විද්‍යුත් මාධ්‍යවේදියකුට අලුත්කඩේ උසාවියේ දී බැන වැදී මරණ තර්ජන එල්ල කළැයි කියන වරාය සභාපති ධම්මික රණතුංග කෙසෙල්වත්ත පොලිසියට දැන් පැමිණ සිටී.
පොලිසිය ඔහු මීට පෙර කැඳවූ නමුත් නොපැමිණි බවත් ඒ අනුව අධිකරණයට පැමිණිලි කළ බවත් පොලිසිය පවසයි.
විද්‍යුත් මාධ්‍යවේදියකුට අලුත්කඩේ උසාවියේ දී බැන වැදී මරණ තර්ජන එල්ල කළැයි කියන වරාය සභාපති ධම්මික රණතුංග කෙසෙල්වත්ත පොලිසියට දැන් පැමිණ සිටී.
පොලිසිය ඔහු මීට පෙර කැඳවූ නමුත් නොපැමිණි බවත් ඒ අනුව අධිකරණයට පැමිණිලි කළ බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඦන්දෙ දුන්නේ මේවගේ දේවල් අහන්න දකින්න නොවේ.දැන් නම් කලකිරීම ඉස්සර ගානටම නැගල. ගරු අගමැති තුමාටවත් මේවා පෙනෙනවානම්! (රේ)
අපිටත් පුලුවන්ද කාට හරි මරණිය තර්ජනයක් කරලා, පොලිසියෙන් කැඳවීමක් කළොත් පොලිසියේ දොරකඩටම කාර් එකෙන් යන්න ? ඇත්තටම මට ලැජ්ජයි .(අ)
මු ආණ්ඩුවෙන් පිනට ලැබුන අවුඩියක් පෙන්නලා පොලිසිය බයකරනවා . (අ)
මොහාන්,ඔයා මේගොල්ලන්ගේ තාත්තා ගැන හොඳට දන්නේ නැහැ.1971 රජයේ ලොකු අතකොලුවක්.ඒ කාලයේ රටේ කන්න නැහැ.ඔක්කොම සිමා කළා.ඒ තාත්තා සමුපකාරෙයේ සභාපති.ඇති තරම් කෑම ගෙනල්ලා නිවසේ පොලොව යට කාමරයක හැංගුවා.1977 ආණ්ඩුව ආව ගමන් ගමේ මිනිස්සු ඒ කෑම ගබඩාව ගිනිතිබ්බා.(අ)
පාර පෙත්තටත් ෆෑන් දාල තියෙන්නේ .මුන්ට පිස්සුද .(බ)
කිසිම සුදුසුකම් නැති පුද්ගලයෙක් අදාල දරන තනතුරට. (අ)
ඔක්කොම ඩබල් ගෙමී කාරයෝ. (ර)
වරායේ සභාපතිකම් කරන්න සුදුසුකම් තිබෙන වෙන කව්රුවත් නැද්ද? මේකද ඔබතුමාලා පොරොන්දු වුණ යහපාලනය? (නි)
කාරෙක අරගෙන ගියේ පෙන්නන්න වගේ.... (ර)
පොලිසිය යනු රටේ සියලුම ජනතාවගේ බදු මුදලින් පාලනය වෙන ආයතනයක්. සියලුම ජනතාවට දුප්පත් පොහොසත් දෙසපලුවන්ගේ බලපුළුවන්කාරකම් හිතවත් කම් නැතුව එක වගේ සැලකිය යුතු තැනක්. (ර)
වඳුරට කන්නාඩියක් හම්බවුනාවගේ කියල කතාවක් මම අහල තියෙනවා (බ)
මොන වගේ මිනිසුන්ද මේ? නීතියටත් වඩා ඉහළින්ද ඉන්නේ? (නි)
මුන් දෙපැත්ත බෙදිලා අපිව කනවා (රේ)
යහපාලනය ගැහුව පදෙකුත් නැහැ බේරේ පලුවකුත් නැහැ . (රේ)
මිනිස්සු නුවණක්කාර වෙන්න ඕනෑ මෙහෙම අය ගැන තීරණ ගන්නකොට (නි)
අජිත් හරි. මෙයා අහංකාර ලෙස එදා හැසිරුන හැටි අන්තිමයි. එ්කෙන් පෙන්නුම් කළේ ඔහුගේ නුගත්කම. (නි)
මෙච්චර උගත්තු ඉන්නා රටක මොහුට මේ තනතුර දීම යහපාලනයද? එසේ නම් තිත්ත වුණත් අපි අනිත් පැත්තට හැරෙන්නම්. (නි)
මේ පුත්තුටික තාත්තාගේ නම කනවා (අ)
මෙතන තියෙන්නේ සහෝදර බැඳීමක් මට තේරෙන හැටියට (නි)
හරත දෙනාම සවුත්තු වෙලා ගම කනවා (අ)
චන්ඩි ශ්‍යාමා.......(බ)
අර විජේවීරගේ මස්සිනා වගේ මෙයත් (බ)
අපි වගේ සාමාන්‍ය අයට ඔහොම පොලිසියේ දොරකඩින්ම වාහනේට ගොඩවෙන්න පුළුවන්ද? (බ)
මේවගේ දේවල් වලින්වත් ජනතාවට මේ කරන අපරාධ දුෂණ නතරකරන ක්‍රමයක් ඕනෑ කියල හිතෙන්නේ නැද්ද? එක පවුල් පාලනයක් අයින් කරලා දැන් තවත් පවුල් පාලනයක් පත්කරගෙන. (නි)
අවුඩිම ඕනද මහජන මුදලින් යැපෙන සභාපතිලට? සුදුසුකම් නැති මේවගේ පුද්ගලයන්ට සැප දෙන්නද අපි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු පත් කරන්නේ? (බ)
දැන්නම් මේ දෙගොල්ලන්ම අපිට අප්‍රසන්න වෙලයි තියෙන්නේ (නි)
මේ වගේ මිනිස්සු මොකටද ඉතින් පත්කර ගන්නේ? (නි)
හීනමානය කියන එක සුදුසුකම් නැතිව තනතුරු වලට පත් වෙන කට්ටියට තියෙන ලෙඩක්. (බ)
පොඩ්ඩක් හොයලා බලන්න ඕනෑ අපිටත් පොලිසියකට යන වෙලාවකට මෙහෙම වාහනේ දොර ගාවටම ගහන්න පුලුවන්ද කියලා (නි)
වරාය සභාපති කමට පත් කළ අයට මොළය වොෂ් කර ගන්න කියන්න (බ)
රණතුංග ලා කියන්නේ දැන් ලංකාවට පිළිලයක් වුන සෙට් එකක්...(බ)
මේ වගේ බාල මිනිසුන්ද වැජඹෙන්නේ අපේ රටේ උගතුන්ට තැනක් නැති පාසලේ සාමාන්‍ය පෙළවත් පාස් නැති මිනිසුන් ට රට බාරා දුන්නම අපේ රටේ සාමාන්‍ය වැසියට මුහුණදෙන්න වෙන්නේ මේවගේ භීෂණ වලට තමයි ..කව්ද මෙයාලව වරායට පත්කරන්න අවසර දුන්නේ .බුවල්ලක් අරන් එලවන්න ඕනේ මහා මුහුද තියන පැත්ත පෙන්නලා ..? (බ)
මෙන්න මේවා ඉවර කරන්න තමයි මිනිස්සු මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ. මේවගේ මෝඩ මිනිසුන්ට දඩුවම් කළ යුතු අතර පවුල් බලය රාජ්‍ය ආයතන වලින් වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි (බ)
එයාලට හිතුන වෙලාවට වෙන්න ඇති පොලිසියට එන්නේ (නි)
තියෙන චණ්ඩිකමක හැටි. අපි පොලිසියට ගියොත් වාහනේ නැගලා පවර් පෙන්වන්න බෑ. ඈතින් වාහනය නවත්වලා පයින් බඩගාන්න ඕනෑ. (අ)
මේ වගේ ගොන් හරක්ට රජයේ ලොකු තනතුරු දෙන්නේ මොකටද (රේ)
මෙයා මේ අත වන්නේනේ ඡන්ද රැස්වීමකට සෙනග ඇවිල්ලා කියලා හිතාගෙනද. (ර)
හිරු ඔය කොහෙද හිරු... (රේ)
ඒක හොදයි. (ර)
මහජන මුදලින් වැටුප් ලබන ධම්මික රණතුංග මාධ්‍යවේදීන්ට මරණීය තර්ජනය කිරීම බරපතල කාරණයකි. මෙවන් පුද්ගලයන් යහපාලන ආණ්ඩුවක තනතුරු දැරිය යුතු නොවේ. තනතුරු දැරිය යුත්තේ හිට්ලර්ගේ ආණ්ඩුවක ය. අර්ජුන රණතුංග වරායේ ඇමැති වී තනතුරට නුසුදුසු තම සොයුරා ධම්මික රණතුංග වරායේ සභාපති ලෙස පත් කරමින් ඥාති සංග්‍රහය ඉදිරියටත් පවත්වාගෙන යෑම ගැනද යහපාලනප්‍රේමී ජනතාව සිටින්නේ දැඩි කලකිරීමකිනි. (බ)
රණතුංගලා දේශපාලනයට සුදුසු නැත ...(බ)
මොනවද මහත්තයෝ මේ වැඩ ඇත්තට? අපිට නම් ලැජ්ජයි (නි)
“අවුඩි“ එකකින් ඇවිදින් අතත් වනනවා! (නි)
ඔහොම කරපු අයටම තමයි දැන් පස්ස බිම ඇනිලා තියෙන්නේ. කාටත් ඔච්චර තමයි. (නි)
රණතුංගලා කියන්නේ දැන් නම් අපිට එපාවුණ කට්ටියක්.බලන්න සිද්ධවෙන දේවල් (නි)
අපි නම් මෙහෙම දේවල් වලට කියන්නේ රණතුංග පාලනය කියලා (නි)
ගම්පහ මිනිස්සුත් රැවටිලානේ ඉන්නේ. මෙවන් අය ගැන තීරණයක් ගතයුතුයි (නි)
නියම 'තග්ස්ල' එලියට බහින්නේ දැන්නේ......පවුල් පාලනේ ඔය යස අපුරුවට තාමත් රඟ දැක්වෙන්නේ .....(අ)(
කියලා වැඩක් නැහැ රුපවතියේ, මේ අය මේ වැජඹෙන්නේ ජනතා මුදල්වලින් මදිවට අහිංසක මිනිසුන්ට තරජනත් කරනවා. (ර)
චණ්ඩි වෙලා සහෝදරයා ඇමති නිසාද.? (ර)
පත්තර අයියලා ටී වී මල්ලිලාත් ටිකක් ඔලුව ටිකක් අඩු කර ගනිල්ලා (අ)
මේ වගේ අය සභාපතිලා වුණාට පස්සේ වරායේ සේවකයෝ ගැන පවු කියලා හිතෙනවා. කොහොමද මෙවැනි ලොක්කෝ ඉන්න තැනක සාධාරණය අපක්ෂපාතිත්වය සේවකයන්ට ලැබෙන්නේ? මහා ප්‍රතිපත්ති තිබෙනවා කියන "යහ" පාලන නායකයෝ මේවා නොදැක්කා වගේ ඉන්නේ ඇයි? (නි)
දැන් අර රාජපක්ෂලාට බැනබැන හිටපු අය කෝ? බලය ආවම ඔය කොයි එකත් මිනිස්සුන්ට සලකන්නේ ඔහොම තමා. (ර)
ශ්‍රී ලංකා දේශපාලන වේදිකාවේ ජෝකරයෝ වැඩි වෙලා වීරයෝ නැති වෙලා මහා ජනතාව අන්දුන් කුන්දුන් වෙලා!! බබානිස් (බ)
මෙයාට මොකක්ද තියෙන සුදුසුකම (බ)
අර්ජුනගේ නම්බුවත් ඉවරයි මේ වගේ දේවල් වලින් (නි)
ජනපතිතුමනි, අගමැතිතුමනි, මොකද මේ? රට කරවන්න හොඳ උගත් අය රටේ නැද්ද? තව දුරටත් ඡන්දය දුන් ජනතාවට සමච්චල් කරන්න එපා (නි)
පව්..දුක් මහන්සි වෙලා හම්බ කරලා ගත්තු අවුඩි කාර් එක නේද මේ? (බ)
මේ තනතුර දරන්න කිසිම සුදුසුකමක් මෙයාට තිබෙනවද? මේකද යහපාලනය මත අපි බලාපොරොත්තු වුණේ? (නි)
තවත් පවුලකින් ප්‍රවේශම්වන්න (බ)