පැරීසියේ ධම්ම චක්ක දහම් පාසැලේ දරු දැරියන්  ප‍්‍රථම වතාවට නිර්මාණය කල වෙසක් තොරණ ඊයේ (18)  වැනි දා එම විහාරස්ථානයේදි  ප‍්‍රදර්ශනය කෙරිණි.  වැඩි දෙනාගේ ඉල්ලීම මත ලබන සෙනසුරාදා  24 වැනි දා ද  රාත‍්‍රී 08ට නැවත වරක් එම තොරණ හා වෙසක් කූඩු ප‍්‍රදර්ශනය කරන බව විහාරාධිපති කෝ ආනන්ද හිමියෝ සඳහන් කළහ. එදිනට දහම් පාසැලේ දෙමාපියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැරීසියේ ප‍්‍රථම වතාවට සව්කැඳ දන්සලක්ද පැවැත්වේ.