මහරගම වජිරඤඤාණ ධර්මායතනයේ නායක අපවත්වී වදාළ මඩිහේ පඤ්ඤාසීහ මහනායක හිමියන් වැඩ විසු කුටියේ ඉහළ මහලේ ඇඳක් යට බැඳ තිබූ විශාල දෙබරයක් ඉවත් කිරීමට බිඟු සම්පත සුරැකීමේ සංවිධානය පියවර ගත්තේය.
මාස 6ක් පමණ එම කුටිය පරිහරණය නොවූ අතර උපස්ථායකයා එහි පිරිසිදු කිරීමට ගිය
අවස්ථාවේ දෙබරකු විද ඇති බවත් වනජීවී නිලධාරින්ට දැනුම්දීමෙන් පසු මහනුවර බිඟු සම්පත සුරැකීමේ සංවිධානය අඟහරුවාදා (29) රාත්‍රී පැය තුනක පමණ මෙහෙයුමකින් පසු දෙබරුන් දාහක් පමණ සිටි දෙබරය කපා සතුන්ට හානියක් නොවන පරිදි මහනුවර හන්තාන රක්ෂිතයට ගෙනැවිත් මුදාහැරීය.
බිඟු සම්පත සුරැකීමේ සංවිධානයේ ලේකම් බණ්ඩාර තඹවිට මහතා ප්‍රකාශ කළේ එම විහාරයේ හිමියන්ගේ ඉල්ලීම වුයේ සතුන් නොමරා දෙබරය ඉවත් කර දෙන ලෙස බවත් ඒ අනුව ප්‍රධාන උපදේශක තුෂාර මහින්ද විජේසිංහ මහතාගේ උපදෙස් මත සුරංග ජයරත්න, නුවන් කිර්ති , ප්‍රදීප් සඳරුවන් යන තාක්ෂණ ශිල්පීන් දෙබරය ඉවත් කිරීමේ කටයුත්තට එක්වූ බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හන්තානේ පෙම්වතුන්ට කරදරයක් වෙයිද දන්නෙ නැහැ (නි)
ලොකු පින්කමක් (බ)
මමනම් කියන්නේ ඔය දෙබරයට ඔච්චර ආරක්ෂාව ඇතුව වෙනත් තැනකට රැගෙන යාම ජීවිත රැකදීමට කරන උතුම් වැඩක්. එත් රටේ දිනපතා සිදුවන මාර්ග අනතුරු වලින් මිය යන එක ගැන උද්ගෝෂණය කරලා රියදුරන් නිසි මග යවන්ට නීති රීති පිලිපදින්ට සැලැස්සුවොත් නරකද. (ර)
සීගිරිය බලන්න යන අයටත් නිතර දෙබරු අනිනවා.ඒ ගැනත් සිතාබලන්න (නි)
බොහොම පින්! (නි)
දෙබරුන්ගේ වාසස්ථානය ඉවත් කිරීම මහා පාප කර්මයකි. (ස)
ඇයි මහරගමින් මාතර ගිහිල්ලා හන්තානට ගියේ? මහරගම නුවර පාර යටවෙලාද? (ස)
දෙබරු ඇවිත් !!! (ස)
මී මැස්සෝ සුරකින ස්ථානයකට මේ දෙබරු ටික ගිහින් දැම්මේ මොකටද? දෙබරු මීමැස්සෝ ඔක්කොම කාලා දායි. (ම)