා. සංස්කෘතික අංග දිහා බලනකොට උනත් අපට පේන්නේ මේ හැම දෙයකම සම්මිශ්‍රණයක්. මේක තමයි අපි බලාපොරොත්තු වෙන සමගිය,සහජීවනය. එකිනෙකාට කුලල් කන්නේ නැතුව එකිනෙකා සහයෝගයෙන් ජීවත් වීමට මෙවැනි දේවල් උපයෝගී කරගැනීම පිටිවහලක් වෙයි. යාපන මහ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා මෙහි හොඳ දායකත්වයක් ලබාදෙන බවට හොඳින් පෙනී යනවා. (නදී)
ඉතා හොඳ වැඩක් (නි)
ජාතික සමගිය මින් ශක්තිමත් වේවි (නි)
ගිනි පන්දම් වලින් වැටෙන ගිනි අඟුරු වලින් පොඩි ළමයින්ගේ කකුල් පිළිස්සෙන්න පුළුවන්. (නදී)
ජාතික සමගිය ඇතිවීමට මෙවන් දේ කිරීම ඉතාමත්ම හොඳයි (නදී)
මේකට තමයි කියන්නේ එකමුතු කම කියලා.පලුදු වෙච්ච හදවත් සුවපත් කරවන්න අපේ දමිල පරපුරත් එකට අත් වැල් බදාගන්න ඕනේ මේ අවස්ථාවේදී.සමහරක් දෙනෙක් ඇස කවන්නේ පලුදු වෙච්ච හදවත් සුවපත් කිරීම වෙනුවට ඒවා තව තවත් තුවාල කිරීමයි.ඒවාට නොරැවටී ශ්‍රී ලාංකිකයන් විදිහට අපි අපේ සමගිය තහවුරු කරගනිමු මෙවැනි වැඩසටහන් තුලින් එකමුතුවී.(හේ)
හරි නම් විග්නේෂ්වරම් මහා ඇමැතිත් මේවාට සහභාගි වෙලා ආදර්ශයක් දෙන්න ඕන.(හේ)
බලහත්කාරයෙන් සමගි කරවන්න එපා . හමුදාවෙන් වෙසක් කූඩු හැදුවම පෙන්නන්නේ යාපනේ දෙමල ජනතාව වෙසක් කූඩු හැදුව කියලා . (හේ)
ලස්සන පෙරහරක්.(හේ)
නියම සිංහල බෞද්ධ කියන්නේ අනෙක් ආගම් හැමටම ගරුකරන කෙනෙක්. ඒ නිසා මම කියන්නේ අපි යාපනයේ කැඩිලා බිඳිලා ගිය පන්සල් විතරක් නොව කෝවිල් හදන්නත් උදව් කරන්න ඕනෑ. (නි)
දේශපාලඥයින් නැති තරමට සමගිය සාමය ශක්තිමත් (නි)