IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ධීවර ඇමති බාබර් වැඩෙත් කරයි

තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු රැවුල නොකපන බව 2005 දී පැවසූ සම්බරේ නම් ධීවරයාගේ රැවුල ධීවර ඇමති දොස්තර රාජිත සේනාරත්න වසර 9 කට පසු කැපුවේය. ඇමති නැංගුරම්පොළට මුල්ගල් තබා පොරොන්දුව ඉටු කිරීමෙන් පසු ධීවරයා ඇමති ලවා රැවුල කප්පවාගැනීමටද එකඟ විය. මෙය ඉදිකිරීමට රුපියල් කෝටි 3 ක් වැය වුණු බව ඇමති කියයි.

1

 



අදහස් (0)

ධීවර ඇමති බාබර් වැඩෙත් කරයි

නිලන්ත Thursday, 02 October 2014 06:03 AM

දත් ගලවපු කෙනාට රැවුල කපන එක මහා කජ්ජක්ද (අ)

:       0       0

සමීර Thursday, 02 October 2014 06:11 AM

අවුරුදු 9ට ඔච්චරද වැවිල තියෙන්නේ. (අ)

:       0       0

චන්ද්‍රා Thursday, 02 October 2014 04:07 PM

බොහොම සන්තෝෂයි (නි)

:       0       0

යශෝධා Thursday, 02 October 2014 04:11 PM

බලනකොට එතුමා නොදන්න දෙයක් නැහැනේ! (නි)

:       0       0

හේමන්ත Thursday, 02 October 2014 06:35 AM

අනේ! ඒ ධීවරයින් කොච්චර හොඳද? (නි)

:       0       0

රුවන් Thursday, 02 October 2014 06:36 AM

සමීර, මටත් ඔයටිකම තමා හිතුනේ. (නි)

:       0       0

අපොන්සු Thursday, 02 October 2014 06:45 AM

ලොවෙන් කෙනෙක් එක් දෙයකට වෙයි සමත කිවුවලුනේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 02 October 2014 06:50 AM

මුල්ගල තියන එකයි, වරාය සම්පූර්ණයෙන් හදලා විවෘත කරන එකයි වෙනස්නේ! (නි)

:       0       0

සුනිල් Thursday, 02 October 2014 06:57 AM

මෙන්න නියම මිනිස්සු! (නි)

:       0       0

අමිත් තුෂාර Thursday, 02 October 2014 07:19 AM

අපි බලමුකෝ ඊළඟ ඡන්දෙදි... (නි)

:       0       0

හෂාන් Friday, 03 October 2014 07:35 PM

බලනකොට මෙතුමත් නොදන්න දෙයක් නැහැනේ! (නි)

:       0       0

සුරංග Thursday, 02 October 2014 07:39 AM

තවම මුල් ගල් විතරනේ තියලා තියෙන්නේ. කපාගත්ත එක හොඳයි. ඔහොමම වැවෙන්න ඇරියා නම් දණහිස ගාවටවත් වැවිලා තියෙයි ඕක හැදිලා ඉවරවෙනකොට. (නි)

:       0       0

ජයන්ත Friday, 03 October 2014 12:51 AM

මෙතුමා කොහොමත් දක්ෂයා (නි)

:       0       0

හැරිසන් Friday, 03 October 2014 01:34 AM

මොනවාහරි වෙලා කමක් නැහැ, මේ වැඩේ කෙරෙනවා නම් ඒ ඇති අපිට (නි)

:       0       0

බණ්ඩාර Thursday, 02 October 2014 08:33 AM

දැන් බාබර් වැඩෙත් පටන් අරගෙනද? (නි)

:       0       0

ඩයස් Friday, 03 October 2014 03:12 AM

මුල්ගල ලියලනකොට ආයෙත් රැවුල වවපන් මාමේ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 03 October 2014 03:24 AM

රැවුල කපන්න ගත්ත කතුර කීයක් වුණාද දන්නෙ නැහැ (නි)

:       0       0

පාලිත Thursday, 02 October 2014 09:44 AM

අම්මපා! මේ ඇමතිලා ගැන පුදුමත් හිතෙනවා වෙලාවකට කරන වැඩ දිහා බැලුවම. (නි)

:       0       0

සේරම් පැරිස් Saturday, 04 October 2014 11:38 AM

මේ ඇමති වන්නට කලින් දේශපාලනයට එන්නට කලින් කරපු රැකියාව වන්නට ඕනේ. පළමු රැකියාව කවදාවත් අමතක නොවේ (නදී)

:       0       0

කුමාරසිරි Thursday, 02 October 2014 10:12 AM

දැන් ඉතින්, මුල්ගල ලියලන එක කපන්න බැරියයි. (අ)

:       0       0

අසෝකා Thursday, 02 October 2014 10:17 AM

නැංගුරම් පොළ හදන්න කලින් මුල්ගල මුල් අදියිද දන්නේ නැහැ නේද?(අ)

:       0       0

හේමන්ත Thursday, 02 October 2014 11:42 AM

මේ වැඩේටත් ඉගෙන ගන්න ඕන, මේකත් මෙයාට කරන්න බැරී දෙයක්! (ස)

:       0       0

ක්‍රිස්ටි මොහාන් Thursday, 02 October 2014 12:14 PM

අනේ මටත් ආසයි පාර්ලිමේන්තුවේ කෙනෙකුට කියලා මගේ කොණ්ඩෙත් කපාගන්න (නි)

:       0       0

කින් බෙනට් Thursday, 02 October 2014 01:28 PM

මට තේරෙන්නේ නැහැ. මුල්ගලක් තියනවා කියන්නේ වරාය ඉදිකරලා ඉවරයි කියන එකද? ඒ මනුස්සයාට ආයි ඔයවගේම රැවුල වවන්න වෙයි ඕක හදලා ඉවරකරගන්න (නි)

:       0       0

රොකී Thursday, 02 October 2014 01:55 PM

යාන්තම් ඇති. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 02 October 2014 02:01 PM

කෝටි තුනක් වැය වුණා කියන්නේ කුමකටද? මුල්ගලටද? මෙච්චර හිටපු එකේ නැංගුරම්පොළ හදලා අවසන් වනතුරු ඉන්න බැරි වුණේ මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site