ද්විතීයික පාසල් දහසක් සංවර්ධන කිරීම යටතේ කොට්ටාව ධර්මපාල ප්‍රාථමිකය පැළැන්වත්ත වාසුමතී විදුහලට අනියුක්ත කිරීමට එරෙහිව ධර්මපාල විදුහල සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ඉන්ද්‍රජිත් පෙර්රා තොණ්ඩුවක් ද රැගෙන කොට්ටාව හන්දියේ අඩි 25ක් උසැති මාර ගසකට නැග විරෝධය පළකරයි.
වතුර බෝතලයක් ද රැගෙන ගහට නැඟ දෙබලයක් ළඟ වාඩි වී සිටින ඔහු ලණුවකින් ගසේ බැඳගෙන සිටී.
ප්‍රථමිකය යළි ධර්මපාලයට දෙන තුරු උද්ඝෝෂණ කරන බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපේ අධ්‍යාපන ක්‍රමයට ගිය කල. පාසැල රකින්න ගෙල වැලලාගන්න වෙලා. මුළු රටම අවුල් ජාලාවක්. නීතියක්, ක්‍රම වේදයක්, රීතියක්, ධර්මතාවක්, කතිකාවක් නැහැ, අයාලේ යනවා. මෙහෙම මේවා කොතෙක්කල් ගෙන යන්නද? ඉවසන්නද? (නි)
අපි ධර්මපාලය වෙනුවෙන් පන උනත් දෙනවා , අපේ පාසල රැක දෙන්න (දී)
ධර්මපාලය බේරා දෙන්න (දී)
අපරාදේ ලස්සන ඉස්කෝලේ... (නි)
තව ටිකකින් පොලිසියටත් හොද වැඩක් තමයි වෙන්නේ. ගස් නගින්නත් වේවි. (නි)
පාසල සුරකින්න ඕනේ (දී)
කොයි දරුවටත් පාසලක් අවශ්‍යයි දරුවන්ගේ අනාගතයට. දැන් පාසලත් මුදලට යට වෙලාද? (දී)