IMG-LOGO

ධාවනය වු ලංගම බසයේ රියදුරු අසුනේම මිය ගිහින්

( ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළියේ සිට තලවකැලේ හරහා නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක රියදුරෙකු බස් රථය ධාවනය වෙමින් තිබියදීම හදිසියේ ඇති වු අසනීපයකින් රියදුරු අසුනේදීම ජීවිතක්ෂයට  පත්ව  ඇතැයි  ලිඳුල පොලීසිය පවසයි.

මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථය ප්‍රපාතයට පෙරළී නොගොස් බේරී ඇත්තේ අනු නවයෙන් බවත්, බස් රථය ප්‍රපාතය පාමුල කොන්ක්‍රීට් බැම්මක් මත ගැටීමෙන් නැවතී තිබු බවත් පොලීසිය කියයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අටබාගේ, ඉහළගම, මැදකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංග අරුණසිරි අත්තනගේ (47) නැමැති  නාවලපිටිය ලංගම ඩිපෝවේ රියදුරෙකු ලෙස කටයුතු කරන ලද අයෙකි.

නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ ලැමලියර් ප්‍රදේශයේදී බස් රථයේ රියදුරා බස් රථය ධාවනය කරමින් සිටියදී ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

බස් රථය කාර්මික දෝෂයකට ලක්ව රියදුරා හා කොන්දොස්තරවරයා පමණක් එම අවස්ථාවේ පැමිණ ඇති බව ලිඳුල පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා කීය.



අදහස් (3)

ධාවනය වු ලංගම බසයේ රියදුරු අසුනේම මිය ගිහින්

Muthu Thursday, 16 May 2024 10:06 AM

අර ගුවන් තොටුපළේ මිනිස්සුන්ට ගහලා යාකා නැටූ මොන්ගල් දේසපාලුවන්ටනේ මේක වෙන්න තිබුනේ. මරුවටත් පාර වරදිනවා වගේ.

:       0       4

fairoos Thursday, 16 May 2024 01:45 PM

නිවන් සුව ලැබේවා...

:       0       13

Lakmal Thursday, 16 May 2024 02:20 PM

නිවන් සුව ලැබේවා...!!!

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site