උතුරු පළාතේ ධීවර සමිති නායකයෝ හා ධීවරයෝ විශාල පිරිසක් අද යාපනයේ පිහිටි උතුරු පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
ඉන්දියා ධීවරයින්ගේ ටෝලර් යාත්‍රා මෙන් විශාල අභ්‍යන්තර ටෝලර් යාත්‍රාවලට උතුරු මුහුදේ මසුන් මැරීමට ඉඩ දිය යුතු බවට උතුරු පළාත් සභාව මගින් ගෙන ඇති තීන්දුව ඉල්ලා අස් කර ගන්නැයි ද, ඉන්දියා ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීම වලක්වන්නැයි ද ඉල්ලමින් ඔවුහු ඉල්ලා සිටියහ.
වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා යාපනයේ සිටින සියලුම ධීවර සමිති නායකයින්ද උතුරු මුහුදේ ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් විශාල පිරිසක්ද මෙම උද්ඝෝෂණයට සහභාගී වූ බවට උද්ඝෝෂණය සංවිධානය කළ උතුරු පළාත් ධීවර එකමුතුව හා ධීවර සහයෝගීතා ව්‍යාපාරය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු පළාත් සභාවට ලංකාවේ උතුරේ මිනිස්සුන්ට වඩා වටින්නේ දකුණු ඉන්දියාවේ මිනිස්සුනේ, (හේ)
කලබල වෙන්ඩ එපා (බ)