(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නියෝජ්‍ය පොලිස්පති නිලයට මේ වනවිට උසස්වීම් ලබා රාජකාරියේ නිරතව සිටින නිලධාරියකු සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට බැඳීමේදී ඉන්දියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලබාගත් බව කියමින් ඉදිරිපත් කර තිබූ උපාධි සහතිකය සැබෑ එකක්දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා ඉන්දියාවේ එම විශ්වවිද්‍යාලයේ බලධාරීන්ගෙන් තොරතුරු වාර්තාවක් ඉල්ලා ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.
මෙම නිලධාරියා එම වකවානුවේ ඉන්දියාවේ රැඳී සිටියේද යන්න ගැනද තොරතුරු ඉල්ලා ඇති බව ජාතික පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (28) පැවැසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ඉන්දියාවේ පිහිටි එම පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඊමේල් ලිපිනය ලබාගෙන මෙම තොරතුරු ඉල්ලා ඊමේල් පණිවිඩයක් යවා තිබෙන බව කොමිසමෙන් ලැබෙන ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.
මීට අමතරව මෙම පොලිස් නිලධාරියා සහකාර පොලිස් අධිකාරි නිලයට බැඳෙන වකවානුවේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් නියමකර තිබූ ප්‍රමාණය සපුරා තිබුණේද යන්න ගැන තහවුරු කර ගැනීමට පොලිස්පතිවරයාගෙන් ඒ හා සම්බන්ධව තොරතුරු ඉල්ලා ලිපියක් යවා ඇති බවද ජාතික පොලිස් කොමිසමේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා කීය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු පොලිස් අධිකාරිවරයකු සහ සහකාර පොලිස් අධිකාරිවරයකු මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ජාතික පොලිස් කොමිසමට කර ඇති පැමිණිලි මත එහි විශේෂ විමර්ශන අංශය විසින් මෙවැනි පරීක්ෂණයක් සිදුකරන බව කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඔහු?
ඔය කියන්නේ වෙන කිසි කෙනෙක් ගැන නෙවේ.. පොලීසියේ ඉන්න ලොකුම උම්මන්තකයා ගැනයි..
සහකාර පොලිස් අධිකාරි නිලයට බැඳුණු කෙනා නියෝජ්‍ය පොලිස්පති වුනාටත් පස්සෙද සහතික පරීක්ෂා කරන්නේ..? මේක පුදුම රටක්.
පොලිසියේ වැඩ නැති අය අනුන්ගේ රෙදි හෝදන්න පටන් අරගෙන වගේ. ශ්‍රී ලංකා ක්‍රිකට් පෙලේ ධනුෂ්ක ද සිල්වා ගේ පියාව මරපු විදිහත් මේ පත්තරවලින් දැනුවත් කළානම් හොඳයි නේද? මේ රටේ පොලිසියේ අයට ඇත්තටම වැඩ නැද්ද කියලා ඔය කියන කොමිසන් සභාවෙන් හොයලා බැලුවොත් නරකද? මේ රටේ ප්‍රශ්න අඩුවෙන්න තිබුණු පොලිසියේ බුද්ධි අංශයේ ලොක්ක නිදාගෙන හිටියේ නැත්තන්...
බොරු සහතිකදීම දැන් පුරුද්දක් වෙලා...
පොලිසියේ අය මාධ්‍යය සමග කුණු රෙදි සේදීමේ තරගයක...
හිටපු බාලසූරිය පොලිස්පතිටත් තියෙන්නේ ඉන්දියාවේ සල්ලි වලට දෙන පුද්ගලික විශ්ව විද්‍යාල කඩේක උපාධියක්... ආනන්ද විද්‍යාලයට ගිය ඔහු ලංකාවේ අ.පො.ස. උසස් පෙළවත් පාස් වෙලා හිටියේ නැහැ. ඉතින් මෙයා හිටියම මොකද?