හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ පැය තුනක් පුරා හිර වී සිටි විදේශීය සංචාරකයෝ 55 දෙනෙක් කළුතරට යවනු ලැබූහ. හලාවත ගමන අවලංගු කර කළුතරට යැමට ඔවුනට විශේෂ බස් දෙකක් සපයා දීමට පොලීසිය සමත් විය. හලාවත කොළඹ මාර්ගයේ ගල් කන්ද රේල් ගේට්ටුව අවහිර කිරීම නිසා පැය 8 ක් තිස්සේ ගමනාගමනයද ඇනහිට ඇත. ධීවර අධ්‍යක්ෂ එහි යන බව ඔවුනට දන්වා ඇතත් ධීවර ඇමති එනතුරු උද්ඝෝෂණය නතර නොකරන බව උද්ඝෝෂකයෝ කියති.
තහනම් කළ දැල් වෙනුවට වෙනත් දැල් සපයා දීමට සියලු ක්‍රයාමාර්ග ගෙන තිබියදී දේශපාලන හේතු මත මීගමු උද්ඝෝෂණ අරඹා ඇතැයි ධීවර ඇමති ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ මැලේසියාවේ. මෙහෙ රජය මුස්ලිම් ප්‍රතිපත්ති වලට ප්‍රමුඛත්වය දෙනවා. ලංකාව බෞද්ධ බහුතරයක් ඉන්න රටක් නිසා බෞද්ධාගමට අනුව මසුන් දඩයම තහනම් කිරීම නිවැරදි ප්‍රතිපත්තිය කියලයි මම නම් හිතන්නේ. (නි)
හැබැයි යහපාලන ආණ්ඩුව කාටවත් වෙඩිතිබ්බේ නැහැනේ. හලාවත කටුනායක රතුපස්වල සිද්ධි අපිට මතකයි (නි)
හවුලේ මඟුල් කෑම දැන් ප්‍රශ්නයක් වෙලා. හැමතැනම අවුල්. (නි)
ඕකනේ ඇමතිකම් ගත් ගමන්ම පත්තරවල රූපවාහිනියේ ඉන්න එපා කියන්නේ. එහෙම වුණා නම් මේ වගේ වෙලාවක වෙන කාවහරි යවලා හරි උද්ඝෝෂණය අවසන් කරන්න තිබුනනේ (නි)