කුලියාපිටිය නගරයේ හෙට්ටිපොළ මාර්ගයේ මිනිසෙක් දිව්වේය.පොලිස් කොස්තාපල්වරයෙක් ඔහු පසු පසින් දිව්වේය.දිවු මිනිසා බසයකට නැංගේය. පොලිස් කොස්තාපල් බසය නවත්වා ඔහු අත්අඩංගුවට ගත්තේය.
කුලියාපිටිය රෝහලේ පොලිස් මුරපොළට රැගෙන ගියේය.
රෝහල් අවන් හලෙන් රුපියල් 2870 ක බිස්කට් පෙට්ටියක් සොරකම් කළැයි කියන පුද්ගලයකු සොයා කොස්තාපල් එසේ දිව්වේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීසීට ජයවේවා! (නි)
හොරකම අපට අනුමත කරන්න බැහැ. එහෙත්, ඇයි තෝරු මෝරු අහුවෙන්නේ නැත්තේ? (නි)
රුපියල් 2870 ක බිස්කට් පෙට්ටියක් ??? මට නිකන් පිස්සු වගේ. (අ)
මෙතැනදී බලන්න ඕනෑ සොරකම් කරනු ලැබූ විස්කෝතු පෙට්ටියේ වටිනාකම නොවෙයි. දෙනෝදාහක් බලා සිටියදී සොරකමක් කර පැනයන්න උත්සාහ කළ "සොරෙක්" ව අල්ලන්න පොලිස් නිලධාරියෙකු ගත් අවංක ප්‍රයත්නයයි. මෙවැනි නිර්භීත නිලධාරීන්ට ඉහළින් බාධා නොකරන්නේ නම් තක්කඩි වැඩ කරන ඇමති කෙනෙකුගේ වුණත් බෙල්ලෙන් අල්ලන්න තරම් එඩිතරකමක් මොහුට තිබෙන බවයි අපට හැඟෙන්නේ. (නි)
මෙහෙම කුඩු ලොක්කොත් අල්ලන්න පුලුවන් නම් හොදයි (නි)
ස්ටැන්ලි, හොරකමට අනුබල දෙනවා නොවෙයි.නමුත් කතාවේ ඇතුලාන්තය නොදැන ඒ පුද්ගලයාගේ ආත්මය කෙළෙසන එක හොඳ නැහැ. (නි)
අනේ, මට පිස්සු වගේ (අ)
අනේ අපේ පොලිසිය ,,,, මෙහෙම හොරු නම් අල්ලනවා තොග පිටින්. (අ)
ඔබ වගේ පොලිස් නිලධාරීන් තමා අපේ රටට අවශ්‍ය. පොලිසියේ කාට කාටත් හොඳ උදාහරණයක්. (අ)
අපේ පොලිසිය දක්ෂයි (නි)
බිස්කට් පෙට්ටියක් මෙච්චර ගණන්ද? ඒක සුපිරි ගණයේ අවන්හලක් වෙන්න ඇති. (නි)
ලොකු වුණත් පොඩි වුණත් හොරකම හොරකමමයි. ඒ හින්දා දඩුවම් දෙන්න ඕනෑ (නි)
ඔය බිස්කට් හොරා ඇල්ලුවා වගේ මේ වීර පොලිස් නිලධාරීතුමන්ලාට බැරිද ඔය ලක්ෂ, කෝටි ගණන් හොරකම් කරන හොරුත් අල්ලන්න හැබෑටම? කරනවා නම් අන්න වැඩ. (නි)
පරණ සින්දුවක් මතක් වුණා. " සරා ගොයියා හරි මිනිහා" (නි)
හොරකම හොඳ නැති වුණත් මේ මිනිසා කර තිබෙන්නේ ඒතරම් ලොකු හොරකමක් නෙමෙයි. රාළහාමි කළ වැඩේ අගය කරමි (නි)
පව්. පොඩි දරුවන්ට දෙන්න වෙන්න ඇති. පී සී හොඳයි. ඒත් පොඩි මිනිස්සුන්ට තමයි ඔක්කොම සෙල්ලම් (නි)
ඔහොමම දුවලා අර කුඩුත් අල්ලන්නකෝ (නි)
පහන්, "මනුතාපය"කියවා නැතුව ඇති ලංකාවේ බොහොම පිරිසක්. (නි)
හරිම සතුටුයි. හොර පැටියෙක් අල්ලාගෙන... (නි)
මොනවාද ඒ බිස්කට් වර්ගය? (නි)
වරෙන්තු තිබෙන යකඩ හොරෙක් එළිපිට ඉන්නවා පොලිසියට පුලුවන් නම් අල්ලලා පෙන්වන්න. (නි)
ඔබතුමාට ස්තූතියි! (නි)
ඔබගේ ධෛර්යයට ජයවේවා! (නි)
මේක නම් අදහන්න වටිනා ක්‍රියාවක්. අද කාලේ පොලිසියේ අය පිස්තෝලයක්වත් නැතුව පාරට බහින්නේ නැහැ. මෙම නිලධාරියා වහාම අගය කර උසස්වීමක් දෙන්න ඕනෑ. රාජකාරිය නොපිරිහෙලා ඉටුකරන අය ඉහළට ඔසවා තැබුවොත් අපරාධ කියන දේවල් අපේ සමාජයෙන් නැත්තටම නැතිකරලා දන්නා පුළුවන්. ඔබතුමාගේ ක්‍රියාවට බොහොම ස්තුතියි! (නි)
මම මෙයාව මගේ කුඩා කාලයේ සිට දන්නවා. ඔවුට 10 ක් එක්ක උනත් ෆයිට් කරන්න පුලුවන්. ඔහු ශක්තිමත් (නදී)
පොඩි හොරකමෙන් තමා ලොකු හොරකමට පුරුදු වෙන්නේ. හොරු ඇල්ලුවත් සමහරු බනිනවා, නැතත් බනිනවා. මේ රාළහාමි කළේ එයාගේ රාජකාරිය. (නි)
ඔච්චර දුවන්නේ මොකටද? ඔළුවට වෙඩි තිබ්බා නම් ලේසිනේ අල්ලා ගන්න. (නදී)
අහිංසක කෑම හොරෙක්. (නි)
රාළහාමි මන් පොලිසියේ රාළහාමි මං සාමය අරක්සා කරන නිලදාරිය මං .(අ)
මේකේ තියෙන අදහස් දෙහා බැලුවහම තේරෙන්නේ හොරකම අනුමත කරනවා වගෙයි. මීගමුවේ මකොල්ල කාපු කෙනත් ඡන්දෙන් දිනපු රටක් නේ මේක - පුදුමවෙන්න දේකුත් නැහැ (අ)
අනේ! මේ වගේ රාළහාමිලා රටට වාසනාවන්. (නි)
කොස්තාපල් පුඤ්ඤසෝම මතක් වුණා මට (නි)
ඇයි මනුෂ්‍යාගේ ප්‍රශ්නේ කව්ද දන්නේ නමුත් හොරකම වැරදියි (නදී)
නැති බැරි කමට කරන හොරකම් ඔවා නම්. වරෙන්තු තියන යකඩ හොරෙක් එළිපිට ඉන්නවා පොලිසියට පුලුවනම් අල්ලලා පෙන්වන්න. (අ)
පොලිස් කෝලමේ "සරා ගොයියා " මතක් උනා. (අ)
හොරකම් කල බිස්කට් පෙට්ටිය පෙනෙන්න නැහැනේ? නඩුව ඔප්පු කරන්න බැරි වෙයිද?(අ)
පොලිස් කොස්තාපල් සාර්ථක ප්‍රතිඵල නෙළාගෙන වගෙයි (නි)
රත්තරන් බිස්කට්ද? (අ)
අයියෝ! අහුනොවී දුවන්නවත් දන්නේ නැහැ. (නි)
පාන් ගෙඩියක් සොරකම් කළ ජනවර්ජනත්, ජන්තු ඉන්ස්පෙක්ටර් මහත්තයත් මතක් වුණා. (නි)
පිස්තෝලෙ එලියට නොගත්තාට ස්තූතියි රාලහාමි. (අ)
පුලුවන් නම් අහිසක අපේ සල්ලි පිල්ල ගහන හොර ඇමතියෝ අල්ලලා ඔය විදියට ඇදගෙන යන්න පාරේ (නදී)
උත්සාහවන්ත පීසීට සුභ පැතුම්! (නි)
අනේ ඒකටත් එක්ක අපේ පැත්තේ පොලිසිය...? මම ඉන්නේ ලංකාව කියලා රටක. (නි)
රාළහාමි, ඔහොම ටිකක් ඉඳලා, මම කියන දේ අහන්නකො. ලංකාවේ මිනීමැරුම් කරන පල් හොරුන් අල්ලගන්න බැරිද මේ විදිහට? (නි)
පීසී මහත්තයාට ජය වේවා! (නි)
රටේ ජනතාවගෙ මුදල් මංකොල්ලකන දූෂිත දේශපාලකයන් රාජ්‍ය නිලධාරින්ව දුවන්නෙ හෝ හතිදාන්නෙ නැතුව අල්ලලා ඔය විදිහටම පොලිසියට අරගෙන යන්න ක්‍රමයක් ඇත්නම්... (නි)
අධිවේගේ සිද්ධිය මතකද? (අ)
මේ වගේ අහිංසකයෙක් නම් අල්ලන්න දුවන්න පුළුවන්. මහා පරිමාණ ජාවාරම් අල්ලන්න නම් බැහැ (නදී)
මට මනුතාපයේ ජනවර්ජනගේ චරිතය මතක්වුණා. (නි)
මෙවැනි පුවත් ඉස්සරත් අපි අහලා තිබුණා (නි)