ධර්මදූත චාරිකාවක් සඳහා තලල්ලේ චන්දකිත්ති හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ. ප‍්‍රථම දම් දෙසුම සති අන්තයේ දී ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැත්වීමට නියමිතය.
චන්දකිත්ති හිමියන් ලන්ඩනයේ සෙසු බෞද්ධ විහාරයන්හිද ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලට සහභාගි වනු ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
@ රජිත්, නියම බුද්ධ පුරුෂයෝ එදත් අපිට හිටිය, අදත් ඉන්නව.. එක නිසා තමා බුද්ධ ශාසනේ තවම රැකිලා තියෙන්නේ. එම යෝධ බුද්ධ පුත්‍රයන් ලන්ඩන් නෙවි, කොහේ ගියත් වෙසගනන්ට රැවටුනේ නෑ.. එදත්, අදත් එහෙම වෙලා නෑ.. හෙටත් එහෙම තමා.. නමුත් රජිත් වෙනි සිගාලයන්, බත් බැලයන්ට නම් මේ දිනවල ලන්ඩන් නම් හරි අපුරුයි ඔය කියපු කාරණාවට... මොකද මෙවැනි නිගන්ටයන් ගැන බුදු දහමේ පැහැදිලිව සදහන් කර තියෙනවා.. චන්දකිත්ති හිමියනි ඔබට ජය!!
@ මනෝ, වැඩේ නොකෙරිලා කියල මෙතන සදහන් වෙලා නෑනේ.. හාමුදුරුවෝ වඩින්නෙ ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡාවලට සහභාගි වෙන්න.. අපිත් කැමති හොද කථිකත්වයකින් හෙබි හාමුදුරු නමකගෙන් බණ ටිකක් අහන්න.. චන්දකිත්ති හිමියනි ඔබට ජය!!
ග්‍රීසියේ ඇතැන්ස් බෞද්ධ විහාරයට දැනට ස්වාමීන් වහන්සේ කෙනෙක් අවශ්‍ය බවත් යුරෝපා රටකට වීසා බලපත් ඇති සිල්වත් ගුණවත් හිමි නමක් අවශ්‍ය බවත් දායක සභාව වෙනුවෙන් ඉල්ලීමක් කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නා අතර ලන්ඩනයට වඩින පින්බර චන්දකිත්ත ස්වාමීන් වහන්සේට ඒ උතුම් සද්ධර්මයේ පිහිට නිරෝගි ශක්තිය ලැබේවා''
අනාගත උපාසකට තමුන් ඉන්න බ්‍රහ්ම ලෝකේ නමත් අමතක වෙනවා වෙලාවකට.කොහොම වුණත් බ්‍රහ්ම ලෝක අතරත් දැන් අන්තර්ජාලේ තියෙන එක හොදයි.මේ වගේ අනාගත්ත අය දැන් ලංකාවේ ඉන්නවා හරියට
මහාචාර්ය වරයෙක් විදියට මට තේරෙනවා මේ බොරු ඔක්කොම ලියලා තියෙන්නේ මගේ නම ව්‍යාජ විදියට භාවිතා කරන ආචාර්ය කොල්ලා විසින් බව
මගෙ කමෙන්ටිස් දාන්න ඉස්සෙල්ලා මගේ අලිබබානමින් කමෙන්ටිස් දාලා. කුමණ ධර්මයන් සමිබන්ධව හෝ හරිදේ ලබාගැනීමට අවශ්‍යනම් වෙලාවක් වෙන්කර මාව හමුවන්න නිවැරදි දහම කුමක්දැයි කියාදෙන්නමි.මෙයට හිතවත් අලිබබා.
අනේ හාමුදුරුවනේ,පිටරටවල ඕනතරම් පන්සල් තියෙනවා.බණ කියන අය වැඩියි.අහන අය අඩුයි.ඒ නිසා ලංකාවට වෙලා පොඩි හාමුදුරුවරුන්ව පුරුදු පුහුණු කළා නම් නේද හොද?
කොහොමටත් බුදුදහම ලංකාවෙන් තුරන් වීගෙන යන හැටියක් පෙනෙන බැවින්, (මිනිසුන් හප්පාගෙන රේස් දුවන බස්රථවල ඉදිරිපස ලියා ඇති "මේ බුදුන්ගේ දේශයයි" යන වැකිය හැරෙන්නට) වෙනත් රටක හෝ ධර්මය සුරක්ෂිතව පැවතීම අවශ්‍ය බැවින් යුරෝපය තුල ධර්මප්‍රචාරය කිරීම යහපත්ය. අපේ හිමිවරු සීතල රටවල සුද්දන් නිවන් දැක්කවීමට දක්වන උනන්දුව අපේ රටේ හබරණින් එහා ජනතාව කෙරෙහිත් දක්වලා තිබුනා නම් අපේ රට අද වෙනවිට මෙහෙම නොවෙන්න තිබුනා.
රජිත් සහ මනෝට, මේ හාමුදුරුවෝ ගැන දන්නේ නැතිව කමෙන්ට් දාන්න එපා.මේ වගේ සරලව බුදු බණ දේසනා කරන හිමි නමක් තවත් නැහැ.එක පාරක් අහල බලන්න මේ වෙබ් සයිට් එකෙන්. (www .shobana .com )
බැරිද මැද පෙරදිග ඉන්න අපේ අරාබි ඇත්තන්ටත් බණ ටිකක් කියන්න උත්සාහ කළොත්
හාමුදුරැවො වැඩපු නිසානෙ මේ තරම් ධර්ම කාරණා කමෙන්ට් වලට වැටුනෙ.. තෙරැවන් සරණයි.!!
හාමුදුරුවනේ, බලාගෙන ලන්ඩන් වල ඇවිදින්න යන්නේ.මේ දවස් වල හරියට රස්නේ.සුද්දියන්ගේ ඇදුම් නම් ඒ හැටි හරි නෑ.බලාගෙන.අන්තිමේ බණත් අමතක වෙයි
සාදු! සාදු ! සියල්ලන්ටම හොඳ බණ සහ ධර්ම සාකච්චා අසන්නට ලැබේවා!
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-13 22:00:24 මේ ස්වාමීන් වහන්සේ ළඟ මිනිසුන් පහදින ගුණයක් තිබෙනවා.එය අපගේ බුදුදහම ජාත්‍යන්තරව ප්‍රචාරය කරන්න විශාල රුකුලක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි මහ නා හිමියනි. ඔන්න ආයිත් අනා ගත්තා.උන්වහන්සේ මහ නා හිමි කෙනෙක් නෙමෙයි.ඔබතුමා අඩු ගාණේ මහ නා හිමි කියන එකේ තේරුම වත් දන්නවද?
වැදගත් හාමුදුරුවන්ට අපහාස කරන්න එපා...
මොන මොන නම් දාලා කමෙන්ට්ස් දැම්මත් සුජිත් මහත්තයාගේ ගද හැම කමෙන්ට් එකකම තියෙනවා කියලා එයා දන්නේ නෑ
කට ඇති බුදු පුතෙක්...සැමට ජය ..!!
සැම රටකම බොදු හඩ පැතිරේවා!
මේ ස්වාමීන් වහන්සේ ළඟ මිනිසුන් පහදින ගුණයක් තිබෙනවා.එය අපගේ බුදුදහම ජාත්‍යන්තරව ප්‍රචාරය කරන්න විශාල රුකුලක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි මහ නා හිමියනි.
යහපත් කාර්යයක් සඳහා පැමිණ සිටින අපේ ගෞරණීය ස්වාමීන් වහන්සේ හට නිදුක් නීරෝගී සුව පතමි
මේ ස්වාමීන් වහන්සේ ළඟ මිනිසුන් පහදින ගුණයක් තිබෙනවා.එය අපගේ බුදුදහම ජාත්‍යන්තරව ප්‍රචාරය කරන්න විශාල රුකුලක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි මහ නා හිමියනි.
ඒ කියන්නේ මීට කලින් ආපු අයගෙන් වැඩේ කෙරිලා නැද්ද?
අපේ රටේ ඉහළ යන අපරාධ දැක්කම එතෙරට වඩා මෙතෙරට තමයි බණ කියන්න ඕනි
තෙරුවන් සරණයි..!!! කාමරාග,ව්‍යාපාද ප්‍රහීන කර මම ඉපදිලා ඉන්නේ අකනිට්ඨා බ්‍රහ්ම ලෝකේ.දැන් ඉතින් මෙහෙම මම අර්හත්වයට පත්වෙලා කවදාහරි සසර ගමන අවසන් කරනවා.අනෙක් ගිහි ඇත්තන්ටත් මම කියන්නේ මාව ආදර්ශයට අරගෙන පව්කමින්,අකුසලයෙන් ඈත් වෙලා පින්දහම් කරගෙන කුසල් කරලා තමන්ගේ සසර ගමන අඩුකර ගන්න බලන්න.අද මනුස්ස ලොකේ සාධාරණ කෙනෙකුට ජීවත් වෙන්න බැරි තරමට විෂම ලෝභයෙන් කාමරාගයෙන් බල තණ්හාවෙන් උමතුවෙලා ද්වේෂයෙන් පිරී ඉතිරුණු මුහුණූ තමයි දකින්න තියෙන්නේ වැඩි හරියක්. ඉතින් ජීවත්වෙලා ඉන්න ටික කාලෙට වත් මේවයින් ඈත්වෙලා ජීවත් වෙන්න බලන්න.පුළුවන් නම් කාමරාග,ව්‍යාපාද යන සංයෝජන ධර්ම දෙක මුළුමනින්ම ප්‍රහානය කිරීම සඳහා විදර්ශවා භාවනාව(සප්ත විශුද්ධිය) වඩලා මම වගේ ආනාගාමී මාර්ගඵලය අවබෝධ කරගෙන මම ඉන්න ශුද්ධාවාස බ්‍රහ්මලෝකයට එන්න බලන්න.මෙතැන ඉන්න අපි කිසි කෙනෙකුගේ කාමරාග ද්වේෂ සංයෝජන ධර්ම නැහැ.ඒ නිසා අපි කල්ප කෝටි අසංඛ්‍ය ගණන් ආයුෂ හරිම සැහැල්ලුවෙන් භුක්තිවිඳීනවා.ඒවා ලබා ගන්න නම් විඳීම කියන දෙයින් සිත ඉවත්කරගැනීමට පුහුණූ වන්න. කාමය හා ද්වේෂය යනු එසේ විඳීම අපට දැනෙන ස්වභාව දෙකක් පමණි. මේ දෙකම ඇතිවන්නේ මේ “විඳීම“ කියන දේ පිළිබඳව අපේ සිතේ තණ්හාව හා අවිද්‍යාව ඇත්නම් පමණි.සංස්කාර අරමුණු අත්හැරිය විට සිත පත්වෙන්නේ මෙන්න මේ උතුම් අවස්ථාවටයි.ඒ උතුම් අවස්ථාවට පත්වන්න කියා සැදහැති ධර්මකාමී පින්වතුන්ගෙන් මා ඉල්ලා සිටිමි.. තෙරුවන් සරණයි..!!!
අලිබබා, සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උප සම්පදා
ශ්‍රද්ධා බුද්ධිසම්පන්න කාරුණික ගුණගරුක බෞද්ධ පින්වතුනි,ධර්ම දානය සෙසු දානයන් අතර උතුම් දානයයි.තෘතීය සංගීතියෙන් පසුව ආරම්භ කරන ලද විදේශීය ධර්මදූත සේවාව අද දක්වා අතිශය ක්‍රමානූකූලව සිදුවේ.ඒ තෙරුන්වහන්සේලා කෙරෙහි ධර්ම ගෞරවයෙන් යුක්තව කටයුතු කිරීම ගිහි පාර්ශවයේ යුතුකම හා වගකීම වේ.එසේ නොමැතිව පැවිදි පාර්ශවය විවේනය කරමින් නුහුගුණ මතු කිරීමට තැත් කර පව් සිදුකර නොගන්නා මෙන් ශුද්ධාවන්ත ගිහි පාර්ශව වෙතින් ඉල්ලා සිටිමු.ලක්දිව ථේරවාදී බෞද්ධ දර්ශනය ඇති රටකි.ලෝකයේ තවමත් සම්බුදු සසුන ආරක්ෂා වී ඇත්තේ බෞද්ධ භික්ෂූන්වහන්ස්ලා අතළොස්සක් දෙනා නිසා බව සිහි නුවණින් දැන කටයුතු කරන මෙන් සියළු දෙනාගෙන මා ශාසනාලායෙන් ඉල්ලා සිටිමි.සියළු දෙනාටම තෙරුවන් සරණයි..!!!
මාතා පිතා දිසා පුබ්බා - ආචරියා දක්ඛිණ දිසා පුත්තදාරා දිසා පච්ඡා - මිත්තාමච්චා ච උත්තරා දාස කම්මකාරා හෙට්ඨා - උද්ධං සමණබ්‍රාහ්මණා එතා දිසා නමස්සෙය්‍ය - අලමත්තො කුලෙ ගිහී (දීඝ නිකාය 111,සිඟාලක සූත්‍රය) මට මෙය සිහිපත් වුනේ අද වැඩි දෙනෙකුට දෙමව්පියන්,වැඩිහිටියන්, පූජ්‍ය පක්ෂය,ගුරුවරුන් පිළිබඳව අමතකව වගකීම හා යුතුකම පැහැර හැර ක්‍රියාකරන බැවින්.මේ හේතුව නිසා අද මෙරටට ධර්මය විශාල වශයෙන් අවශ්‍යය.එසේම ඇමෙරිකාව,එංගලන්තය ආදී රටවලද බුදුදහම සම්බන්ධව විශාල ජාත්‍යාන්තර ඉල්ලුමක් නිර්මාණය වෙමින් තිබේ.ඊට සාපේක්ෂකට ඒ සඳහා යෝග්‍ය ධර්මධර ස්වාමීන්වහන්සේලාගේ විශාල හිඟයක්ද ඇත. ඒ කෙසේ වුවද ධර්ම දානය පිණිස වැඩම කර ඇති මේ ස්වාමීන්වහන්සේට නිදුක් දීර්ඝායු සුව ප්‍රාර්ථනා කරමි.
තෙරුවන් සරණයි ..!!! විදර්ශනා භාවනාව සම්පුර්ණ කිරීමට නම් සීල විශුද්ධි,චිත්ත විශුද්ධි,දිට්ඨි විශුද්ධි,සංඛාවිතරණ විශුද්ධි, මග්ගාමග්ගඥාණ දස්සන විශුද්ධි,පටිපදා ඥාණ දස්සන විශුද්ධි,ඥාණ දස්සන විශුද්ධි යන විශුද්ධි සත සම්පූර්ණ කළ යුතුය.එහි අවසානයේදී මාර්ගඵල අවබෝධයනේ නිවන් දකින්නට එවිට හැකිවේ.සම්බුදු සසුනේ මුල පර්යාප්තියයි.මැද ප්‍රතිපත්තියයි,අවසානය ප්‍රතිවේධයයි.මෙහි පළමු අංගය සම්පූර්ණ නොකර දෙවන අංගයටද දෙවන අංගය සම්පූර්ණ නොකර ඊළඟ අංගයට යා නොහැකිය.එබැවින් ප්‍රතිපත්තිය හා ප්‍රතිවේධය ලබා ගැනීමට නම් පර්යාප්තිය හෙවත් බුදුදහම දැනඉගෙන ගත යුතුමය.ඒ නිසා ධර්ම දානය සියළු දානයන් අතරින් ශ්‍රේෂ්ඨ බව දක්වා ඇත.එබැවින් ධර්ම දානය සමස්ත ලෝක වැසියාට ලබාදීමට විදේශගතව සිටින මේ තෙරුන් වහන්සේහට ඒ සඳහා සියළු ශක්තිය බලය ප්‍රාර්ථනාකර සිටිමු. තෙරුවන් සරණයි..!!!
මම බුදුදහමට මහත් සේ ගරුකරන ප්‍රතිපත්තිගරුක කෙනෙක් විදිහට මේ උතුම් පුණ්‍යමය කටයුත්ත සාර්ථකවීමට මගේ ආශිර්වාදය මේ ස්වාමීන්වහන්සේහට පුද කරමි.
අනුත්තරා නැගණිය විසින් දක්වා ඇති අදහස ඉතා වැදගත්ය.මන්ද අද මෙරට බුදුසසුන පැවතියත් නිවැරදි දේ කුමක්ද යන්න අවබෝධකර ගෙන නැහැ.අනුන්ව නිවැරදි කිරීමට උත්සාහ ගන්නේ තමන් වැරදි දේ සිදු කරමින් වීම මහත් හාස්‍ය ජනක කාරණයක්.ඉතින් සියළු දේ මැද මෙබදු උතුම් කාර්යයක් සිදුකිරීම සතුටට කාරණක්.
මටත් මුස්ලිම් දහම වෙනුවට බුදුදහම වැළඳගෙන එහි ප්‍රතිපත්ති අනුව කටයුතු කරන්න ආසාවක් ඇති වෙලා තියෙන්නේ.
බුදුන් වහන්සේ තම ශ්‍රාවකයන් වූ රහතුන් සැට නම අමතා,බහුජන සුවය සදහා ධර්ම ප්‍රචාරයෙහි යෙදෙන ලෙස ඔවදන් දෙන්නට වුහ. "මහණෙනී මම දිව්‍ය වූද,මනූෂ්‍යවූද සියලු කෙලෙස් පාශයන්ගෙන් මිදුණෙමී.ඔබද එසේය.දැන් ඔබ සියලු දෙනම දෙව් මිනිසුන් සහිත ලෝකයාගේ බහුජනයාගේ හිත සූවය සදහාත්,සැප සදහාත් සැරි සැරිය යුතුය.මුල මැද අග යහපත් වූ අකුරින් හා අරුතින් යුතු,හැම අතින්ම පිරිපුන් පිරිසිදු උසස් සදහම් දෙසනූ මැනවී.උසස් ජීවිතය පුරුදු කරනු මැනවී.කෙලෙස් අඩු ජනයා සිටිතී.ඔහුනට දහම් ඇසීමට නොලැබුනහොත් ඔව්හූ පිරිහෙතී.ඔව්හූ දහම් වටහා ගන්නෝ වෙතී" එදා සිට අදත් අනාගතයෙත් අප වෙනුවෙන් මහත්වූ අනුකම්පාවෙන් අපේ ස්වාමීන් වහන්සේලා වෙහෙසෙති.ඒ බුදු ඔවදන නිසාය.සාදූ..සාදූ..සාදූ.
ලස්සන සැමදේ මොහොතට සුවදේ. එහි කෙලවර දුක දේඒඒඒ.
දේශපාලන බළය සහ භික්ෂුව