IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ධර්මායතනයේ දෙබරය මාතරින් හන්තානට

මහරගම  වජිරඤඤාණ  ධර්මායතනයේ නායක  අපවත්වී වදාළ මඩිහේ  පඤ්ඤාසීහ මහනායක  හිමියන් වැඩ විසු කුටියේ  ඉහළ මහලේ  ඇඳක් යට බැඳ තිබූ විශාල දෙබරයක් ඉවත් කිරීමට බිඟු සම්පත  සුරැකීමේ  සංවිධානය පියවර ගත්තේය.

මාස  6ක් පමණ එම කුටිය පරිහරණය  නොවූ අතර  උපස්ථායකයා එහි පිරිසිදු කිරීමට ගිය

අවස්ථාවේ  දෙබරකු  විද ඇති  බවත්  වනජීවී  නිලධාරින්ට  දැනුම්දීමෙන් පසු මහනුවර  බිඟු  සම්පත  සුරැකීමේ  සංවිධානය අඟහරුවාදා (29) රාත්‍රී  පැය තුනක  පමණ  මෙහෙයුමකින්  පසු දෙබරුන්  දාහක් පමණ  සිටි  දෙබරය  කපා  සතුන්ට හානියක් නොවන පරිදි මහනුවර  හන්තාන  රක්ෂිතයට ගෙනැවිත් මුදාහැරීය.

බිඟු සම්පත  සුරැකීමේ  සංවිධානයේ  ලේකම්  බණ්ඩාර  තඹවිට  මහතා  ප්‍රකාශ  කළේ එම විහාරයේ හිමියන්ගේ  ඉල්ලීම  වුයේ සතුන්  නොමරා දෙබරය  ඉවත් කර දෙන ලෙස බවත් ඒ අනුව ප්‍රධාන  උපදේශක  තුෂාර මහින්ද  විජේසිංහ  මහතාගේ  උපදෙස්  මත සුරංග  ජයරත්න, නුවන්  කිර්ති , ප්‍රදීප්  සඳරුවන් යන තාක්ෂණ  ශිල්පීන් දෙබරය ඉවත් කිරීමේ කටයුත්තට එක්වූ බවයි.      

Beez_2015930-----. Beez_2015930----2-. Beez_2015930----3-.



අදහස් (0)

ධර්මායතනයේ දෙබරය මාතරින් හන්තානට

චන්ද්‍රා Thursday, 01 October 2015 06:30 AM

හන්තානේ පෙම්වතුන්ට කරදරයක් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

දුමින්ද Wednesday, 30 September 2015 06:46 AM

ලොකු පින්කමක් (බ)

:       0       0

රෝයි ප්‍රනාන්දු Wednesday, 30 September 2015 02:08 PM

මමනම් කියන්නේ ඔය දෙබරයට ඔච්චර ආරක්ෂාව ඇතුව වෙනත් තැනකට රැගෙන යාම ජීවිත රැකදීමට කරන උතුම් වැඩක්. එත් රටේ දිනපතා සිදුවන මාර්ග අනතුරු වලින් මිය යන එක ගැන උද්ගෝෂණය කරලා රියදුරන් නිසි මග යවන්ට නීති රීති පිලිපදින්ට සැලැස්සුවොත් නරකද. (ර)

:       0       0

වසන්ජය Wednesday, 30 September 2015 09:23 PM

සීගිරිය බලන්න යන අයටත් නිතර දෙබරු අනිනවා.ඒ ගැනත් සිතාබලන්න (නි)

:       0       0

නිශාඩ් Wednesday, 30 September 2015 11:52 PM

බොහොම පින්! (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 30 September 2015 09:13 AM

දෙබරුන්ගේ වාසස්ථානය ඉවත් කිරීම මහා පාප කර්මයකි. (ස)

:       0       0

වචීපරම Wednesday, 30 September 2015 09:43 AM

ඇයි මහරගමින් මාතර ගිහිල්ලා හන්තානට ගියේ? මහරගම නුවර පාර යටවෙලාද? (ස)

:       0       0

අබරන් Wednesday, 30 September 2015 10:58 AM

දෙබරු ඇවිත් !!! (ස)

:       0       0

ගලබඩ Wednesday, 30 September 2015 11:21 AM

මී මැස්සෝ සුරකින ස්ථානයකට මේ දෙබරු ටික ගිහින් දැම්මේ මොකටද? දෙබරු මීමැස්සෝ ඔක්කොම කාලා දායි. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site