මෙවර අයවැය ලේඛනය මෙතෙක් ඉතිහාසයේ ඉදිරිපත්වූ අයවැය ලේඛන සමග සලකා බැලූ විට පක්ෂ දෙකක් එකතුවෙන් හදපු රට ඉස්සරහට ගත හැකි අයවැය ලේඛනයක් ලෙස පෙන්වා දිය හැකි බව ධීවර  අමත්‍ය මහින්ද අමරවීර පවසයි .

'' මිනිසුන් අයවැය ලේඛනයකින් බලාපොරොත්තු වූ සහන ලැබෙන ගමන් රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලවල් රාශියක් මේ අයවැය ලේඛනය තුලින් ඉදිරිපත්වුණා. ඒ අනුව ගත්තොත් සුළු කර්මාන්ත ඇතිකරන අයට ලබාදුන් සහනය පාසල් සිසුන්ට ලබාදුන් සහනය ,අධ්‍යාපනයට වෙන්වූ මුදල විශේෂයි. ධීවර ක්ෂේත්‍ර සදහා  ඉතිහාසයේ වැඩිම මුදල   වෙන් කර තිබෙනවා.‘‘