උතුරේ සිංහල දෙමළ සමගිය තවත් වර්ධනය කරමින් යාපනය නාග විහාරයේ කඨින පින්කම සිංහල දෙමළ ජනයාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
යාපනයේ පාසල් සිසුහු පෙරහරේ ගමන් කළහ.
සංස්කෘතිකාංග වලින් සමන්විත පෙරහරේ අලි ඇත්තුද වූහ.
මීගහජදුරේ සිරිවිමල හිමියන්ගේ අනුශාසනා පරිදි යාපන මහ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් හා අඥාපති මේජර් ජනරාල් උදය පෙරේරා මහත්වරුන්ගේ සහායෙන් පින්කම සංවිධානය කැර තිබිණි.
හින්දු හා ඉස්ලාම් පුජකවරුද පැමිණ සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නාග විහාර කඨින පිංකම මහා දෙජාතිය තවත් සමීප කරයි
සෙනරත් බණ්ඩාර Sunday, 09 November 2014 10:45 AM
අතීතයේත් සිංහල හා දෙමල මිනිසුන් එක්ව ආගමික සහජීවනයෙන් කටයුතු කල බවට සියලුම පන්සල් ආශ්‍රයේ පිහිටි කෝවිල් සහ දේවාල වලින් මනාව පැහැදිලි වෙනවා. සංස්කෘතික අංග දිහා බලනකොට උනත් අපට පේන්නේ මේ හැම දෙයකම සම්මිශ්‍රණයක්. මේක තමයි අපි බලාපොරොත්තු වෙන සමගිය,සහජීවනය. එකිනෙකාට කුලල් කන්නේ නැතුව එකිනෙකා සහයෝගයෙන් ජීවත් වීමට මෙවැනි දේවල් උපයෝගී කරගැනීම පිටිවහලක් වෙයි. යාපන මහ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා මෙහි හොඳ දායකත්වයක් ලබාදෙන බවට හොඳින් පෙනී යනවා. (නදී)
විරාජ් Sunday, 09 November 2014 06:54 PM
ඉතා හොඳ වැඩක් (නි)
ටානියා Sunday, 09 November 2014 11:24 PM
ජාතික සමගිය මින් ශක්තිමත් වේවි (නි)
ගාමිණී Sunday, 09 November 2014 02:31 PM
ගිනි පන්දම් වලින් වැටෙන ගිනි අඟුරු වලින් පොඩි ළමයින්ගේ කකුල් පිළිස්සෙන්න පුළුවන්. (නදී)
චන්ද්‍රා Sunday, 09 November 2014 02:38 PM
ජාතික සමගිය ඇතිවීමට මෙවන් දේ කිරීම ඉතාමත්ම හොඳයි (නදී)
ඉසුරන්දි Sunday, 09 November 2014 07:51 AM
මේකට තමයි කියන්නේ එකමුතු කම කියලා.පලුදු වෙච්ච හදවත් සුවපත් කරවන්න අපේ දමිල පරපුරත් එකට අත් වැල් බදාගන්න ඕනේ මේ අවස්ථාවේදී.සමහරක් දෙනෙක් ඇස කවන්නේ පලුදු වෙච්ච හදවත් සුවපත් කිරීම වෙනුවට ඒවා තව තවත් තුවාල කිරීමයි.ඒවාට නොරැවටී ශ්‍රී ලාංකිකයන් විදිහට අපි අපේ සමගිය තහවුරු කරගනිමු මෙවැනි වැඩසටහන් තුලින් එකමුතුවී.(හේ)
කරුණාරත්න Sunday, 09 November 2014 09:29 AM
හරි නම් විග්නේෂ්වරම් මහා ඇමැතිත් මේවාට සහභාගි වෙලා ආදර්ශයක් දෙන්න ඕන.(හේ)
චමල් Sunday, 09 November 2014 09:35 AM
බලහත්කාරයෙන් සමගි කරවන්න එපා . හමුදාවෙන් වෙසක් කූඩු හැදුවම පෙන්නන්නේ යාපනේ දෙමල ජනතාව වෙසක් කූඩු හැදුව කියලා . (හේ)
චතුරංග Sunday, 09 November 2014 09:44 AM
ලස්සන පෙරහරක්.(හේ)
සංජීව Sunday, 09 November 2014 04:33 PM
නියම සිංහල බෞද්ධ කියන්නේ අනෙක් ආගම් හැමටම ගරුකරන කෙනෙක්. ඒ නිසා මම කියන්නේ අපි යාපනයේ කැඩිලා බිඳිලා ගිය පන්සල් විතරක් නොව කෝවිල් හදන්නත් උදව් කරන්න ඕනෑ. (නි)
සංජීව Sunday, 09 November 2014 04:35 PM
දේශපාලඥයින් නැති තරමට සමගිය සාමය ශක්තිමත් (නි)