
අන්දමන් සහ නිකොබාර් දූපතට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවැති අඩු පීඩන කලාපය, අද උදෑසන පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී බටහිර,මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවැති බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එය උතුරුට බරව වයඹ දෙසට ගමන් කර නොවැමුබ්ර් 16 වැනි දා උදෑසන වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 - 45 පමණ වන අතර විටින් විට පැයට කිලෝ මීටර් 50 - 60 දක්වා වැඩි විය හැකියි.
මෙම හේතුවෙන් ඉහත කී මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
ඉදිරි පැය 24 තුළ උතුරු අක්ෂාංශ 10 සහ 19 සහ නැගෙනහිර දේශාංශ 82 සහ 90ත් අතර මුහුදු ප්‍රදේශතුළ යාත්‍රා නොකරන්නැයි ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙයි
දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන්නැයි ද දැනුම් දෙයි.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධීවරයන්ට - නාවිකයන්ට අනතුරු ඇඟවීමක්