අපවත්වී වදාළ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියන්ගේ දේහය නා හිමියන්ගේ දේහය අද (9) දා අලුයම රිය පෙරහරකින් අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනයට වැඩම කැරිණි.
අද පෙරවරැවේ සිට 11 වැනිදා අලුයම දක්වා එම ස්ථානයේ තැන්පත් කර පසුව කොළඹ අංක 417 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණී ධර්මාශ්‍රමයේ දේහය තැන්පත් කිරීමට නියමිතය.
පළමුව උන්වහන්සේගේ දේහය කුරුණෑගල මැල්සිරිපුර - මඩපොල නාඋයන ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර තැබිණි.
ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු ලබන 12 වැනිදා පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
උන්වහවහන්සේට අවසන් ගොරවය දැක්වීමට දිවයිනේ විවිධ පළාත් වලින් ගෞරවණීය මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
වීඩියෝ - දීපාල් සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘නුතන කාලීන දේශකයන් වහන්සේලාට‘ උතුම් ආදර්ශයක් ලබාදුන් හිමිනමක්. බුදුහිමි අනුදැන වදාළ, දහම් දෙසන භික්ෂුවක් තුල තිබිය යුතු ගුණාංග නාඋයනේ මාහිමිපාණන් වහන්සේ තුල නොඅඩුව තිබුනා. සසර වසන තුරු උන්වහන්සේ අපේ රටේම උපදීවා. උන්වහන්සේට නිවන්සුව ලැබේවා. ! (බ)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (බ)
ඔබවහන්සේට නිවන්සුව ලැබේවා. (ම)
නිවන් සුව ලැබේවා (ම)
ඔබ වහන්සේ පැතූ මතු බුදු බවම ලැබේවා! (ම)
අභිධර්මය සරලව හා පැහැදිලිව සුවහසක් ජනයාට කියාදුන් පිනෙන් ඔබවහන්සේට ඉතාම නුදුරු ආත්මයකදී ම අජරාමර නිවන් සුව අත්වේවා! (ම)
ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා.! (ර)
සසුන් කෙත බබළවමින් මහඟු සේවාවක් බුද්ධ ශාසනයට ඉටුකළ මාහිමිට ප්‍රාර්ථනීය බෝධියෙන් සැනසීම වේවා! මිසදෙටුවන්ගෙන් සාසනය බේරාගැනීමටත්, දෙව්මිනිසුන්ගේ ශුභ සෙතටත් යලි මේ ධර්මද්වීපයේ පහළවේවා! (බ)
සසුන බැබලවූ ගරු ස්වාමීන්වහන්සේට නිවන් සැප ලැබේවා. සියලු දෙනා වෙත එකසේ ඔබවහන්සේ කරුණාව දැක්වූවා. ඔබවහන්සේ අපට කිසි දිනක අමතක නොවේ. (බ)
පිරිහෙමින් යන උතුම් ප්‍රතිපත්ති ශාසනය නගාසිටුවන්න විශාල විශාල මෙහෙයක් කළ වචනයේ පරිසමාප්ත අර්ථයේම බෞද්ධ අපිට ආර්ය කල්‍යාණ මිත්‍ර රත්නයක් වු ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!!!... (ම)