නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරු තිදෙනෙක් සන්ධානයෙන් ඉවත් වී ස්වාධීන වූහ.
සන්ධානයේ පක්ෂයක් වන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ අමීර් අලි, සිබ්ලි අබ්දුල් ෆාරුක් සහ එම් සුබයර් ඔවුහුය.
එම් සුබයර් මහතා පළාත් සභාවේ උප සභාපති වරයාය.
නැගෙන හිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් ද, ඉලන්කෙයි තමිල් අරුසු කඩ්චි පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් ද, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙක් ද, ජාතික නිදහස් පෙරමුනේ එක් මන්ත්‍රීවරයෙක් ද වෙති. නැගෙනහිර පළාත් සභාවට වෙනම තරඟ කළ ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩුවට සහාය දක්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ එන්නේ කට්ටිය යස අගේට. ඔන්න හුළං බහිනවෝ. දැන් මොකද කරන්නේ ෆයිල් වලට (නදී)
ඒ කියන්නේ නැගෙනහිර පළාත් සභාව ආණ්ඩුවට නැති වෙනවා (නදී)
පොදු පෙරමුණේ අලුත් ලේකම් සහ නිමල් සිරිපාල එනවා කියන්නේ ඇත්තද ? (නදී)
ආනන්ද, ඇත්තද එච්චර අාදායමක් ලබනවද දැන් ලංකාවේ මිනිස්සු? එහෙනම් ජනාදිපති තුමා වියදන් කරන ප්‍රමාණය මදි. (නදී)
දැන්නම් එන්න එන්නම තත්ත්වය දරුණු වෙනවා වගෙයි. (නි)
මේ අය අහම්බෙන් වගේ එයාලගෙ ෆයිල්වත් දැක්කද දන්නේ නැහැ. (නි)
ඉවත්වීමට හේතු ප්‍රකාශකර නැද්ද? (නි)
ආ! ඔන්න දැන් මේ ගොල්ලන්ගේ ෆයිල් ගැනත් හිතන්න වෙයි (නි)
මේ ගොල්ලන්ගේ ෆයිල් එහෙම කොහෙද දන්නෙ නැහැ (නි)
මොන තනතුර තිබුනත් වැඩක් නැහැ කියලා හිතෙන්න ඇති. (නි)
ආනන්ද, ඔයා හිතන්නේ ලංකාවේ මිනිසෙකුගේ අද දවසේ අවම වැටුප රු.1000 ක් කියලද? ලංකාවේ මිනිසකුගේ දවසක සාමාන්‍ය වැටුප රු.250 යි. ඒක ඇමතිතුමෙකුත් පිළිගෙන තියෙනවා. (නි)
ආනන්ද, මේසන් බාස් එතකොට කන්නේ බොන්නේ වෙනත් වියදම් කරන්නේ නැද්ද? ඔය දාහ අරගෙන එළවළු කඩේට ගියාම කීයද ඉතුරු වෙන්නේ කියලා අහන්නකො. (නි)
ෆයිල් ටිකවත් දැකලා බයවුණාද? පස්ස නොබලාම දුවලා ගිහින් ස්වාධීන වෙන්න ඇති. (නි)
බන්දුල පෙරේරා, ඇමතිවරු නම් මම දන්නේ නැහැ. ඒත් අද කාලේ රු 1000 කට අඩුවෙන් 250 කට කුලී වැඩ කරන අය ඉන්නවා නම් මම 1000ක් මාස තුනක් ඇතුළත ගන්නවා. කරුණාකර ප්‍රසිද්ධ දැන්වීමක් දාන්න (නි)
ඒ මොකද අප්පේ එකපාරටම එපාවුණේ? (නි)
එපා නම් ඉතින් මොනවා කරන්නද? (නි)
මෙන්න ආණ්ඩුව හෝදගෙන යනවා හරියට මීරිය බැද්දේ නාය ගියා වගේ. (නදී)
තිලංක. ඔබ දැන් වැඩ කරන්නේ එතනද.? පඩි ලැයිස්තුවට නම තවම වැටුනේ නැති බව පෙනෙනවා. පඩිය වැටෙනකන් පත්තරේට මේ වගේ ලියන්නයි "තව වැඩ" ටිකක් කරන්නත් වෙයි. (ස)
තිලංක බන්දුල පෙරේරාට වයර් ෂෝට්. අපි අපේ ගමන යමු. (ස)
අර කතාවක් තියෙනවා ....ගේ තොප්පිය වගේ කියල.හැරෙන හැරෙන හැරෙන අතට හැරෙනවා. ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුල්ලු මගුල් කනවා. (ස)
අර කතාවක් තියෙනවා ....ගේ තොප්පිය වගේ කියල.හැරෙන හැරෙන හැරෙන අතට හැරෙනවා. ඌරෝ කැකුණ තලද්දී හබන් කුකුල්ලු මගුල් කනවා. (ස)
අමන්දා, ලබන ආත්මයේ නෙමෙයි, පවු කළොත් මේ ආත්මෙදිම පළදෙනවා. (නි)
පව් විතරක් නොවෙයි අනේ ලව් කලත් මේ ආත්මෙදිම පල දෙනවා. (නදී)
වෙන කරන්න දෙයක් නැති වුනාම මිනිස්සු යනවා. මේක පක්ෂයක් නෙවෙයිනේ කේන්දර කන්තෝරුවක් නේ, අන්න බොරු නැකත්කරුවෙක් අර ප්‍රසිද්ධ පත්තරේ කියල තියනවා. පොදු අපේක්ෂකයාට රාජ යෝග මොනවත් නැහැ ඒ වෙනුවට ලේ වැගිරීම සහ හිරිහැර තියනවා කියලා. එයා කොහොමද කලින්ම ඔච්චර විශ්වාසයෙන් මේ කරදර ගැන දන්නේ. එහෙම නම් කරදර කාරයාගේ කේන්දරෙත් එයා ළඟ ඇති. හිතුවද දන්නේ නැහැ මිනිස්සු ඡන්දෙ දෙන්නේ අපේක්ෂකයාගේ කේන්දරේ බලලා කියල. මෙහෙව් රටේ දේශපාලනය දැන් විහිළුවක්. (නදී)
මහින්ද රාජපක්ෂගේ 2015 වියදම්... වසරක වියදම---රු.10475500000 මාසයක වියදම--රු.87295833 දවසක වියදම--රු.28700000 පැයක වියදම--රු.362500 කුලී වැඩ කරලා එදා වේල හම්බ කරන දුප්පත් මනුස්සයාගේ ආදායම දවසක ආදායම--රු250 සතියක ආදායම--රු1750 මාසයක ආදායම---රු7500 අවුරුද්දක ආදායම--රු91250 (සැ.යු. ඉහත ආදායම ලබා ගැනීම සදහා දින365 ම වැඩ කළ යුතුය) මේකද ආශ්චර්යය.දුප්පත් මිනිහා කුලී වැඩ කරලා හම්බ කරන රු250නුත් රු175ක් විතර බදු ගහල හූරගෙන කනවා ඡන්දෙ ඉල්ලන්න ආවේ සුර ලෝකයක් මවනවා කියල.ඒත් ඡන්දෙන් පස්සෙ ඒ මිනිස්සුන්ට අපායෙත් නැති දුක් දෙනවා අපි ජාති ආගම්,කුල මල පැත්තකින් තියලා එකා වගේ එකතු වෙලා මේ වෙලාවේ තීරණයක් ගත යුතුයි. කුඩු කාරයෝ,එතනෝල් කාරයෝ,පාතාලයෝ,ස්ත්‍රී දූෂකයෝ.මිනීමරුවෝ,හොරු ටික ළග තියාගෙන රට ආපස්සට අරන් යන මේ අයට පෙන්නලා දෙන්න ඕන දුප්පත් මිනිස්සුන්ගේ හයිය.LTTE එක නැති කරා කියලා යුද්ධේ විකුනන් කනව මේ අය. යුද්ධෙ ඉවර කරේ army එක කියලා මුලු රටම දන්නවා.යුද්ධ කරපු සරත් ෆොන්සේකාගේ විශ්‍රාම වැටුප අහිමි කරලා ඡන්ද අයිතිය අහිමි කලේ ජනාධිපති අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් උනාට කියලා රටම දන්නවා. මේ වගේ පලිගන්න,රටේ සම්පත් හූරගෙන කන,කෙනාට රට බාර දෙනවද.නැතිනම් රටට වැඩක් කරන්න පුලුවන් කෙනෙකුට රට බාර දෙනවද. තීරනය ඔබ අතේ... (ස)
දැන් 19..18 නේද? (ර)
මේ වෙලාවේ එජාපය මුස්ලිම් පක්ෂ හා දෙමල සන්ධානය සමග එකතුවී නැගෙනහිර පළාත් සභාව පිහිටුවහොත් එය ජනාධිපතිවරණයේදී එජාපයට විශාල අවාසියක්. මොකද එවිට රජය එජාපය බෙදුම්වාදින් සමග සම්බන්ධයි කියා රජය ජනතාවට එත්තුගන්වනවා (ස)
තිලංක ඔබ හරි 100%ම නමුත් ලංකවේ මිනිස්සු මේක තේරුම් ගන්නේ නැහැ තමන්ට ලැබෙන විදියට රට හොරුන්ට පාවල දෙනවා මහින්ද මොකද මේකේ ඉන්න තව දගලන්නේ මේ සැප අායේ ලැබෙන්නේ නැහැ ලබන ආත්මේ නිරයේ දුක්වින්න මග හදාගෙන තියෙන්නේ. (ස)
අැත්තටම නිලංකා ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනා. හරියටම හරි ඔය ටික අපේ රටේ සමහර අයට තේරෙන්නේ නැහැනේ. දෙවියනේ මේ රටේ අභාවයට වෙන්න ඇති. (නදී)
සමන්ජය ඔයාට මිනිසකුගේ දවසක සාමාන්‍ය වැටුප රු.250 යි කියන එකවත් තේරුම් ගන්න බැරි උනාට මට කරන්න දෙයක් නැහැ. මට ඔයාට දැනුම දෙන්න පුළුවන් උනාට මොලේ දෙන්න බැහැනේ (නදී)
පිටිගල මිලානෝ, දැනටත් චීනෙයි ලංකාවෙයි පුරවැසිකම තියනවනේ. මොකද්ද අනිත් එක (නදී)
තිලංක. කවුද ඔයාට මේ ගණන් ලියල දුන්නේ ඔයා ගණිතයට හරිම දුර්වලයි. දාන්න කලින් ගාන හදල බලන්න තිබුනනේ. (අ)
තිලංක, ඔබ හරි. ඔය කියපුව ඇර දන්නවද ලංකාව ගත්ත නය වල වාරික ගෙවා ගන්න බැරිව ගෙවන්නේ පොලිය විතරයි කියල. (ර)
විජයබාහු තිලන්කට ගණන් විතරක් නෙවෙයි පැටලිලා තියෙන්නේ ජනාධිපති වියදම 2015 කුලිකාරයාගේ අදායම 1977 විතර අද මේසන් බාස් කෙනෙකුට 1500 කුලිකාරයෙක් 1000 කටවත් හොයන්න බෑ අමන්දත් මේකට පැටලිලා (අ)
මෙතන තිලන්කටත් බැනලා. ඒවා බොරුද? අපේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රස්නේ තමන් කැපුවත් කොළ නිල් කියන එක, රටට හෙන ගැහුවත් කමක් නැහැ (නදී)
තිලංක නරියෝ හු කීවට ....ගවයෝ උම්බෑ කීවට කමක් නැ..අපි අපේ ගමන යමු ...අපිට ඕන ..රටක් ..අපේ පොඩි උන්ට ජීවත් වෙන්න පුළුවන් රටක්...කුඩු ..කැසිනෝ ..එතනෝල් නැති රටක් ....යුද්දෙන් අද මිනිස්සු මැරෙන්නේ නැ එක ඇත්ත...එත් කුඩු කැසිනෝ ..එතනෝල් එක්ක කි දාහක් තරුණ ජීවිත විනාස වෙලාද...මේ පණ්ඩිත අදහස් දාන අයට ඒක තේරෙන්නේ නැද්ද? (අ)
කොළ කඩ කඩ බොරුවට දෙනවා අපට බොරු ගණන් එපෝ ඔය ඇඳුරන්ගේ....// (නදී)
හෙළ උරුමය රකින්න පොදු පෙරමුනට ? (නදී)
නිකන් බොරුවට කෑගහන්න ඵපා. මීලඟ ජනපති මහින්ද රාජපක්‍ෂමයි. හොඳට හෝ නරකට කොන්දක් තියෙන එකෙක් ආය ඉන්නවද..? (ස)
අනවශ්‍ය වියදම් 50% අඩුකළොත් ලංකාවේ අධ්‍යාපනයට දෙන වියදම 20% කරන්න පුළුවන්. නමුත් අසරණ දරුවන් වෙනුවෙන් පාසල් දරුවන්ගේ ප්‍රතිපාදනය 1% ටත් අඩුයි. බුද්ධිමත් ජනතාව නැවත සිතන්න මේ ගැන (නි)
දැන් දැන් කාට කාටත් සත්‍ය පෙනීගෙන එන පාටයි. රටට යහපතක්ම වේවා ! (ස)
කාලය හරි ! අපිට ඕනෑ යහපාලනයක්. (නි)
තිලංකට බනින එක්කෙනෙකුටවත් මේවා තේරෙන්නේ නැහැ (නි)
තිලංකගේ අදහස තමයි සුපිරිම අදහස.පුලුවන් නම් රටේ ඉන්න අසරණයන්ට මේ පණිවිඩය දෙන්න.පින්සිද්ධ වෙනවා. (නි)
රටේ ඉන්න දුප්පත් අපි මෝඩයින් කියලා වෙන්න ඇති සමහරු හිතාගෙන ඉන්නේ. (නි)
තිලංක, ඔබගේ අදහස 100% සත්‍යයයි. (නධී)
අපිට එදා වෙලා කන්න සල්ලි නැහැ. හෙට දරුවන්ට කන්න දෙන්නේ මොනවද කියල අපි කල්පනා කරන්නේ. මෙහෙ කොටි ප්‍රකෝටි ගණනින් ගසා කන්නේ. හරියට අම්මගේ අප්පාගේ බුදලය හොරකම් කරනවා වගේ. අනිවාර්යෙන්ම වෙනසක් සිද්ද වෙන්නම ඕනේ. අපිට අපේ දරුවන් සමග ජීවත් වෙන්න ඕනේ (නදී)
තිලක්, ඔබගේ ගණිතමය ගැටලුවම විතරක් ඇති මේ මිනිසුන්ට හිතන්න. මොන වගේ රටක්ද මේ? ලෝකයේ කොහෙවත් නැහැ මෙහෙම රටක් (නි)
ලංකාවෙි දරිද්‍රාවය හැමදාම තිබුනා කිසිම කෙනෙක් මෙි දරිද්‍රාවය අඩු කරන්න කටයුතු කරලා නැ. (ර)
එතකොට ආනන්ද ඔය කියන කුලීකාර මේසන්කාර මහතුන්ට වියදම් පාර්ශවයක් නැද්ද ? එහෙම නැති නම් ඔබ ජීවත් වෙන්නේ පිටරටකද ? රුපියල් 1500 ගෙදර 4 දෙනෙක් ඉන්න පවුලකට එළවලු ටිකක් ගෙනාවම ඉතිරි වෙන්නේ මොනවද ? මේ රටේ හැමදාම මේ මිනිස්සුන්ට වැඩ තියනවා ද ? කුලී කාරයන් ගෙන්න ගෙන වියදම් කරන්න සල්ලියක් රටේ අනිත් මිනිස්සුන්ට තියනවද? ආනන්ද බය නැතිව ගිහින් මුදල් ඇමතිකම ඉල්ලන්න. හරියටම ගැලපෙන කෙනා. (නදී)
මෛත්‍රී ජනාධිපති තුමා ආවම අපිට ද්විත්ව පුරවැසිකම ඉක්මනින්ම දෙයි. (නදී)