අලූත් අවුරුදු චාරිත‍්‍රානුකූලව හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පයාගල, මලේගොඩ ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණි.
ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටුකරමින් අද පෙරවරු 10.41 ට යෙදුණ සුබ මොහොතින් බෙන්තර, වලල්ලාවිට දෙකෝරළේ ප‍්‍රධාන සංඝනායක මලේගොඩ නන්ද නායක හිමියෝ ජනාධිපතිගේ හිසතෙල් ගැල්වීම සිදුකළහ.
මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනා කරමින් ජනපති ප‍්‍රමුඛ ජනතාවට ආශිර්වාදය පළකළහ.
හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටුකිරීම සංකේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් විහාරස්ථාන භූමියේ රත් හදුන් පැළයක් රෝපණය කිරීම ද සිදුවිය.
ආයුර්වේද කොමසාරිස් එල්.එච්. තිලකරත්න මහතා අතින් ආයුර්වේද අත්පොත ජනපතිට පිළිගැන්වූ අතර ජයන්ති සිරිසේන ජනපති බිරිය, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, මහින්ද සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ ඇතුළු මැතිඇමැතිවරු සහ ප‍්‍රදේශවාසීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ අතර හගුරන්කෙත මාදන්වල රජමහා විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ අවස්ථාවට ද ජනපති අද එක්විය.
බෞද්ධ දර්ශනය මගින් පෙන්වා දෙන පරමාදර්ශයන් මත කටයුතු කරමින් නව අවුරුදු උදාවත් සමග යහපත් වෙනසකට යොමුවීම අවශ්‍ය බව ජනපති එහිදී සඳහන් කළේය. එම අවස්ථාවට එස්.බී.දිසානායක ඇමැතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.



COMMENTS
ඔබතුමාට සුබ අලුත් අවුරුද්දක් වේවා! (නි)
මේ කට්ටියම දැන් රටට එපාවෙලා (නි)
අනේ මන්දා මෙතුමා මේ වෙලාවේ මොනවා දොඩවනවාද කියලා (නි)
මේවා හොඳ වැඩ. සුබ පැතුම්! (නි)
චිරං ජයතු ජයපතිඳුනි! (නි)
ඔබතුමාට සුබ අනාගතයක්! (නි)
ඔබතුමා ගැන අපිට ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා (නි)
මහින්ද මහත්තයාගේ පුවතට අදාළව අදහස් පනහකටත් වැඩිය තියෙනවා. ඒත් මේ පුවතට තියෙන්නේ තවම අදහස් ටිකයි. හුඟක් අයට මේ වෙන දේවල් ගැන කියන්න දේකුත් නැතිවෙලා වගෙයි. (නි)
මේ රජය කරන දෙයක් නැහැ බලාගෙන ගියාම (නි)
අපිටම දැන් අපි ගැන දුක හිතෙනවා. පරාජිතයෝ වැහිවැහැලා පාර්ලිමේන්තුවේ (නි)
අපේ රට ගැන පුදුම කළකිරීමක් මට නම් තියෙන්නේ (නි)
ඔබතුමාට සෙත්වේවා! (නි)
තෙල් ගාන්න ඔලුවක් නැති අයත් ඉන්නවා (අ)