නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක හිමියෝ අද (7) පෙරවරුවේ අපවත් වූහ. අපවත්වන විට උන්වහන්සේ 77 වැනි වියේ පසුවූහ.
පසුගිය දිනවල අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූහ.
අභිධර්මය සරල ලෙස තේරුම් කරදුන් විචිත්‍ර ධර්ම කථික හිමි නමක් වූ අරියධම්ම හිමියන්ගේ අදාහන පූජෝත්සවය සැප්තැම්බර් 12 වැනි සඳුදා සිදුකිරීමට නියමිතය.
1939 අප්‍රේල් 24 වැනිදා කුරුණෑගල ඉමිහාමිනේගමදී ජන්ම ලාභය ලැබූ ඒ හිමියෝ නාඋයන ආරණ්‍ය සේනාසනයේ ජ්‍යෙෂ්ඨ භාවනා උපදේශක හිමිනමක් ලෙස දිගු කාලයක් කටයුතු කළහ.
නිලාගම රජයේ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ වීගොඩ බෝධිරක්ඛිත හිමියන් යටතේ 1957 මාර්තු 27 වැනිදා පැවිදි දිවියට පත්වූහ.
1959 වසරේ ජූලි 15 වැනිදා උපසම්පදාව ලැබූ අරියධම්ම හිමියෝ ගැටමාන්නේ ශ්‍රී විමලවංශ, කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ, දේවගොඩ මංගලසිරි සහ මාතර ශ්‍රී ඥානාරාම යන මහ තෙරවරුන්ගෙන් ඇසුරේ ධර්මය හැදෑරූහ. බුරුමයේ සිට මෙරටට පැමිණ සිටි න්‍යානින්ද සයාදව් හිමියන් යටතේ බුරුම භාෂාවද හැදෑරූ අරියධම්ම හිමියෝ පාලි හා සංස්කෘත භාෂා පිළිබඳවද හසල ඥානයකින් යුතු වූහ. ත්‍රිපිටක වාගීෂ්වරාචාර්ය, මහෝපාධ්‍යාය, මහා කම්මට්ඨනාචාර්ය පදවිද උන්වහන්සේ සතු වූහ.
අරියධම්ම හිමියන්ගේ දේහය අද (7) සහ හෙට (8) නාවුල ආරණ්‍ය සේනාසනයේ තැන්පත් කර තැබෙන අතර 9 සහ 10 දෙදින ගල්දූව ආරණ්‍ය සේනාසනයට දේහය වැඩමවනු ඇත. පසුව අවසන් කටයුතු සිදුවනතෙක් උන්වහන්සේගේ දේහය 11 සහ 12 දෙදින කොළඹ ජර්මන් ධර්ම දූත මධ්‍යස්ථානයේ තැන්පත් කර තැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේට මතු ආත්මයකදී බුදුබවම ලැබේවා! (නි)
මා ඔබවහන්සේට අමාමහ නිවන් සුව පතමි . (අ)
ඔබ වහන්සේ සියලු දුක් නැතිකර උතුම් නිවන් සුවය ලබා ගනිත්වා! (නි)
මා ඔබවහන්සේට අමාමහ නිවන් සුව පතමි (ම)
මම උන්වහන්සේට නිවන් සැප ප්‍රාර්ථනා කරමි. මම දුටු හොඳම පිළිවෙත් රකින දැනුමෙන් අද්විතීය උසස් ගුණාංග ඇති සිල්වත් හිමිනමකි. මෙය ලංකාවට විශාල පාඩුවක් වෙනවා පමණක් නොව අනිකුත් භික්ෂුන් වහන්සේලාට ආදර්ශයක් දුන් හිමිනමකි. (නි)
අප මෙතෙක් රැස්කළ සියලු කුසල්ද උන්වහන්සේ ප්‍රාර්ථනා කළ මතු බුදුබවට හේතුවේවා. (බ)
නාහිමියනි ඔබ වහන්සේට නිවන් සුව පතමි (බ)
මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්ස, ඔබ වහන්සේට ඒ අමා සුව බොහෝ දුර නොවේවා...(බ)
අමාමහ නිවන් සුව ලැබේවා! උන්වහන්සේගේ අඩුව අපිට අදට වඩා හෙටට දැනේවි (නි)
බුදුහිමි දෙසූ මඟ යමින් ඝෝර කටුක සංසාරයෙන් අසරණ මිනිසුන් එතෙර කරන්නට ඔබ වහන්සේ දැරූ උත්සාහය අතිමහත්. ඔබවහන්සේ සෙවූ අමාමහ නිවන ලැබේවා! (නි)
ඔබ වහන්සේ මම මුලින්ම දැක්කේ මියගිය සීයා වෙනුවෙන් ගල්දූව කළ්‍යාණ යෝගාශ්‍රමයට වාර්ෂික දෙන දානයට මගේ පවුලේ අයත් එක්ක ගිය ගමනේදී. භාවනාවෙන් පෝෂණය වුණ ඔබ වහන්සේ නිවන් සුවය ලබන බව මගේ විශ්වාසයයි! සිරස නමා ප්‍රණාම කරමි. (නි)
උතුම් සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. පතන බෝධියකින් නිර්වාන මාර්ගය පූර්ණය කරගැනීමට ලැබේවා !!! (බ)
වචනයේ සැබෑ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ වහන්සේ අග්‍රගන්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්ම වූ සේක. ඒ ගැන විස්තර ගෙනහැර පෑමට අටුවා, ටීකා, ටිප්පනි ඈ දෑ කුමට? පැවිදි බිමට පත්වීමේදී ඔබ වහන්සේ පතා ගත් පරම පුජනීය උතුම් පැතුම වූ අජරාමර නිවන් සැපත සාක්ෂාත් වේවා! යි ගෞරව නමස්කාර පුර්වකව ප්‍රාර්ථනා කරමි. (බ)
අපට දහම් මග පෙන්වාදුන් යතිවරයාණන් වහන්සේට අමාමහ නිවන්සුව පතමි..(බ)
ගෞතම සම්බුදු සසුනඹර ආලෝකමත් කර "සබ්බේ සංඛාරා අනිච්ඡා" යන සම්බුදු වදන සනාථ කරමින් අවරගිරගින් බැස ගිය පුන්සඳ... අපවත්වී වදාළ අතිපූජණීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය පසක්වේවා..! සාදු..! සාදූ..!! සාදු...!!! (නි)
සරල දිවි පෙවෙතක් ගෙවා ගැඹුරු අභිධර්මය සරලව තේරුම් කර දුන් ශ්‍රේෂ්ට යතිවරයාණන් කෙනෙක් අහිමි වීම වර්තමානයේ රටට දයට සිදු වූ විශාල පාඩුවක්, මම උන් වහන්සේ ලගටම ගිහින් බණ අහපු කෙනෙක් ජීවමාන බුදු හාමුදුරුවන් දැක්ක වගේ හැගීමක් මට ඇති වුණා.අපරිමිත කරුණාවක් තිබුනේ, මම උන් වහන්සේට නිවන් සුව නොපතමි තවත් වරක් අපේ රටේ ඉපිද අප සියලු දෙනාටම දහම් අවබෝදය දුන මැනවි සමිදුනී ! (ම)
අනිකුත් ආගම්වලට කිසිම නින්දාවක් නොකරපු හිමි නමක්.. නිවන්සුව පතමි! (ම)
තුනුරුවන්සතු සුවිසි අනන්ත මහා ගුණ බලය හඳුනාගැනීමට මහත් කරුණාවෙන් මෛත්‍රියෙන් මාහට මග පෙන්වූ ඔබ වහන්සේට මමත් මගේ දරු පවුලත් නිවන් දක්නා ජාති දක්වා ණයගැති වන්නෙමු. මා අප කරන සියලු කුසල් ඔබ වහන්සේට මතු සසර සුවසේ පාරමිදම් පූරා උතුම්වූ සම්මා සම්බුද්ධත්වය ලැබීමට හේතු උපකාර වේවායි නිරතුරුව පතන්නෙමි.(ම)
අර්ථයෙන්ද ධර්මයෙන්ද සැබෑ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වූ මෙහිමියන් සමස්ත සඟ පරපුරටම පුර්වාදර්ශයකි !ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් සසර ගමන නිමවේවා ...!!! (බ)
වචනයේ සැබෑ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ වහන්සේ අග්‍රගන්‍ය බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්ම වූ සේක. පැවිදි බිමට පත්වීමේදී ඔබ වහන්සේ පතා ගත් පරම පුජනීය උතුම් පැතුම වූ අජරාමර නිවන් සැපත සාක්ෂාත් වේවා! යි ගෞරව නමස්කාර පුර්වකව ප්‍රාර්ථනා කරමි. (බ)
සසර ගමන කෙටි කර ගන්නට මග කියාදුන් අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම් ස්වාමීන්වහන්සේට නිවන්සුව ප්‍රාර්ථනාකරමි. (බ)
සිරි ලක සසුන් අඹර ඒකාලෝක කළ උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමදිමි (ම)
සැබැවින්ම වචනයේ පරිසමාප්ථාර්තයෙන්ම ශීලවන්ත, ගුණවන්ත, ඥානවන්ත සැමදා පිදිය යුතු උතුම් හිමි නමක්! ශ්‍රී ලංකාවට මැකිය නොහැකි පාඩුවක්! උතුම් හිමියනි, ඔබ වහන්සේට නිවන් සුව! (බ)
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා !!!! (බ)
අමාමහ නිවන් සුව ලැබේවා! උන්වහන්සේගේ අඩුව අපිට අදට වඩා හෙටට දැනේවි .හරිම දුකක් (බ)
ඔබවහන්සේ ප්‍රාර්ථනා කල ආකාරයෙන්ම බුද්ධත්වයට පත් වීමට අප කල යම් පිනක් වේ නම් අනුමෝදන් වෙත්වා.... අපට නිවන් මග පෙන්වූ ඔබවහන්සේටත් නිවන් අවබෝධ වෙත්වා..! (ම)
නිවන් සුව ලැබේවා. හරිම කනගාටුයි. බුද්ධ ශාසනයේ අගතියට කටයුතු සිදු වෙන කාලයක රටට සිදු වූ මහත් පාඩුවක්. (ම)
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ මග යන්නට දොරොටු විවර වේවා (ම)
රට ජාතියේ උන්නතියත් බුදුදහමේ පුනරුදයත් වෙනුවෙන් කැප වුණු ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බුදුබවම ලැබේවා !!! (බ)
අපේ ම පිනට පහල වූ මහා බෝසතාණන් වහන්ස, අතිශය දීර්ග කාලයක් පිරූ පාරමිතා ධර්මයන් තිලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධත්වය උදෙසාම හේතු වාසනා වේවා!! (බ)
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසුවා. ගාම්භීර අභිධර්මය ඔබ සරලව දේශනා කළා. මුළු බෞද්ධ ජනතාවටම ජීවිතය අවබෝධ කරගන්න ඔබ වහන්සේ උදව් කළා. ඒ මහගු පිනෙන් ඔබ වහන්සේට ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට හැකියාව ලබේවා.. (ම)
පුද්ගලිකව හමුවී නැතත් , බෙහෙවින් ජීවිතය හැඩ ගස්වා ගැනීමට උදව් වූ ධර්ම දේශනා ඇහුවා.. ඔබ වහන්සේට ඒ පිනෙන්ම නිවන් සුව ලැබේවා.! (බ)
හිමියනි මතු බුදු පුතෙක්ම වී ඉපදේවා..!! (බ)
අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම් ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
ඔබ වහන්සේ කළ ශාසනික සේවය නමස්කාරපුර්වක සිහි කරන අතරම ඔබ වහන්සේට නිවන් සුව පතනවා නායක හාමුදුරුවනේ ! (බ)
අති විශිෂ්ට යතිවරයෙක් වූ මෙහිමියන් බුද්ධ දේශනාවේ ගැඹුරු හරය පහන් වැටක් සේ අපේ බුද්ධි මණ්ඩලයේ දිදුලන්නට අපට සහාය දුන්සේක. කතෝලික අපද මෙහිමියන්ගේ කථිකත්වයට බොහෝ ඇලුම් කළෝ වෙති. හිමියනි ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන ලද ඵලය එලෙසින්ම ලැබේවායි උදක්ම අධිෂ්ඨාන කරමු. (බ)
ඔබවහන්සේ පැතු බුදුබවම ලැබේවා (අ)