ධාර් අල් සාර්ක් සමූහයේ උන්නතිය සහ අභිවෘද්ධිය වෙනුවෙන් කළ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් පසුගියදා එහි සේවකයන් තිදෙනෙකුගේ සේවය අගයනු ලැබීය.
ධාර් අල් සාර්ක් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අබ්දුල්අටිෆ් අල් මහාමූද් අතින් මෙළෙස 2015 විශිෂ්ඨතා සම්මානයෙන් පිදුම් ලැබුවේ වෙළෙඳ දැන්වීමේ දෙපාර්තමේන්තුවේ විධායක අධ්‍යක්ෂ ඉසාදීන් අබ්දුල්රහ්මාන්, අල් සාර්ක් පුවත්පතේ ප්‍රධාන කර්තෘ කාර්යාලයේ අධ්‍යක්ෂ මුස්තාපා ෆාති සහ විදෙස් ප්‍රකාශන කළමානකරු නීගල් නොරොන්හා යන මහත්වරුන්ය.
මෙම සේවකයන් තිදෙනා අල් සාර්ක් පුවත්පතේ විශේෂ ප්‍රකාශන අංශය සමග සහයෝගයෙන් කටයුතු කරමින් පසුගිය වසරේදී සමාගමේ ආදායම ඉහළ නංවාලීමට සිදුකළ දායකත්වය ඇගැයීම සඳහා ඔවුන්ට විශිෂ්ඨතා සම්මාන ප්‍රදානය කරනු ලැබීය.
මෙම සේවා ඇගැයීම සම්බන්ධයෙන් සිය ස්තුතිය ප්‍රකාශ කළ සම්මානලාභීන් තිදෙනා ඉදිරියේදීත් සමාගමේ උන්නතිය වෙනුවෙන් කැපවෙමින් ධාර් අල් සාර්ක් සමූහය ජාතික තලයේ ප්‍රධාන පුවත් ඉදිරිපත් කරන්නා ලෙසින් ඉදිරියටත් රැගෙන යන බවට ප්‍රතිඥා දුන්නේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd