නැගෙනහිර පළාත් සභාව ජනවාරි 12 වැනි දාට කල් තැබීමට එරෙහිව එහි එක්සත් ජාතික පක්ෂ හා දෙමළ සන්ධාන මන්ත්‍රීවරු සභා ලේකම් කාර්යාලයය ඉදිරිපිට විනාඩි දහයක පමණ විරෝධතාවක් පැවැත්වූහ.
නැගෙනහිර පළාත් සභාව එළවළු කඩයක් වගේ යැයි ඔවුහු කීහ.
මෙලෙස සභාව කල් තැබීම නීති විරෝධී විපක්ෂ නායක හා දෙමළ සන්ධාන මන්ත්‍රී එස් තණ්ඩායුදපානි මහතා කීවේය.
ජනවාරි අට වැනි දා ජනපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු රජය භාරයේ ඇති උතුරු නැගෙනහිර වැසියන්ගේ රන් ආභරණ නැවත බෙදා දෙන බව එජාප මන්ත්‍රී දයා ගමගේ මහතා පැවසීය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනා සභා ලේකම් කාර්යාලයයට පැමිණිය ද සභා ගර්භයට නොපැමිණියහ. ආණ්ඩුවෙන් වෙන්වී ස්වාධීනව කටයුතු කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් තිදෙනා ද අද පැමිණ සිටියේ නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd