බලපත්‍ර රහිතව අලි පැටවකු තබා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් ප්‍රකාශයක් ගැනීමට රහස් පොලිස් කණ්ඩායමක් අද (13) රාත්‍රී කොළඹ නවලෝක රෝහලට ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
රාත්‍රී 10.30 වන විටත් ධම්මාලොක හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන නොතිබුණු අතර රහස් පොලිස් නිලධාරීහු රෝහල අසල සිටියහ.
බලපත් රහිතව අලි පැටවකු තබා ගැනීම සම්බන්ධ නඩුව බ්‍රහස්පතින්දා (14)ට කැඳවීමට නියමිත බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අද (13) උදේ ධම්මාලෝක හිමියන් රහස් පොලිසියට කැඳවූ බවත්, අසනීප තත්ත්වයක් නිසා බෙහෙත් ගෙන ප්‍රකාශයක් දීමට එන ලෙස ඒ හිමියන් දැනුම් දුන් බවත්, ධම්මාලෝක හිමියන් නොපැමිණි නිසා රහස් පොලිසිය නවලෝක රෝහලට ගිය බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලංකාදීපයට කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික රෝහලුත් තරු පහේ හෝටල් හා සමානයි.(ම)
ලංකාවේ ජාතික ගැටලුවක්ද ? (ම)
නිකරුනේ මිනිසුන්ගෙන් වෙඩි කාලා මැරෙනවට වඩා කවුරුහරි රැක බලාගන්නවා නම් හොඳයි. හැබැයි කිසිදු හිංසාවක් නොකර (නි)
අලියා තියාගන්න ඇත්තේ මොකක්හරි අරමුණකින් වෙන්න ඇතිනේ (නි)
මොනවද මේ වෙන්නේ? (නි)
කහපාට වස්ත්‍රයකින් සිරුර වසා සිටි පමණින් කෙනෙකු ශ්‍රමණයෙක් වත් සිල්වතෙක් වත් නොවේ. (කෞ)
අලි ප්‍රශ්නයක් නොවී විසඳුනොත් හොඳයි. (නි)
කවදා වෙනතුරු මෙහෙම ඉන්නද ඉතින්? (නි)
ජීවත්වීමේ අයිතිය සෑම සත්වයෙකුටම සමානව තිබිය යුතු බව කියවෙන එකම ආගම (මා දන්නා තරමින් ) බුද්ධාගමයි. පොලිසියට සහ උසාවියට තම රාජකාරිය කරගැනීමේ පහසුව තකා මෙහිමියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා (නි)
අපේ රටට ආවේණික අලි පරපුර නෂ්ට කිරීමේ පාපයට සම්මාදම් වෙන්න එපා හාමුදුරුවනේ. අලි ඇතුන් හරි සංවේදී සතුන්. අලි මව මොනතරම් වැළපෙනවා ඇද්ද? (නි)
බුදු පුතෙකුගේ කාර්යය ධර්මය පිළිපැදීම සහ ධර්ම ප්‍රචාරයයි. (නි)
හා..හා.. බලාගන. අන්න අහරේ හාමුදුරුවෝ වගයක් කියනවා උන්නාන්සේලට නීති දමන්න පුළුවන් බුදුහාමුදුරුවන්ට විතරයි කියලා! උන්නාන්සේලට විරුද්ධව කතා කරන්න එපා. අපායේ යන්න පුළුවනි. (බ)
ඇත්තටම උන්වහසේ අසනීපයෙන්ද? නැත්නම් දේශපාලයකයන්ට හැදෙන ලෙඩේද? (නි)
මේ ඉන්නෙ ධර්මයට ආලෝකයක් වූ කෙනෙක්. උන්වහන්සේ අසරණව ඉන්න සත්තු ගෙනල්ලා කවලා පොවලා ඇති දැඩිකරනවා. (නි)
මේ ළඟදි ලන්ඩනයටත් වැඩියනේ. මොකක්ද දන්නෙ නැහැ හදිසියේ හැදුනු අසනීපය? (නි)
ඉක්මනින් නිදුක් වේවා! නිරෝගි වේවා! සුවපත් වේවා! අපට දහම් දෙසත්වා! (නි)
බලපත්‍ර ඇතුව හෝ නැතුව අහිංසක සතෙකු සිරකර තබාගැනීම පවක් නොවේද? යතිවරයෙකු වශයෙන් පෘතග්ජන සමාජයට ආදර්ශයක් වියයුතුය. (නි)
දේශපාලකයින්ට හැදෙන ලෙඩේ උන්වහන්සේටත් හැදිලා වගෙයි. මේ අලි පැටියාව මමත් දැකලා තියෙනවා. ෆොටෝ එකක් ගන්න හැදුවහම පන්සලේ සේවකයො ඉඩදුන්නෙ නැහැ. අහිංසක අලි පැටියෙක් අම්මාගෙන් වෙන්කරලා අරගෙන ඇවිල්ලා මොකටද? (නි)
අනේ මන්දා අබුද්දස්ස කාලේ! (නි)
මොකක්ද මේ හදිසියේ ඇතිවුණ අසනීපය?? (නි)
චෝදනා තිබෙන හැමෝම දේශප්‍රේමීන් වෙලා කෑගහනවා මේ දවස්වල. අනික මේ දවස් වල හැමෝම ලෙඩවෙනවානේ... (නි)
ඉන්දික, භික්ෂුන් වහන්සේට තිබෙන අසනීපය රටවැසියන් දන්නවා. උන්වහන්සේට ඉක්මන් සුවය පතනවා (නි)
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ නිතරම සටන්කළේ අයුක්තියට, අසාධාරණයට, දුෂණයට, ගසාකෑමට, මිනීමැරීමට විරුද්ධවයි. ඒ නිසාම ඒ හාමුදුරුවන්ට ජීවිත තර්ජන වලට මුහුණ දෙන්න සිදුවුණ අවස්ථාද එමටයි. ඒ හාමුදුරුවන්ගෙන් පසුව එවැනි හාමුදුරුවරු ඉන්නවා කියලා හිතන්නවත් බැහැ (නි)
අද සමාජයේ සමහරු කරන තරමක් වැරදි කරන්නේ ඔය චීවරයට මුවාවෙලයි. ඔවුන් පස්පව් කරන්න බියක් නැහැ. එහෙත් ගිහි මිනිස්සු බයයි. (නි)
උන්වහන්සේලාගෙන් අපි බණත් අහනවනේ... අනේ දෙවියනේ! (නි)
මොනවද මේ වැඩ? නීතියට සහය වෙන්න ඕනෑ නේද? (නි)
අපිට බණ කිව්වට මොකද තව තව මොනතරම් දේවල් වෙනවද කියලා මහජනතාව වන අපි දන්නවා (නි)
එයාලගේ ජීවිතය ගෙවෙන හැටි අපිට හිතාගන්න පුළුවන් (නි)
මේ දේවල් කරන්නේ මොන අරමුණකින්ද හාමුදුරුවනේ? (නි)
බලනකොට ලංකාවේ දේශපාලකයොත්, සමහර සංඝයා වහන්සේලාත් දෙගොල්ලොම එකයිනේ. (නි)
සමහර පන්සල් තිබෙනවා අලි ඇතුන් කීප දෙනෙක් ඉන්න (නි)
අලි ගැන සමහරුන්ට හරි අනුකම්පාව! ඇයි අලින්ට පෑගිලා මැරෙන අහිංසක මිනිස්සු ගැන කැක්කුම නැද්ද? (නි)
මට නම් කියන්න තියෙන්නේ, අන්සතු දෙය තමන් ළඟ තබා ගැනීමේ වරද සහ එහි ආදීනව ගැන සාධුකාර දිදී, මේ හිමියන්ගෙන් බණ ඇසු සැදැහැවතුනි, දැන් ඔබ කුමක්ද කියන්නේ? (නි)
බොරු කියන කරන එක පස් පව් වලින් එකක්. අපි බලමු ඇත්ත මොකක්ද කියලා (නි)
සුමිත්‍රා, ඔයාලා වගේ අය නොහිතපු තව පුදුම හිතෙන දේවල් ඉස්සරහට එළිවෙයි. (නි)
අනේ අපේ සොබිත හාමුදුරුවනේ ............ඔබ වහන්සේ ගේ අඩුව අපට දැනෙනවා................. ධම්මාලෝක හිමියනි ඔබට ඉක්මන් සුව පතනවා (ම)
අල්ලගත්ත ඇත් දල පන්සල් වලට නිකන් බෙදල දුන්නොත් මේ වගේ සිවුරු පොරවගත්ත ව්‍යාපාරිකයෝ අප්‍රිකාවේ ඉන්න ඇත්තුන්ටත් වැඩේ දෙනවා. මොකද රේගුවෙන් නිදහස් කරගන්න පුළුවන් කියල දන්නවනේ. (බ)
අතාරින්න සියල්ල උතුම් නිර්වාණය ශාක් ෂාත් කරගන්න.බුදුසරනම වේවා (කෞ)
ඩුබායි තිලක්ට අමතකද මුන්වහන්සේත් දේශපාලකයෙක් තමයි . මෙයත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වගේම රාජපක්ෂ රජයේ මහින්දට හුඟක් කිට්ටු දේශපාලකයෙක් .ඒ කිට්ටු සම්බන්ධය නිසා තමයි ඔය නීති විරෝධී අලි පැටිය උන්වහන්සේට ලැබුනෙත් . (කෞ)
අලුත් කලාවක් සොයාගත්තා මන් ..... ශේප් වෙන්න ඕනෑනම් බලා ඉන්නේ නෑ ලෙඩක් නැතත් වුනත්..රෝහල් ගත වෙනවා මන් .....(බ)