ධීවර සංස්ථා සේවකයන්ට 2008 වසරේ සිට සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් ගෙවා නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ධීවර සංස්ථාවට රුපියල් කෝටි 68 කට අධික ණය බරක් පවතින බව ද ඇමතිවරයා කීවේය.
තමන් අමාත්‍යාංශය භාරගත් පසු මෙම ගෙවීම් නිසි ලෙස ආරම්භ කළ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අර්ථසාධක හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් වල හිඟ වාරික ගෙවීමට මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර ඇතැයි ද ඔහු පැවසීය.
ධීවර සංස්ථාවට 500ක පමණ කාර්ය මණ්ඩලයක් ප්‍රමාණවත් වුවත් මේ වන විට එහි 1026 දෙනකු සේවය කරන බව ද ඇමතිවරයා කීවේය.
ලබන අප්‍රේල් මාසය පමණ වන විට යුරෝපා මත්ස්‍ය තහනම ද ඉවත් වනු ඇතැයි කී ඇමතිවරයා ඉදිරියේ දී මත්ස්‍ය අස්වනු වැඩි කරගැනීම සදහා ද ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව කියා සිටියේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද(5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට කරලා තියෙන්නේ මාළු කන වැඩනේ. (නි)
මෙච්චර මාලු කාපුහම මුහුද ගොඩ ගලන්නේ නැතුව තියෙයිද (අ).
බරබතල නැතුව ඇති නැතිනම් හිටපු ඇමතිව අතනට ....කැදවන්න එපැයි . (අ)
මහින්ද අමරවීර මහතා දක්ෂ, එමෙන්ම අවංක මහතෙක්. ධීවර සංස්ථාව ඉදිරි කාලයේදී දියුණුවනු දැකීම අපේ බලපොරොත්තුවයි. (නි)
මහින්ද මහත්තයෝ, ඔන්න ඔයාගේ පාලන සමයේ වැඩ. ඔබතුමාගේ අයගෙන්ම අහගන්නකෝ (නි)